IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ඡන්ද උණුසුමින් සාහිත්‍යයට බලපෑමක් වුණේ නෑ

 

 

සුපුන් අතුකෝරළ විවිධාකාර භූමිකා ඔස්සේ පාඨක ඔබට හමුවන චරිතයකි. මුලින්ම  හොඳ රසිකයකු සේම කියවන්නකු වන ඔහු  කවියකු, ලේඛකයකු මෙන්ම නිදහස් මාධ්‍යවේදියකු  ලෙසද ඉන් පසු අපට මුණ ගැසේ.වෘත්තියෙන් රාජ්‍ය බැංකුවක මාධ්‍ය සම්බන්ධිකාරකවරයා ලෙස කටයුතු කරන සුපුන් ලංකාදීප  මතුමහල සංවාදයෙන් මෙවර අපට මුණ ගැසේ. 

 

*සාහිත්‍ය කලාවට ලිවීමට ඇල්ම පාසල් යන කාලයේ ඉඳන් තිබුණාද? 

ඔව්. මම කුඩා කාලයේ ඉඳන්ම පත්තර, සඟරාවලට ලිව්වා. ඒවා බොහෝමයක් පළ වුණා. ඒ වගේම මං අධ්‍යාපනය  ලැබූ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ ලේකම් ලෙස කටයුතු කළා. මගේ මාධ්‍ය හා⁣ ලේඛන දිවියට පාසලෙන් විශාල පන්නරයක් ලැබුණා.

 

*ඔබ කවියෙක් විදියට  කාව්‍ය සංග්‍රයක් නිකුත් කර කාලයක් වෙනවා. එතනින් පසු නැවත කවිපොතක් කළේ නැත්තේ ඇයි? 

ඇත්තටම මං අවසන් කවි⁣ පොත කරලා දැනට අවුරුදු හතරක්⁣ වෙනවා. කවි කියන දේ ලියවෙන්නේ හිමි හිමින්. එහෙත් ලියූ සහ ලියවෙමින් පවතින කවි ටිකක් දැන⁣ට එකතු වෙලා තියෙනවා. පළමුවෙන් ඒ කවි පිළිබඳ මා සෑහිමකට පත් විය යුතුයි. මගේ කවිවල පළමු රසිකයා මමයි.  බොහෝ දුරට ඉදිරියේදි මගේ කෙටි කවි පොතක් නිකුත් වෙයි.


*ඔබේ නවතම කෘතිය "අහස් ගඟ" තීරු ලිපි සංග්‍රහය පසුගියදා නිකුත් වුණා. ඔබ තීරු ලිපි මාධ්‍යය හඳුනාගන්නේ කවර ආකාරයටද? 

පුවත්පත් කලාව සම්බන්ධයෙන් කතා කරන විට තීරු ලිපිය කියන මාධ්‍යය කිසිසේත්ම මඟ හැර යන්න බැහැ. මුල් කාලයේදි  ප්‍රධාන ලිපිය පිටුවකට ගැළපෙන පරිදි සැලසුම් කරද්දි ඉතිරි වන ඉඩ ප්‍රමාණය පුරවන්න තීරු ලිපි පළ කළ බව සඳහන් වුවත් ඕනෑම පුවත්පතක අනිවාර්ය විශේෂාංගයක් බවට පත්ව තිබෙනවා.

තීරු ලිපිය කියන්නේ සංක්ෂිප්ත, එහෙත් ප්‍රබල මාධ්‍යයක්. ඒ වගේම සීමාසහිත වචන ප්‍රමාණයකින් තම අදහස ඉදිරිපත් කළ යුතු නිසා එය ලිවීම පිළිබඳ හොඳ අභ්‍යාසයක්ද වෙනවා.


*ඔබේ නවතම තීරු ලිපි සංග්‍රහය පුවත්පතක පළ වූ තීරු ලිපි එකතුවක්. ඒ සඳහා ඔබ යොදා ගත් තේමා පසුකාලීනව පොතක් බවට පත් කිරීමේදී මාතෘකා පැරැණි වන්නේ නැතිද?

මම හිතන්නේ එසේ වන්නේ නැහැ.  මොකද අහස් ගඟ තීරු ලිපි මාලාවේ
සමන්විත වන්නේ ලෝක ඉතිහාසයේ සුවිශේෂ බලපෑම් සහගත සිදුවීම්වල, ලෝ පතළ ඡායාරූපවල, කලා නිර්මාණවල හා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිතවල නොදුටු සැඟවුණු බොහෝ දේවල්වලින්. ඒ නිසා මෙහි ඇතුළත් කරුණු එක්තරා කාලයකට පමණක් සීමාවෙන්නේ නැහැ. අනික පුවත්පතේ පළවූ  ලිපිවල තොරතුරු පොත පළකිරීමේදි  යාවත්කාලීන කිරීමටද මම කටයුතු කළා.


*සාහිත්‍ය මාසයේ මේ කාලය වන විට සාහිත්‍ය ප්‍රබෝධයෙන් ඇළලෙනවා.මෙවර ඡන්ද උණුසුමට සාහිත්‍ය උණුසුමත් හේදී ගියාද? 

මම හිතන්නේ ඡන්ද උණුසුමින් සාහිත්‍යය ප්‍රබෝධයට ලොකු බලපෑමක් වුණේ නැහැ කියලයි. ඡන්ද උණුසුම වගේම සාහිත්‍ය කටයුතුත් සමාන්තරව ගලාගියා. අනෙක කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නෙත් ජනාධිපතිවරණය අවසන් වෙලා සතියකින් පමණ අනතුරුව. ඒ නිසා ඡන්ද කටයුතුවලින් සාහිත්‍ය ප්‍රබෝධයට ලොකු බලපෑමක් සිදු නොවුණු බවයි මගේ මතය.

 

*ඔබ වෘත්තියෙන් බැංකුකරුවෙක්.වෘත්තීය ජීවිතය හා සාහිත්‍ය ජීවිතය සමබර කරගෙන පවත්වාගෙන යන්නේ කොහොමද?

විශේෂයෙන් මෙහිදී මගේ රාජකාරි කරන බැංකු ආයතනයේ කළමනාකාරිත්වයෙන් සහ කාර්ය මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනෑ.ච මීට අට වසරකට පෙර පළමු පොත ප්‍රකාශනය⁣ට පත්කරන කාලයේ ඉඳන්ම රාජකාරි ස්ථානයෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. ඒ වගේම මා වෘත්තියෙන් මාධ්‍ය සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කරන නිසාම රාජකාරි කටයුතු සමඟ කලා, මාධ්‍ය කටයුතු සහ සම්බන්ධතා බැඳී පවතිනවා. ඒ නිසා මෙම අංශ දෙකම සමබර කරගෙව ඉදිරියට යාමට මට අවස්ථාව ලැබී තිබෙනවා.


*ඔබ පොතක් මාර්කට් කිරීමේ රටාව ගැනත් උනන්දුවකින් කටයුතු කරන බව පේනවා.ඒ අත්දැකීම ගැන යමක් කියමු. 

අප⁣ සිදුකරන නිර්මාණයක් පාඨකයා අතරට හැකිතාක් යැවිය යුතුයි කියන අදහසේ මම ඉන්නවා. ඒ සඳහා භාවිත කළ හැකි අවස්ථා උපයෝගි කරගැනීම⁣ට මම පසුබට වන්නේ නැහැ.  පොත් පාඨකයා අතර වැඩි වැඩියෙන් යන තරමටයි ග්‍රන්ථ කර්මාන්තය වුණත් දියුණු වෙන්නේ. 

 

*මේ මොහොතේ වැඩිපුරම පාඨකයාගේ උනන්දුව තියෙන්නේ කවර සාහිත්‍ය ඉසව් කෙරෙහිද? 

සමස්තයක් ලෙස ගත්තොත් සාහිත්‍ය ක්ෂේත්‍රය තුළම පිබිදීමක් තියෙනවා. ස්වර්ණ පුස්තක වැනි සම්මාන උළෙල පැවැත්වීමත් සමඟ නවකතාව කෙරෙහි දැඩි උද්යෝගයක් තියෙනවා. ඒ වගේම කවි,කෙටි කතා සහ පරිවර්තන කෙරෙහිත් ස්ථිර පාඨක පිරිසක් සිටිනවා.

 

*මේ දවස්වල අලුත් සාහිත්‍ය ක්‍රියාකාරකම් මොනවාද?

මගේ රාජකාරි ස්ථානයේ ප්‍රකාශයට පත්කරන සඟරා දෙකක සංස්කරණ කටයුතුවල නිරතවෙනවා. ඒ ව⁣ගේම මාගේ ප්‍රධාන ප්‍රකාශන මාධ්‍යය වන කවි⁣ය සමඟ ගනුදෙනු කරන ගමන් 'අහස් ගඟ' තිරු ලිපි මාලාවට ලැබෙන ප්‍රතිචාර පිළිබඳ අවදියෙන් සිටිනවා. කෙටි කවි පිළිබඳවත් යම් හැදෑරිමක නිරත වෙනවා.


*ප්‍රකාශකයෙකු සමග පොතක් කිරීම ලේඛකයෙකුට පහසුවක්ද? 

ප්‍රකාශකයෙක් සමඟ වැඩ කරන විට පොත් බෙදාහැරීම,  අලෙවි කිරීම අතින් යම්කිසි පහසුවක් ලේඛකයාට තියෙනවා. ඒ්ත් ප්‍රකාශකයෙකු සම්බන්ධ කටයුතු කිරීම පිළිබඳ මට ඇත්තේ මධ්‍යස්ථ අදහසක්. ලේඛකයා වගේම ප්‍රකාශකයාත් තම වැඩේට අවංක වෙනවා නම් වඩාත් හොඳයි. ඒ වගේම ප්‍රකාශයෙක් සිටියත්  ලංකාවේ ඇති සීමිත පාඨක සමාජය තුළ අලෙවිකරණ කටයුතුත් බොහෝ විට ලේඛකයා මතම පැවරෙනවා. පොත් ප්‍රකාශනයට අමතරව ප්‍රකාශකයන් අලෙවිකරණ කටයුතු සඳහාත් සහාය දෙනවා නම් හොඳයි කියන එක මගේ අදහස.



අදහස් (0)

ඡන්ද උණුසුමින් සාහිත්‍යයට බලපෑමක් වුණේ නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

තුරුණු මඬල

සම්මානය යකඩ ගොඩක් වුණත් ඇගයීම වටිනවා
2025 පෙබරවාරි මස 18 69 0

ඇගේ පළමු කාව්‍ය සංග්‍රහය ’’මංගල වීදිය’’ පළවන්නේ 1994 වසරේදීය. ඉන්පසු 2013 දී දෙවැනි කාව්‍ය සංග්‍රහය වන සුබ පෙරනිමිති කෘතිය පළකරන ඇය එම කෘතිය වෙනුවෙන් 2014 කළ


තාක්ෂණයට වහල් වුණොත් පරිකල්පනය මොට වෙනවා
2025 ජනවාරි මස 28 75 0

වෘත්තියමය පුවත්පත් කලාවට සමුදුන්නත් කලාව තවමත් ඇගේ තියෙන වග ඔහුගේ නිර්මාණවලින් අපට වටහා ගත හැකිය.


අද බොහෝ ගීත බිහිවන්නේ රචකයාගේ මූල්‍ය අනුග්‍රහයෙන්
2025 ජනවාරි මස 21 85 0

වර්තමානයේ සිනදුවක් දෙකක් ලියා එය ලක්ෂ ගණන්වලට අලෙව් කරනවා යැයි කියන නිර්මාණකරුවෝ අපට හමුවෙති.එසේම දශක ගණනක් පුරා සුභාවිත ගීතයේ උන්නතිය උදෙසා කටයුතු


අද පළවන කවි නැවත සංස්කරණය විය යුතුයි
2025 ජනවාරි මස 14 46 0

විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන ප්‍රසාද් පිටිගලආරච්චි දැනට රජයේ සේවයෙන් අයින් වී මහනුවර පුද්ගලික රෝහල්වල සේවය කරයි. මීට අමතරව කවිය ඔහුගේ ප්‍රධාන විනෝදා


ලේඛිකාවක වීම හීනයක් සැබෑවීමක්
2024 දෙසැම්බර් මස 31 83 0

සචී සේනානායක මවක්, බිරිඳක්, ලෙස යුතුකම් ඉටුකරමින් සිටියත් කුඩා කාලයේ පටන් සිහින දුටුවේ ලේඛිකාවක් ලෙස තමාගේම කෘතියක් පොත් සාප්පුවක රාක්කයක් මත තිබෙනු


පිටරට බල්ලොත් උපාධි ගන්නවා - දිශනී වීරරත්න
2024 දෙසැම්බර් මස 24 139 0

කියැවීම ජීවිතය කරගත්තෝ පසුකාලීනව නිරායාසයෙන් ම ලිවීමට පෙ⁣ලඹෙන්නෝය. දිශනී වීරරත්නද මුල් කාලයේ කියැවීමට තිබු ආසාවේ ප්‍රතිඵලයක් ලෙස පොත් කතුවරියක් බව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 365 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 96 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1122 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site