( පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ඩබ්ලියු. හියබට් ප‍්‍රනාන්දු)
නීති විරෝධි අන්දමින් මුහුදු මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවේ සංක‍්‍රමණය වීමට උත්සාහ දැරීමෙන් සිදුවිය හැකි විපත් හා දිගු කාලීන ප‍්‍රතිවිපාක ගැන අනතුරු ඇගවීමේ ප‍්‍රයන්තයට එක්වන ලෙස ඕස්ට්‍රේලියාවේ ස්වෛරී දේශ සීමා ඒකාබද්ධ මෙහෙයුම් අණ දෙන නිලධාරි මේජර් ජනරාල් කේ‍්‍රග් ෆුරිනි මහතා අද( 3) මීගමුව පිටිපන ධීවර තටාංගනයේදී ශී‍්‍ර ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් කළේය
ෆුරිනි මහතා මේ ඉල්ලීම කළේ අද (3) පෙරවරුවේ ධීවර තටාංගනයේ චාරිකාවක යෙදී නිරීක්ෂණය කිරීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ෆුරිනි මහතා මෙසේද පැවසීය.
2013 වසරේ සැප්තැම්බර් මාසයේදී තම රජය ශ්‍රී ලංකාව හා එක්ව ස්වෛරී දේශ සීමා වැඩ සටහන ආරම්භ කිරීමෙන් පසු මිනිස් ජාවාරමේ යෙදුනු බෝට්ටු දොළහක පුද්ගලයන් 204 දෙනෙකු ඕස්ටේරලියාවට ඇතුලූවීමට ඉඩ නොදී සාර්ථක ලෙෂ හරවා එවා තියෙනවා.
ඵලදායී සම්බන්ධතා පවත්වමින් දෙපාර්ශවය එක්ව මිනිස් ජාවාරමට එරෙහිව කටයුතු කරනවා. එසේම මිනිස් ජාවාරම්වලට හසුවිය හැකි පුද්ගලයන් දැනු්ම්වත් කිරීමටත් මිනිසුන් මුහුදේදී මියයාම වැලැක්වීමටත් කටයුතු කර තියෙනවා. ඕස්ටේරලියානු බලධාරීන් පසුගිය මාසයේදී සංක‍්‍රමණිකයන් 11 ක් රැගත් යාත‍්‍රාවක් අත්අඩංගුවට ගෙන ආපසු ශී‍්‍ර ලංකාවට හරවා එව්වා. එම පුද්ගලයින් ලක් රජයට බාරදී පරීක්ෂණ පැවැත්වෙනවා.
අපේ රටේ දැඩි දේශ සීමා ආරක්ෂණ ප‍්‍රතිපත්තිවලින් අදහස් වන්නේ නීතියට පිටින් බෝට්ටුවෙන් ගමන් කරන කිසිවෙකුට ඕස්ටේරලියාවේ ජීවත්වීමට හෝ සේවය කිරීමට අවස්ථාව නොලැබෙන බවයි. මෙසේ කිරීමෙන් නිත්‍යානුක-ලව සංක‍්‍රමණය විමේ අවස්ථාවද අහිමි වෙනවා.
ඒ නිසා මේ සම්බනධව ජනතාව දැනම්වත් කිරීමට මාධ්‍ය මගින් වෙළෙධ දැන්වීම් ඔසසේ පියවර අරගෙන තියෙනවා. මෙම ප‍්‍රචාරක වැඩ පිලිවෙළ යටතේ චිත‍්‍රපට උළෙලක් සංවිධානය කිරීමට අදහස් කරනවා. ඒ සදහා ලංකික නිෂ්පාදකයන්ටද අවසථාව ලැබෙනවා.
නීති විරෝධි මුහුදු චාරිකා යනු සිය ජීවිත පරදුවට තබැබීමට හෝ මුදල් නරපරාදේ නාස්ති කිරීමට තරම් වටිනා දෙයක් නොවෙයි. ඒ බව ශ‍්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාවට තේරුම් කිරිමට අප ගන්නා උත්සාහය නතර කරන්නේ නැහැ.
මේ අවස්ථාවට ඔස්ටේ‍්‍රලියානු මහ කොමසාරිස් ඬේවිට් හොලි, ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ මෙහෙයම් අධ්‍යක්ෂ ජනරාල් රියාද් අද්මිරාල් එන්.පී.එස්. ආටිගල යන මහත්වරුන් ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.


2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට එන්න එපා ‘
sunil Tuesday, 03 September 2019 10:54 AM
අද මිනිසුන් මොනයම් මාර්ගයකින් හෝ රටින් පැනයාමට උත්සාහ කරන්නේ.. තවදුරටත් ලංකාවේ ජීවත්ව සිට දියුණුවක් විය නොහැකි යන බලාපොරුත්තු සුන්වීම නිසයි. සැමටම සියලු සුදුසුකම් සපුරා වීසා ගාස්තු ගෙවා ඕස්ට්‍රේලියාව වැනි රටකට ඇතුල් විය නොහැක. බොහෝ ලාංකිකයින් පිටරටවලදී ඉතා මහන්සියෙන් වැඩකර ජීවත්වෙන බව මා දැක තිබේ. එබැවින්, මේ දුෂ්කර මාර්ගයෙන් ඕස්ට්‍රේලියාවට පැමිණෙන අය එම රටට වැඩදායී පුද්ගලයින් විය හැකියි.
sunil Tuesday, 03 September 2019 10:54 AM
අද මිනිසුන් මොනයම් මාර්ගයකින් හෝ රටින් පැනයාමට උත්සාහ කරන්නේ, තවදුරටත් ලංකාවේ ජීවත්ව සිට දිව්නුවක් විය නොහැකි යන බලාපොරුත්තු සුන්වීම නිසයි. සැමටම සියලු සුදුසුකම් සපුරා විසා ගාස්තු ගෙවා ඔස්ට්‍රේලියාව වැනි රටකට ඇතුල් විය නොහැක. බොහෝ ලාංකිකයින් පිට රටවලදී ඉතා මහන්සියෙන් වැඩකර ජීවත්වෙන බව මා දැක තිබේ. එබැවින්, මේ දුෂ්කර මාර්ගයෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන අය එම රටට වැඩදායී පුද්ගලයින් විය හැකියි.