කලාඔයේ සිර වී සිටි 40ක් බේරා ගැනෙති රාජාංගනය, කලා ඔය ප්‍රදේශයේ නිවසක වහලය මත රඳවා සිටි පිරිසෙන් 40 දෙනකු මේ වන විට බේරා ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාණ්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය. 29 November 2025
කොළඹ - මහනුවර මාර්ගයත් යක්කලින් යටවේ කොළඹ මහනුවර මාර්ගයෙ යක්කල මහවිට ප්‍රදේශයෙන් මේ වන විට සම්පූර්ණයෙන්ම යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 29 November 2025
‘‘කැලණි ගං නිම්නයෙන් හැකි ඉක්මනින් පිට වෙන්න‘‘ කැළණි ගංඟා නිම්නයේ පහත් බිම් ප්‍රදේශ වලට මෑත ඉතිහාසයේ ඇති නොවුණු මට්ටමේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් වහාම ඒ පෙදෙස් වලින් ඉවත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 28 November 2025
කොළඹටත් මහා ගංවතුර අනතුරු ඇඟවීම් කැලණි ගංගා නිම්නයේ පහත් බිම් වලට මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. 28 November 2025
ආපදාවෙන් මරණ 30යි : 21ක් අතුරුදන් අධික වැසි, තද සුළං සහ ගස් කඩා වැටීම අකුණු අනතුරු සහ ජල ගැලීම් ඇතුලු දිවයිනට බලපා ඇති ආපදා තත්වය හේතුවෙන් පැය 24 ක් තුළ දිස්ත්‍රික්ක 5 ක මරණ 30 ක් සිදුවී තවත් 10 ක් තුවාල ලබා 21 ක් අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 27 November 2025
බදුල්ල - මහනුවර ආපදාවලින් 24ක් මරුට:තවත් පිරිසක් අතුරුදන් බදුල්ල සහ මහනුවර දිස්ත්‍රික්කවල සිදු වූ නාය යාම් හේතුවෙන් 24 දෙනකුට අධික පිරිසක් මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකණ මධ්‍යස්ථානය කියයි. 27 November 2025
අද හෙට උසස් පෙළ නොපැවැත්වේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපොස උසස් පෙළ විභාගය අද 27 සහ හෙට 28 දෙදින තුළ නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනය කරයි. 27 November 2025
දෙහිබාලේ මල්ලීගේ කෝටි 25ක දේපොළ තහනම් විදේශග තව සැඟව සිට දකුණු පළාතේ ප්‍රබල අපරාධ වල යෙදෙමින් මනුෂ්‍ය ඝාතන මත්ද්‍රව්‍ය මෙන්ම ගිනි අවි ජාවාරම සිදුකරන පටබැඳි මද්දුමාගේ ශෙහාන් සත්සර හෙවත් දෙහිබාලේ මල්ලි නමැති සංවිධානාත්මක අපරාධකරුට අයත් රුපියල් කෝටි 25 කට අධික වටිනා දේපල තහනමට ලක් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි. 26 November 2025
රෝහිත ඇතුළු 20 ක් නැවත පොහොට්ටුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුව) ඉවත්වූ හිටපු අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු ඇතුළු එම පක්ෂයේ හිටපු ප්‍රබලයන් 20 කට අධික පිරිසක් ලබන ජනවාරි මස නැවතත් එම පක්ෂයට එකතු වන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (25) ‘ලංකාදීප’යට පැවසීය. 25 November 2025
අත්අඩංගුවට ගන්නා විස මත් එවේලේම වනසන නීති ගෙනෙයි අත්අඩංගුවට ගන්නා විෂ මත්ද්‍රව්‍ය ඒ අවස්ථාවේ දීම විනාශ කිරිම සඳහා නව නීති ලබන මාර්තු මාසය වන විට සම්පාදනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දුන්නේ ය. 25 November 2025
තරුණයකු ඝාතනයට දස දෙනෙක් පෝරකයට වසර දාහතරකට පෙරදී තරුණයකු අමානුෂික අයුරින් ඝාතනය කළ කාන්තාවන් තිදෙනකුට සහ පිරිමින් හත්දෙනකුට ඇඹිලිපිටිය පූර්වගාමි මහධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා අද මරණ දඩුවම නියම කළේය. 24 November 2025
කඩුගන්නාවේ කොන්ක්‍රිට් සුන්බුන් අතර සිරවී දිවි බේරාගත් නිශාන්ති මම හිර වේලා හිටියේ බිම් දෙකක් අතර මට හුස්ම ගන්න කියන්න පුළුවන් මට්ටමේ තමයි හිටියේ එතන පරතරයක් තිබුණා ඒ නිසා පහසු වුනා. මම ඇතුලේ එහෙට මෙහෙට වෙන්න ගිහින් තමයි අත කැපුණේ ඊට අමතරව බොයිලෙරුවේ වතුර හැලිලා කකුල ටිකක් පිච්චුනා යැයි පහළ කඩුගන්නාවේ නාය ගිය කඩයේ සුන්බුන් අතර සිරව සිට දිවි ගලවා ගත් දන්තුරේ චන්ද්‍රිකා නිශාන්ති මහත්මිය පැවැසුවාය. 23 November 2025
හෘද රෝගීන් 9600 සැත්කම්වලට පෝලිමේ කොළඹ ජාතික රෝහලේ ‘බයිපාස්’ හෘද සැත්කම් සඳහා 9600කගේ දිගු පෝලිමක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. 23 November 2025
කඩුගන්නාවේ කළුගලට යටවූ පහක් මරුට පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නිවසක් සහ තේ කඩයක් මතට කඩාවැටුණු විශාල ගල් පර්වතයට සහ පස් කන්දට යටවීමේ මේ වන විට පස් දෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය කියයි. 22 November 2025
කළුගල් කඩා වැටී කඩුගන්නාවෙන් පාර වැහේ මහනුවර පහළ කඩුගන්නාවේදී විශාල කළුගලක් සහ පස් කන්දක් කොළඹ -නුවර ප්‍රධාන මාර්ගයට කඩා වැටීමෙන් වෙළඳසැල් සහ වාහන කිහිපයකට හානිසිදු වී ඇතැයි පොලීසිය කියයි. 22 November 2025
ගිංගඟ පිටාර ගලයි නාවික හමුදාව සීරුවෙන් ගිංගඟ පෝෂණ කලාපවලට සිකුරාදා 21) රාත්‍රීයේ ඇදහැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගිං ගඟ පිටාරගලා නාගොඩ, මාපලගම, උනන්විටිය සහ උඩුගම ආදී ප්‍රදේශ රැසක පහත්බිම් සහ මාර්ග ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 22 November 2025
’’පළමු අවස්ථාවාදීම ආණ්ඩුව පෙරළනවා’’ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුව බොරුව නවතා ජනතාවට වැඩකළ යුතු බවත් එසේ නොවුණහොත් ලැබෙන පළමු අවස්ථාවාදීම ආණ්ඩුව පෙරළන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (21) පැවැසීය. 21 November 2025
පොලිසිය රැස්වීම් භූමියෙන් පිට විකාශන යන්ත්‍ර ගලවයි ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය දක්වමින් විපක්ෂයේ පක්ෂ රැසක සංවිධානයෙන් නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී දැන් පැවැත්වෙන ‘මහා ජන හඬ’ ජන රැළිය පැවැත්වෙන භූමියෙන් පිටත තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර පොලිසිය රැළිය ආරම්භ වීමට පැය කීපයකට පෙර ඉවත් කළේය. 21 November 2025
ලෙකෝ සභාපතිගේ කෝටි අටේ වාහනය නවතී ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) සභාපතිවරයාට රුපියල් කෝටි අටක් වටිනා අති සුඛෝපභෝගී බෙන්ස් රථයක් ගෙන්වීමේ ඇණවුම අවලංගු කිරීමට උපදෙස් දුන් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20) පැවැසීය 21 November 2025
‘‘විස මතට හිත ගිය දේශපාලන පෙරමුණ පරාජය කරනවා‘‘ විස මත තුරන් කිරීමේ සටනට එරෙහිව නැගිටින දේශපාලන පෙරමුණ දේශපාලන වශයෙන් පරාජය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටම එකට මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ දකුණු පළාත් වැඩසටහනේදී අද (20) පැවසීය. 20 November 2025
කෝටි 10 ක් කොල්ල කෑවාට සුරාබදු කෝප්‍රල්වරු දෙකක් දැලේ නීත්‍යානුකූල වැටලීමක් කරන මුවාවෙන් කොළඹ 11 හෙට්ටිවිදිය රන් භාණ්ඩ අලෙවිසැල් දෙකකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයකට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියට තවත් සුරා බදු කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 20 November 2025
පවුලක්ම මරන්න ආ වෙඩික්කරු මාට්ටු දැනට රක්ෂිත බනධනාගාරගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට අයත් බව කියන හෝටලයකට ගොස් තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත වැලිගම ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක හිමිකරු ඇතුළු පවුලේ 8 දෙනකු සමූල ඝාතනය කිරීමට පැමිණි බව කියන සැකකරුවකු සහ ටී 56 ගිනි අවියක්, 38 වර්ගයේ ගිනි අවියක් සහ අත්බෝම්බයක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පවසයි. 19 November 2025
නාමල්ගේ නීති උපාධි සහතිකයට මැතිසබය ඇවිළෙයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ එංගලන්ත නීති උපාධි සහතිකයේ සැක සහිත තැන් සම්බන්ධයෙන් වෙබ් අඩවි ගණනාවක් කරුණු ඉදිරිපත් කර ඇති හෙයින් මැතිසබේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා ඔහු ඒ ගැන ප්‍රකාශයක් කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 November 2025
බදුලු දුම්රියට ගල් පර්වතයක් වැටේ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියට ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දී අද (19) අලුයම විශාල ගල්පර්වත කඩා වැටීමෙන් දුම්රිය එන්ජිම ගල්පර්වත අතර සිරවී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 19 November 2025
වෙඩි පහරින් අඹුසැමි යුවළ මරුට තංගල්ල උණාකූරුව වැව අසල දී අද (18) යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අඹුසැමි යුවලක් වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 18 November 2025
කතානායකට - නියෝජ්‍ය ඇමැති හතකට ඇමැති බංගලා ඇමති නිල නිවාස 08ක් කතානායකවරයාට සහ නියෝජ්‍ය මාධ්යවරුන් හත් දෙනකුට ලබාදී ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2025
‘ලෙකෝ’ සභාපතිට කෝටි 8 ක සැප රියක් ඇනවුම් කරලා? ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ‘ලෙකෝ’ සභාපතිවරයාට වර්තමාන ආණ්ඩුව යටතේ රුපියල් ලක්ෂ 800 ක් හෙවත් රුපියල් කෝටි 8 ක් වටිනා අති සුඛෝපභෝගී කාර් රථයක් ඇන්වුම්කර ඇති බවත් එම කාර් රථය ඉදිරි දින කීපයේ මෙරටට ළඟාවීමට නියමිත බවත් ‘ලෙකෝ’ සමාගමේ සේවකයෝ පවසති. 18 November 2025
කබ්රාල්ට එරෙහි පෙත්සමක් විසි වෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව සඳහන් කරමින් ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් මිලියන 6.5 ක මුදලක් ඉමාඩ් සුබේරි නැමති ඇමරිකානූ ජාතිකයෙකුට ගෙවීම තුළින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පිරිසක් සිය මූලික මිනිස් අයිතිවාසිකම් කඩකර ඇතැයි චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය 17 November 2025
මතට තිත තියන්න අලුත් චක්‍රලේඛ මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවිමට සියලු රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කරන බව ම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද කළුතර දී පැවසිය. 16 November 2025
වරායේ ඉදිකිරීම් පමාවට කොන්ත්‍රාත්කරුට කෝටි 423ක වන්දියක් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවීම සම්බන්ධයෙන් කෝප් කමිටුවේ අවධානය යොමු වී ඇත. 15 November 2025
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026