(අංජුල මහික වීරරත්න)
පාඩු ලබන සංස්ථා හා මණ්ඩල වෙත ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබුණ ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබේ.
ජනාධිපතිවරයා ඉහත ආයතන දෙකේ සභාපතිවරුන්ගෙන් මෙලෙස කරුණු විමසා ඇත්තේ රජයේ චක්‍රලේඛවලට පටහැනිව ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවූ බවට ලැබුනු වාර්තාවක් පදනම් කරගෙනය.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාස දෙකක වැටුප් එහි සේවකයන් වෙත ගෙවා ඇති අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය එහි සෑම සේවකයෙකුටම රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රසාද දීමනා (බෝනස්) ලෙස ගෙවා ඇතැයි ද ජනාධිපති වෙත බාර දුන් වාර්තාවේ දක්වා තිබේ. මුදල් අමාත්‍යංශය චක්‍ර ලේඛයක් මගින් මෙම දැනුම් දීම කර තිබුණත් ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් තෙල් සංස්ථාව ලාබ ලබන බව පෙන්වමින් මෙලෙස ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි සඳහන් වේ. මේ වෙනුවෙන් රුපියල් කෝටි එකසිය විස්සක මුදලක් වැය කර ඇතැයි ද ලාබ ලබන බව පෙන්වා ඇත්තේ සංස්ථාවේ ඇති ණය ඇතුළත් නොවු වාර්තාවක් යටතේ බව ද දැනගන්නට තිබේ.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයක් 4200ක් සිටින අතර මොවුන්ට මාස දෙකක වැටුපක් මෙලෙස ප්‍රසාද දිමනා (බෝනස්) ලෙස ගෙවා ඇත. එහි ඉහල නිලධාරීන් අතර රුපියල් ලක්ෂ 5 ක මාසික වැටුප් ලබන නිලධාරීන් ද සිටින බැවින් යම් යම් නිලධාරීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවා ඇතැයි ද වාර්තාවේ. එලෙස ලක්ෂ ගණනින් බොහෝ පිරිසක් ප්‍රසාද දීමනා (බෝනස්) ලබා ගැනීම නිසා ඉහත මුදල වැයවී ඇතැයි ද සඳහන්ය.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවකයන් 5800 ක් සිටින අතර ඔවුන්ට 13 වෙනි මස වැටුප ලෙස සදහන් කරමින් සේවකයෙකුට රුපියල් ලක්ෂය බැගින් ගෙවා තිබේ. ඒ අනුව රුපියල් කෝටි 58 ක් මේ වෙනුවෙන් වැය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පාදක කරගනිමින් මෙලෙස 13 වෙනි මස ලෙස දක්වා ප්‍රසාද දීමනා ගෙවීම අනුමත කර ඇතැයි ද ජනපතිට දුන් වාර්තාවේ දැක්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකන්නි , ආයතන ටික කාල හප කරලා දැම්ම මදිවට බොනසුත් අරගෙන රටට බරක් වෙලා. සභාපතිලා හිරේ දාන්න ඕනේ ,පෙට්රෝල්.ඩීසල් ටික වැඩි කරලා උන්ට බෝනස් දෙන්නේ ඇමති හොරා කාපුවගෙන් ද ?
ජනතාවට දරාගත නොහැකි ජීවන බරක් පවතින අවස්ථාවක පාඩු ලබන ඛනිජ තෙල් සහ ශ්‍රී ලංකන් ආයතන සේවකයින්ට ප්‍රසාද දීමනා ගෙවීම අදහාගත නොහැකි තත්ත්වයකි.
ඔය ගෙවීම් සැලැස්මක් මත කරන දෙයක් මිස, කිසිවෙකු නොදැන එක වරම සිදු වෙන දෙයක් නොවේ. දැන් ඉතින් අශ්වයා පැන ගිය පසු ගේට්ටුව වසා දැමීමයි කරන්ට යන්නේ. අන්තිමට මේවයේ බර, විදුලි බිල් හරහා මහජනයා මත දැමීමයි දේශපාලකයින් සිදු කරන්නේ.
රනිල් බබාද? අපිට තමයි බබා හුකුං... හොරු සමග රනිල් හෙලුවෙන්...
අනුර කුමාර ඇතුලු යුනියන් කාරයො පත්කරපු සභාපතිලද මේ බෝනස් ගෙවල තියෙන්නෙ? දුන්නම නොගන්නා අයෙක් නැතිව ඇති, ඒක නිසා තවදුරටත් සේවකයන්ට දොස් නොතබා තම තමන් මාරුවෙන් මාරුවට පත්කල රජයන් විසින් පත්කල සභාපතිවරු, අධ්‍යක්ෂ වරුනට දොස් තියන්න.
ඒත් මේව පෞද්ගලීකරණය කරන්න එපා කියල කෑගහන තිරිසන්නු පිරිසක් තාමත් ලංකාවෙ ඉන්නව.
සීනි, මහ බැංකුව, මිග් ආදී මෙකී නොකී දේ ගැනත් නිදහසට කරුණු ලඟදීම විමසනු ඇත. එයා හරි සැරයි.
දීපු බෝනස් වැටුපෙන් කපා ගන්න. මේ කවුරුත් හුරතල් කළයුතු වෙලාවක් නොවෙයි. හරි හැටි නම් මූලික වැටුපෙ පමණක් ගොවා රට අගාධයෙන් ගොඩ ගත යුතුයි. දේශපාලකයන්ට බැන්නට නිලධාරීන් මේ සියලු ව්‍යසනවලට තීරය පිටුපස ඉන්නවා.
Main reason for current situation of the country is government officers and not only politicians. They suck each and every cent of their organizations. If need to build this economy first thing is to privatize those institutions.
ලෙහෙසියෙන්ම කරන්න පුළුවන්දේ තමා සභාපතිවරු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයම වැටුප් දීමනා හා පහසුකම් සම්පූර්ණයෙන්ම නවතා වැඩතහනමකට යටත් කොට විගනිකාධිපති වාර්ථාවක් කැඳවීමයි.
සභාපතිලගෙන් එම මුදල් අයකරගන්න. ඕවා විකුණන්නේ නැතිව හරියන්නේ නැහැ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය නම් ආරම්භයේ සිටම රටට ලොකු බරක් වුණා. එහි සභාපතිත් ජනාධිපති නියෝග නොසලකා හරින තත්වයක් තමයි පෙනෙන්නනේ. රට තවත් වලපල්ලට.
එන්න අපි බදු ගෙවමු.
දේශපාලුවනන්ගෙ ඇම්බැට්ටයො රටට කෙලවන්න හරි ආසයි ඇයි රනිලෝ ඕව විකුනල දේශපාලු 225 යි නිලධාරි ඇම්බැට්ටයන්ටයි බෙදල නොදෙන්නෙ.
දේශපාලුවන්ගෙ හපන්කම් තමයි රනිල් මහබැංකුව කඩල බෙදාගත්තවගෙ ඕව විකුනල 225 යි නිලධාරි කියන හොරු ටිකට බෙදල දෙමු ප්‍රශ්නයක් නැ.ශ්‍රී ලංකාවෙ නීතිය දැන් හැටපට්ටම් ඕයි'
Leave Sri Lankans, petroleum employees are not doing a challenging job. Just Import and distribute the oil. What especial skills do they have to expect more than salary? Do they face any challenges when selling the fuel? Do they do oil exploration?
මේවා ගැන අනුර මහත්තය දන්නේ නැතුව ඇති. දන්නවනම් මෙයා තමයි මුලින්ම මේවා හෙළි කරන්නේ. එතකොටනේ මහජනතාවට ඒ පිළිඹඳ පරීක්ෂණයක් කරන්න පුළුවන් වෙන්නේ. එයා රටවත් ගිහින්ද මන්දා... අසරණ මිනිස්සුන්ට තව බදු වැඩිකරලා හරි ඒවා ගෙවන්න කොහොම හරි. ඒගොල්ලෝ ජීවත් වෙනවා ඇත්තේ බොහොම අමරුවෙන්නේ. ආයතන ගැන එදා ඉඳලා හිතපු කෙනෙක් නැහැනේ. හිතුවනම් මෙහෙම වෙයිද.
මේ වගේ නිලධාරීන්ට දඬුවමක් දීලා එළියට දාමන්න. තවත් තියාගෙන නම් ඉන්න එපා ජනාධිපති තුමනි. අනෙක් හොරුන්ටත් පාඩමක් ඉගෙන ගන්න එළියට දාන්න.
කෝ අරගල කාරයෝ මේවට අරගල බැරිද.
දේශපාලකයින් විසින් ලංකාවේ මිනිසුන් තරම් මෝඩයින්ට ඇන්දවිය මිනිසුන් ඇති තවත් රටක් නැහැ.
මොකක්ද මේ නියෝගයක් මත ගෙව්වා කියන්නෙ. එහෙම කරන්න පුලුවන්ද .පාඩු ලබද්දී මෙන්ම භාණ්ඩාගාරයෙන් හෝ මුදල් අමාත්‍යාංශ මගින් එපා කියද්දී ගෙවීම් කරන්නෙ කොහොමද. එම වාර්තාව බොරුවක් වෙන්න පුළුවන්. ගෙවීම් සදහා බලය දීම අනුමත කිරීම සහතික කිරීම හා ගෙවීම් කල සියලු දෙනාගෙන්ම පොලියක් සමග අයකරන්න ඕන .ඒ අතර බලන්න අධිකරණය නියෝගයක් කියලා අධිකරණයට අපහාස කරල තියෙනවද කියලා වහාම මෙම මුදල් ආපසු ගැනීමට සංතකය ආපසු ගැනීමට නඩුවක් පවරන්න
මේක තනිකරම හොරකමක්, වංචාවක්, දූෂණයක්. එලිපිට සිදුවන මෙවැනි වංචාවන් වලක්වා ගත නොහැකි රජයෙන් ජනතාවට සාධාරණයක් බලාපොරොත්තු විය නොහැක.
ලෙඩේට මුල වලිගෙ කිව්වලු. ඒ වගේ මේ හිතුව්ක්කාර ලෙස වැඩ කොරන්නේ මේවා මණ්ඩල හා සංස්ථා නිසයි. සභාපතියාට හිතෙන හිතෙන දේ කරන්න ඉඩ ලැබිලා තිබෙනවා. දැන් මුන්ව පන්න දමන්න.
රටේ ප්‍රශ්න කෙසේ වෙතත්, තමන්ගේ ප්‍රශ්න විසදා ගන්නා නිලධාරීන්.. මේ සියල්ලටම අපේ සාක්කුවෙන් ගෙවන්න සිදුවන්නේ. මොවුන් රටට සාපයක්.
ජනාධිපති තුමනි ,හොරකම් කරපු එක දේශපාලුවකුට පුලුවන්නම් දඬුවම් දෙන්න. හොරකම්, දුෂණ නිසා අහිංසක මිනිස්සු දුක් විඳිනවා. ඒ මදිවට තව බදු. හොරු සැපෙන් සනීපෙන් තවත් හොරකම්, ගැහිලි, කොමිස්..... ලංකා ඉතිහාසයේ මෙවැනි හොරුන්ට කවදාවත් දඬුවම් දීලා නැතුව ඇති. පුලුවන්නම් ඒ වාර්තාව බිඳින්න.
මෙම පාඩු ලබන ආයතන නඩත්තු කරන්නේ මහජන මුදලෙන් ,මෙම පුද්ගලයන්ව පොදු දේපල අයතා ලෙස පරිහරණය කර රජයට රුපියල් කෝටි ගණනක් පාඩු සිදු කල චෝදනාවට අත්අඩංගුවට අරන් නඩු පවරන්න බැරි මොකද ?
පාලනය කරන්නෙත් ඔවුන් ලාභ බෙදා ගන්නෙත් ඔවුන් .ඇමතිවරුන් එකතුව අපිට කියනවා .රටේ ආයතන පාලනය කරන්න බැරි ආණ්ඩුව ගෙදර යවමු
රනිලුත් කොර පෙට්‍රෝලියම් එකට...
වාර්තා කැඳවනවා. ගෙඩිය පිටින් මහජනයාට බර පටවනවා. සියල්ලෝම සතුටින් විසිර යනවා. මරේ මරු...
ආණ්ඩුවට මෙම ආයතනවල සභාපතිවරු පාලනය කරගන්න බැරිනම් ආණ්ඩුව ගෙදර යැවීම හැර වෙන විකල්පයක් නොමැත. මෙහෙම බදු ගෙවන්න අපට බැහැ.
පෙනෙන ආකාරය ඔවුන් කර ඇත්තේ නීතිය අනුව වගෙයි.