(ගයාන් සූරිය ආරච්චි)
වෙන්නප්පුව උල් හිටියාව ප්‍රදේශයේ නිවසකට ඊයේ (13) පැමිණි සැකකරුවන් පිරිසක් එහි සිටි මුරකරු ඝාතනය කර නිවසේ තිබූ රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා සුඛෝපභෝගී වෑන් රථයක් කොල්ල කා පලා ගොස් ඇති බව වෙන්නප්පුව පොලිසියිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ මාරවිල මූදුකටුව ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂාන්තන් පෙරේරා නැමති 64 හැවිරිදි පුද්ගලයෙකි.
එම නිවසේ අයිතිකරු විදෙස්ගත වී සිටින අතර මියගිය පුද්ගලයා එහි මුරකරු වශයෙන් සේවය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත.
එම නිවසට ඇතුළු වූ සැකකරුවන් මූලකරුගේ අත පය ගැට ගසා ඝාතනය කර තිබූ බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මුරකරු මරා කෝටි 2ක වෑන් රථයක් කොල්ල කාලා
බක්මීගොල්ල Saturday, 14 June 2025 02:04 PM
මිනිස්සු මෙච්චර කුරීරුද? මිනී නොමරා අරගෙන යන දෙයක් අරන් පලයව්කෝ...! කොහොමත් මොවුන් අහු වෙනවානේ. මිනී මරලා බේරෙනවා කියන්නේ බොරු.
ගුණරත්න Saturday, 14 June 2025 05:53 PM
රටේ නායකයෝ විදේශ සංචාරවල නියැලෙමින් ශෝක් කර කර ඉන්නා අතරේ සාමාන්‍ය මිනිස්සු ගුටි කා වෙඩි කා මැරී යනවා. එක බල්ලෙක් දැන් ඇහැරලා බලන්නේ නැහැ... කොටින්ම කිව්වොත් සාමාන්‍ය දෙයක් වෙලා...
fairoosSunday, 15 June 2025 12:00 PM
ගුණරත්න කොහෙද යන්නේ? මල්ලෙ පොල්...!
DilhanMonday, 16 June 2025 04:21 PM
සහෝදරයා පොලීසිය තියෙන්නේ ඕවාට තමයි.., රටේ නායකයින්ට තියන්නේ නිතී සම්පාදනය කිරීම මිසක් හොරා පොලිස් කිරීමට නොවේ...
කුකුල් චමින්ද Saturday, 14 June 2025 09:06 PM
ගුණපාල ගොට්ට අල්ලන ෆෙරාරි සීයා අගමැති වෙලා ඉන්නැද්දී තමයි, පාස්කු ඉරිදා බෝම්බ මාලාවෙන් තුන්සියයකට ආසන්න ගණනක් අමු-අමුවෙන් එළව ගියේ... සිය ගණනක් තාමත් ඇඳන් උඩ. ඒ කාලේ ගුණපාලයා විදේශ ගතවෙලා ඉන්නැති මගෙ හිතේ...?