ඉඩමක් ඉල්ලා හිටපු ආණ්ඩුකාරවරියගේ සැමියා ප්‍රා.ලේට මරණ තර්ජන කරලා
ආයෝජන ව්‍යාපෘතියක් සඳහා වෙන් කෙරුණු නුවරඑළිය අඹේවෙල ප්‍රදේශයේ අක්කරයක පමණ වටිනා ඉඩමක් තමන්ට ලබා දෙන ලෙස පවසා හිටපු ආණ්ඩුකාරවරියකගේ සැමියා තමාට දුරකතනයෙන් මරණීය තර්ජන කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතා නුවරඑළිය මූලස්ථාන පොලිසියට සහ නුවර එළිය දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ඊයේ(30)පැමිණිලි කළේය.