(ගයාන් සූරියආරච්චි, සම්පත් සෙනවිරත්න,ජනූර් කිචිලාන් සහ සිසිර නන්දන කැලේගම)
දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ තෝරයාය ප‍්‍රදේශයේ අද උදෑසණ පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් සිව් දෙනකු මියගොස් තවත් 22 තුවාල ලබා ඇතැයි කුරුණෑගල පොලිසිය කියයි. අලුයම 5.00 පමණ මෙම අනතුර සිදුව තිබේ.
මැලිසිරිපුර සිට කුරුණෑගල දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක පිටුපස , මාදුරඔය සිට කොළඹ ධාවනය වූ බසයක් ගැනීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
මැල්සිරිපුර සිට ගමන් ආරම්භ කළ බසය මගීන් නග්ගවා ගැනිම සඳහා තෝර යායේ නවතනවාත් සමග පිටුපසින් ආ මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වූ බසය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
මාදුරුඔය සිට පැමිණි බසයේ ඉදිරි පා පූරුවේ පැමිණි සිවු දෙනකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
බස් රථ දෙකෙහිම ගමන් ගත් තවත් මඟීන් විසි දෙදෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
ඒ අතරින් සිවි දෙනකුගේ තත්ත්වය බරපතල බවත් එක් පුද්ගලයකු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවත් පොලීසිය පවසයි.
මෙම අනතුරට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර පිටුපසින් පැමිණි මාදුරුඔය කොළඹ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.



--------------------------------------------
(ගයාන් සූරිය ආරච්චි)
කුරුණෑගල දඹුල්ල මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් මගීන් 4 ක් මිය ගොස් විස්සකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්ගත කර ඇතිි බව දොරටියාව පොලිසිය පවසයි.
පෞද්ගලික බස් රථයක් මගින් නංවා ගැනීම සඳහා බස් නැවතුම්පොළේ නවතා තිබියදී පිටුපසින් පැමිණි තවත් බස් රථයක් එම බස් රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
පොලිසිය සඳහන් කළේ පිටුපසින් පැමිණි බස් රථයට එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. දොරටියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
බස් ගැමුණුවට දුටු තැන ගහන්න ඕන. මේ මිනිස්සුන්ගේ මරණ වලට වග කියන්න ඕන.. අහිංසක මිනිස්සු පව්. පොලීසියෙන් සිවිල් ඇදුමෙන් බස්වල වැරදි හෙව්ව එක ඉතාම හොද දෙයක් . බස්කාරයො මොකක්ද කිව්වෙ. එමෙ කරොත් ස්ට්‍රියික් කරනවා කියලා මුන් ඒක නැති කරා.
මෙය පුද්ගලික බස් මාෆියාවේ රියදුරන් නිසා මගීන් මිය ගිය දහස් ගණනින් එකකි. ඔවුන් උසාවියක විභාග කරන අතර දඩ සහ රියදුරු බලපත්‍රය හැකි උපරිමයෙන් රාජසන්තක කරනු ලැබේ. මෙවැනි වාහන අනතුරකින් මියගිය අයට මෙය සාධාරණයක් නොවේ. රියදුරු වෙනත් වාහනයක් පදවයි. ශිෂ්ට සමාජයක, මගීන් ඇතුළු වාහනයක් රක්ෂණය කර ඇති අතර, මරණයකදී මගියාට රක්ෂණයක් පවා ගෙවනු ලැබේ. මගීන් සහ මගීන් ආරක්ෂා කිරීමට බොහෝ දේ කළ යුතුය. හඳුන්වා දිය යුතු දැඩි නියාමනය. අගමැතිතුමා කඩේ යාමේ කාර්යබහුල වන අතර අන් අය ලයික්වලින් ජනතාව රවටා වංචා කළ හැකි ජනතාවගෙන් ඡන්දය ලබා ගැනීමට ඉදිරියෙන් සිටින NPP වහල් ආණ්ඩුවකින් අපට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද? ශ්‍රී ලාංකේය දේශපාලනඥයන් සහ මහජනතාව යනු බොරුවෙන් සහ උපක්‍රමවලින් අනෙකා විසින් එක හා සමානව රැවටෙන බූරුවන්ය.
හොඳ දෙයටත් අකමැති කමන්ට් දාන බලකායට කියන්න තියෙන්නෙ දවසක ප්‍රයිවෙට් බස් එකක රවුමක් යන්න කියල.ඒ අය අකමැතියි බස් කාරයන්ගෙ විනය හදනවට. රජය ඒක කරණකොට හෙළා දැකල සමච්චල් කරල , ඒකට වඩා තව එිව තියෙනව කියල වැළලෙන්න හදනව, හැබැයි මාසෙකට යුද්ධයට වඩා මිනිස්සු මැරෙනව. තමුන්ල පොළඹවන අය ඔය බස්වල නොයන බව සිහිපත් කරගන්න, තමුන්ලගෙ සනුහරේටම සදාකල් උරුම සාමාන්‍ය බස් තමයි ඒක හරියට හදනවට එරෙහි වෙන්න එපා.
බස් ගැමුණුවගෙන් සහ කොන්ද පන නැති පොලිස් දෙපාර්තමේන්තුවෙන් මේවට වන්දි අයකර ගත යුතුයි.
රජය පෞද්ගලික බස් සේවකයින්ගේ මාර්ග හැසිරීම පාලනය කළ යුතුයි. රජය පොලිසියට සම්පූර්ණ බලය ලබා දිය යුතුයි, ඔවුන්ගේ තර්ජනවලට හිස නොනැමී. අපට අවශ්‍ය වන්නේ තමන්ගේ ජනතාව බලා ගත හැකි රජයක්.
තරඟය. ඉස්සරහින් යන රථය ඉස්සර කරන්නමයි දඟළන්නෙ . බස් එක සෙනඟින් පිරිලත් සෑහීමක් නෑ. තව තවත් ඔබාගන්න හදනවා. සිහියක් නෑ. ඉස්රහ රථය නතර කළ ගමන් ගිහින් හැප්පුනා. රටේ සියලු නීති යාවාත්කාලීන වෙන්න ඕන. ඒවා ක්රියාත්මක වෙන්න ඕන. නැතිව මේවා හදන්න බෑ. බස් ගැමුණුලාට ඕන විදිහට ගියාම මෙවැනි ඛේදවාචක තමයි අහන්න දකින්න වෙන්නෙ.
ඉස්සරහා බස් රථය මේ පාරේ යන විනීත බස් රථයක්.
මේ වගේ වෙලාවට මගීනුත් ඔහේ සද්ද නැතිව යනවා ඩ්‍රයිවර්ට ඕනේ විදියට නටන්න දීලා, ඇක්සිඩන්ට් වුණාම ලොකුම ඩැමේජ් එක වෙන්නේ තමුන්ට කියලා තේරුම් අරගෙන ඔය වගේ ඩ්‍රයිවර්ලාට තමන්ගේ විරෝධය පෙන්නන්න මගීනුත් දැනගන්න ඕනේ. ඔය බස්වල යන කිසිම කෙනෙක් කවදාවත් පොලිසියට හරි, මගී ප්‍රවාහන අධිකාරියට හරි පැමිණිලි කරලා තියනවාද? ඔය වගේ එවුන්ව හදන්න ඕනේ ඒ වැරැද්ද කරන වෙලාවේම, ඇක්සිඩන්ට් වුණාට පස්සේ නොවෙයි.
රටේ මහාමාර්ග වල විනය හා නීතිය ක්‍රියාත්මක කරන්න හදන විට වැළළුණු දාර බයි කල්ලිය දැන් මාලිමා ආණ්ඩුවට මේවා පාලනය කරන්න බැහැ කියලත් වැළලෙනවා...
තමන්ගේ එඑකෙක් මැරෙන තුරු , අනික් හැමෝම මේවායේ නිරීක්ෂකයෝ පමණයි. බස් රියදුරු කොච්චර වැරදි කළත්, ඒකට විරුද්ධව වචනයක් කියන මිනිහෙක් හොයාගන්න පුළුවන්ද? ඔහේ පාඩුවේ අඳ ගොලු බිහිරෝ වගේ යනවා. නීති තියෙනවා කියලා මේවා වලකින්නේ නැහැ. මිනිස්සු එක්වෙලා ඒ මොහොතේම මේ වැරදි කරන රියදුරන්ට විරුද්ධ උනොත්, මේවා අඩු කරගන්න පුළුවන්.
සතිපතා නැති වෙන ජීවිත වල වගකීමක් ගන්න කවුරුත් නැති හැටි. මග මරුවෝ තමාගේ හිතුමතේ වැඩ. අහිංසක ජීවිත 10-15ක් සතියකට අහිමි වෙනවා. මගී සංවිධානයවත් නැහැ මේවට කතා කිරීමට.
දන්න කවුරුහරි කියනවාද, මගී ජීවිත 70k-80k ගෙනයන බස් එකක රියදුරෙක් වශයෙන් කටයුතු කිරීමට, ලංකාවේ තිබිය යුතු සුදුසුකම් සහ දියුණු රටක ඒ සේවය සාපේක්ෂව තිබිය යුතු සුදුසුකම් මොනවාද කියලා? මේ අපරාධ වල මුල නොසුදුසු පුද්ගලයින්ට මගී ප්‍රවාහ බලපත්‍ර දීම සහ පදවන්න ලයිසන් දීමයි. බස් එකක් එළවන්න තියෙන ආසාවට බස් ගන්නවා මිතක්, මිනිසුන්ගේ වගකීමක් ගන්න දන්නේ නැති පිරිසක් තමා ලංකාවේ ප්‍රවාහනය හසුරුවන්නේ.
අසේල, රජය පොලීසිය ඒක කරන්න හැදුව, තමුන්ලගෙ ලොක්කොත් උන්ට අනුග්‍රහය දක්වන මාධ්‍ය කියන උනුත් තමයි රජයට බාදා කලේ. දැන්වත් රජයට මුන් මර්දනය කරන්න ඉඩදීල නිහඬව ඉන්න කියන්න තමුන්ලගෙ නායකයන්ටත් අර මාධ්‍ය කාරයන්ටත්
ගැමුණුව අපිම බලාගමු. බස්වල සෙල්ලම් බස්වල යන අපිම පාලනය කරමු. මේව මෙහෙම වෙන්න දෙන්න බෑ..
නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න බැරි නම්, බස්වල යන අපිම තමයි ඔය වගේ කාලකන්නි ඩ්‍රයිවර්ලට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. ඇක්සිඩන්ට් වෙන්න කලින්, වුණාට පස්සේ කතා කරලා වැඩක් නෑ. හයි ස්පීඩ් යනකොට, රේස් යනකොට වැරැදි ලේන් එකේ යනකොට අපිම විරෝධය පෙන්නන්න ඕනේ. ඩ්‍රයිවර්ලාට වයස් සීමාවක් දාන්න ඕනේ... පලපුරුද්ද , විනය බලන්න ඕනේ, අනික මෙහෙම වුණාම කිසිම විදියකට ආපහු බස් පදින්න බැරි වෙන්න ලයිසන් කැන්සල් කරන්න ඕනේ. ඊට වඩා හිරේ දාන්න ඕනේ, සාපරාදී මිනීමැරුම් චෝදනාවට. (බස්වලත් ප්‍රශ්න තියනවා, සමහර බස් වල ටේල් ලයිට් වැඩ කරන්නේ නෑ, කලුවර වෙලාවට නවත්තලා තියනවා පේන්නේ නැහැ. ඉස්සරහින් ගිහින් එකපාරට බේක් කරනවා, ලයිට් නැත්තම් නැවැත්තුවා කියලා පේන්නේ නෑ. පිටිපස්සෙන් යන එක දුර තියන් ගියේ නැත්තන් වදිනවා. මේ හැම දෙයක්ම හරියට නැතිනම් පාරට දාන්න නොදෙනවා නම් ප්‍රශ්න ගොඩක් විසඳෙනවා.