IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සාහිත්‍ය ගැඹුරින් හැදෑරිය යුතු විෂයක්

තුරුණු මඬල


අරුණ ශාන්ත මැලෑගොඩ මේ වන විට කෘති 4 ක් ද වේදිකා නාට්‍ය දෙකක්ද විරිදු රචනා,ගීත රචනා කෙටිකතා ද  රචනා කර ඇත.සාහිත්‍ය තරගවලින් සහතික සම්මාන ගෞරව නාම ද ලබා ගෙන තිබෙි. ඔහුගේ කලා දිවියට  මේ වන විට වසර 18 ක් පිරී ඇත. දැනට රැකියාව වශයෙන් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරයි.ලංකාදීප මතුමහල මෙවර සංවාදය ඔහු සමගයි. 

* ඔබ රචනා කළ කෘති පිළිබද මුලින්ම සදහන් කරමු.

සඳලිගේකතාව(නවකතා).

තිමිරපටල(නවකතා).                         

සත් පතිනි(බෞද්ධ කෘතිය) 

අත්වාරුව(නවකතා)                     

බෝඩිං කාමරේ (වේදිකා නාට්‍ය)                   

නගරයට යන්න බෑ(වේදිකා නාට්‍ය)                 

වංගීස කතා ආදී කීපයක්ම තියෙනවා. 

 

 * ලංකාවේ ලේඛකයකු වීම ගැන මොකද හිතන්නේ?

ලංකාවේ ලේඛකයකු වීම ඇත්තටම සතුටුයි.එහෙත් නව ලේඛකයන්ට ඉදිරියට එන්න තිබෙන මාවත් අල්පයි.ඔවුන්ගේ කෘතියක් පාඨකයා අතට ගෙන යන්න ක්‍රමයක් තිබිය යුතුයි.ඒවා වෙනස් විය යුතු යැයි මට හිතෙනවා.
මේ අතරින්  හැම නිර්මාණ කාර්යයකටම එක ලෙස කැමති වුවත් නවකතා හා ගීත රචනාවලට මම වැඩි නැඹුරුතාවක් තියෙනවා.

 

* ඔබ විරිදු කලාවට යොමු වුණේ  කුමන වර්ෂයේද? අනෙක් සාහිත්‍යයකරණයට වඩා විරිදුකලාව වෙනස් වෙන්නේ කොහොමද?      

2018 විතර ප්‍රවීණ විරිදු ශිල්පී කොස්මෝදර සුමති කිවිඳුන්ගේ ඉල්ලීම මත මම විසින් ඔහුට වංගීස කතා පුවත විරිදුවකට රචනා කරනවා.පසුව එය විරිදු තැටියක් ලෙස ජන ගත වෙනවා.එකල එය ඉතාමත්ම ජනප්‍රිය විරිදු සී.ඩී එකක් වුණා.බොහෝ පින්කම් ස්ථානවල එය වාදනය වෙන්න පටන් ගත්තා.ඊට පස්සේ ප්‍රවීණ විරිද ශිල්පීන්ට විරිදු රචනා කළා.   මගේ ලේඛන කලාවේ හැරවුම් ලක්ෂයක් වුණා.එතෙක් මම ලියලා තිබුණේ ඇසින් සිතට යන වචන,නමුත් විරිදුවලදී කනෙන් සිත ස්පර්ශ කරන කලාවක්.පොතක් ලියනවට වඩා විරිදු කලාව කරන්න අමාරුයි. එහිදී තාල රටා ගැන අධ්‍යයනයක් තිබිය යුතුයි.                     

                                                

* සාහිත්‍යයකරණයට අමතරව ඔබ නාට්‍ය කරණයේත් නියැළෙනවා අපි ඒ ගැන කතා කරමු.                                                           

නාට්‍ය කලාව හරි සුන්දර අත්දැකීමක්.පිරිසක් එක්ව පණිවිඩයක් සමාජගත කිරීම වෙනස්ම අත් දැකීමක්.නිර්මාණයක් වෙනුවෙන් වැඩියෙන්ම කටුක අත්දැකීම් ලබන්නෙත් වේදිකා නාට්‍යය කිරීමෙන්.පිටපතක් වේදිකාවක රඟ දැක්වීම සඳහාත් එම ප්‍රේක්ෂකාගාරය ප්‍රේක්ෂකයන්ගෙන් පිරවීමත් අතර දැඩි වෙහෙසදායි සුන්දර අත්දැකීම් ගොන්නක නිමාව තමයි කෙනකු නිවී සැනසිල්ලේ නරඹන නාට්‍ය. නාට්‍ය වේදිකා ගතවන තුරු නිදහසක් නැති සිතක් නිෂ්පාදක ඇතුඵ රංගවේදීන් ඇතුඵ සැමට පවතින්නේ.නගරයට යන්න බෑ වේදිකා නාට්‍ය නිෂ්පාදන කල රජිව් සම්පත් ඇගිලියගේත් බෝඩිංකාමරේ වේදිකා නාට්‍ය නිෂ්පාදන කළ විනෝද් ප්‍රශානාත් හා වේදිකා නාට්‍ය දෙකෙහිම රඟ පෑ නඵ නිළියන් ද සහයෝගය දැක්වූ සැම මතක් කළ යුතුමයි.                              

සාහිත්‍යයකරණයට වටා පුඵල් වපසරික, අධ්‍යයනයක් කළ යුතුයි. වේදිකා නාට්‍යයක් වෙනුවෙන්.වේදිකා නාට්‍යක පිටපතක හැඩ තලය වෙනස්.                                                         

සප්ත භාර්යා සූත්‍ර දේශනාව ඇසුරින් තමයි මම සප්ත භාර්යා කෘතිය රචනා කරනු ලබන්නේ. මේක නව කතාවක් නෙවෙයි.සෑම අයෙක්ම අනිවාර්යයෙන්ම කිවයුතු සූත්‍ර දේශනාවක් තමයි සප්ත භාර්යා සූත්‍රය.ඉතා කෙටි කලක් තුළ සියලු පිටපත් අවසන් වූ කෘතියක් මේක.                                               
                                           

* බෞද්ධ තේමාවකින් නවකතාවක් ලියන්න කල්පනා කළේ ඇයි ?                             

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළේ සප්ත භාර්යා සූත්‍රය ඇසුරින් තමයි මම සත් පතිනි කෘතියක් රචනා කරනු ලබන්නේ.මෙය නවකතාවක් නොවෙයි බෞද්ධ කෘතියක්.මිනිසෙකු වූ සෑම කෙනෙක්ම කාන්තාවක් හා ගැටීම සාමාන්‍යය සම්ප්‍රදායක්. ඔබ අප ගැටෙන එම කාන්තාව කුමන වර්ගයට අයත් දැයි ඉතාමත් පැහැදිලිව මෙම කෘතියෙන් පෙන්වා දී තිබෙනවා.මෙම කෘතිය ඉතාමත් ඉක්මනින්ම පිටපත් පාඨකයන් අතරට ගියපු කෘතියක් බොහෝ පාඨක ප්‍රතිචාර ලැබූ කෘතියක් බව කියන්නත් පුළුවන්.

 

* වසර 18ක කලා ජීවිතයේ ආපස්සට හැරිය බලද්දි මොකද හිතෙන්නේ ?               

මෙම වසර දහ අට තුළ මගේ කලා ගමන ගැන මම ඉතාමත් තෘප්තිමත් වෙනවා. මට හැකියාව ඇති සෑම අංශයකින් මම නිර්මාණ කළා. එම නිර්මාණ සමාජගත කළා. මා වටා පාඨක ප්‍රේක්ෂක පිරිසක් ගොඩනැඟුණා. කලාවෙන් සමාජයට සේවයක් කරන හැකි වුණා.වේදිකා නාට්‍ය නිසා තවත් නවක පිරිසක් කලා ලෝකයට ගෙන ඒමට හැකිවුණා.   මා විසින් රචනා කරන ලද ගීත නිසා  නවක ගායක ගායිකාවන්ද බිහිවීම සතුටක්.

 

*ඔබේ නිර්මාණ ජාතික තලයේ ඇගයීමට ලක්වෙලා තියෙනවාද?                                                           

ප්‍රාදේශීය සාහිත්‍ය තරග බොහෝමයකින් ජයග්‍රහණය කර තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ හොඳම වේදිකා නාට්‍යය හා පිටපතට නගරයට යන්න බෑ වේදිකා නාට්‍යය පිදුම් ලැබුවා. ඊට අමතරව ගෞරව නාමයන්ගෙන් පිදුම් ලබලා තියෙනවා.

 

*මේ දිනවල ඔබේ නිර්මාණ කටයුතු මොනවාද?                                                                   

මේ දවස්වල නවකතා දෙකක් ලේඛනගත කරමින් ඉන්නවා.මම විසින් ලියන ලද අත්වාරුව කෘතිය ටෙලි නාට්‍යයක් සඳහා ගෙන ඒමට නිෂ්පාදක කෙනෙකු සොයමින් සිටිනවා. ඉතාමත් ජනප්‍රිය වූ මා විසින් රචනා කළ ගීත හා විචාර වැඩසටහන වන පන්හිදක අසිරිය ගී නිම්නාද ප්‍රසංගය ගමින් ගමට ගෙනයන්නත් බලාපොරොත්තු වෙනවා.



අදහස් (0)

සාහිත්‍ය ගැඹුරින් හැදෑරිය යුතු විෂයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site