IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


අපි ඒ කාලේ වැඩ කළේ යක්කු වගෙ

 

 


ගමේ නම ඉදිරියට දමා ගනිමින් තම නාමය සන්නාමයක් කරගත් ලේඛකයෝ, මාධ්‍යවේදීහු බොහෝ දෙනෙක් කලා ක්ෂේත්‍රයේ සිටිති. දූනගහ බටේපොළ විජේසිරි ද ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙස පාඨකයා හඳුනාගන්නේ දීර්ඝ කාලයක් පුරා මාධ්‍යකරණයට ඔහු දැක්වූ අනූපමය දායකත්වය නිසාය.පසුගිය දා දූනගහගේ දෙවැනි කෘතිය වන 'පුවත්පත බලවත්ය' කෘතිය එළිදැක්වීම සිදුවිය.විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් එළිදැක්වුණු එම කෘතිය පිළිබඳව දූනගහ බටේපොළ විජේසිරි මාධ්‍යවේදීයා සමග ලංකාදීප මතු මහල සිදු කළ සංවාදයකි මෙි.

 

* ඔබේ ලේඛන කලාවේ ආරම්භය 70 දශකයට දිව යනවා. අපි එතැනින් කතාව පටන් ගමු.

මම මුලින්ම පළ කළේ කවි සඟරාවක්. ඒ පොත පළ වූයේ  1977 දී.ඉන්පසු පුවත්පත් කලාවේදියෙක් ලෙස කාර්යබහුල වීම නිසා පොතක් ලියන එක මගෙන් ටිකක් මගහැරුණා.

 

* පුවත්පත් කලාවට ඔබේ ආගමනය සිදුවෙන්නේ කොහොමද?

මම පුවත්පත් කලාවට පිවිසෙන්නේ 88/89 භීෂණ යුගයේදී. දවස පත්තරයට තමයි මම මුලින්ම පුවත්පත් කලාවේදියෙක් ලෙස සම්බන්ධ වුණේ. එදා සිට අද දක්වා පුවත්පත් කලාවේදියෙක් වගේම සෝදුපත් කියවන්නෙක් ලෙසත් විජය පුවත්පත් ආයතනය තුළ රැකියාව කරනවා.

 

* 'පුවත්පත බලවත්ය 'වැනි පොතක් රචනා කරන්න කල්පනා කළේ ඇයි?

අපේ රැකියාව විදියට අපි තෝරගෙන තිබෙන්නේ පුවත්පත් කලාව. ඒත් සමහරු කියනවා දැන් පත්තරවලින් වැඩක් නැහැ  මිනිස්සු පත්තර කියවන්නේ නැහැ කියලා. මට සමාජයට පෙන්නන්න ඕන වුණේ පත්තරෙන් අපි  සමාජයට කළ දේ කොච්චර තිබෙනවද කියලා.මම අතීතයේදී පත්තරෙන් කරපු දේ මේ පොතේ පැහැදිලිව මතක සටහන් විදියට පෙළ ගස්වල තිබෙනවා.

 

* ඔබේ පත්තර අත්දැකීම් නැවත සිහිපත් කරගැනීමට ආයාසයක් දරන්න සිදුවුණාද ?නැතිනම් පොතක් ලියන්න හිතාගෙනම කරුණු කාලයක් පුරා සටහන් කරගෙන හිටියද?

මම පුවත්පත්වල පළවූ ලිපි එකතු කරගෙන තියාගෙන හිටියා. ඒ වගේම ඒ සිදුවීම් මට නැවත ආවර්ජනය කිරීමත් අපහසු වුණේ නැහැ.ප්‍රාදේශීය මාධ්‍යවේදීන් විදියට අපි මේ සමාජයට ලොකු සේවයක් කරලා තියෙනවා කියලා මේ පොත දිහා ආපහු හැරිලා බැලුවාම මටම තේරුණා.

 

* ප්‍රාදේශීය මාධ්‍යවේදී භූමිකාව පිළිබඳව ආපසු හැරලා බලනකොට ඔබට මොන වගේ හැඟීමක්ද තිබෙන්නේ?

ලොකු සතුටක් තිබෙනවා ඒ සම්බන්ධව .අපි ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හැමෝම ඒ කාලේ වැඩ කළේ යක්කු වගේ. අපි කාටවත් බය වුණේ නැහැ.සමහර අවස්ථාවල අපි ජීවිත අවදානම් තියාගෙන පවා සමහර ප්‍රවෘත්ති වාර්තා කළා.ඒ අතීතය සිහිපත් වෙද්දී අද ලොකු සතුටක් දැනෙනවා.අපි ඇත්ත ඇති සැටියෙන් වාර්තා කළේ.අපිට අපේ පත්තරේ තමයි අංක එක වුණේ.දැන් වගේ අපි ඒ කාලේ පත්තර කීපයකට ලිව්වේ නැහැ.උදේට හැමදාම ගෙදරින් එළියට බහින අපි හොඳ ප්‍රවෘත්තියක් හම්බුණාම ඒක මුලින්ම අපේ ආයතනයට එවන්න තමයි බලන්නේ.අපේ ප්‍රදේශයේ පුවත් වැඩිපුර පළවීම නිසා අපේ ආයතනවල ලංකාදීප පුවත්පත කියවන්න වෙනමම පිරිසක් පුරුදු වුණා.අපි හැමෝම පත්තර කලාව ගැන ලොකු හැඟීමකින් තමයි ඒ කාලේ වැඩ කළේ.

 

* එදා මාධ්‍ය කලාව සහ අද මාධ්‍ය කලාව අතර වෙනසක් ඔබ දකිනවද?

වෙනසක් දකිනවා.එදා ප්‍රවෘත්තියක් හොයාගන්න අපි ලොකු කට්ටක් කෑවා.අද මාධ්‍යවේදීන් එකම ප්‍රවෘත්තිය පත්තර හතර පහකටම යවනවා.එදා අපිට මහන්සිවෙලා හොඳ ප්‍රවෘත්ති හොයාගන්න පුළුවන් වුණා.ඒත් අද කාලේ මාධ්‍යවේදීන් එහෙම මහන්සි වෙනවද කියන එක ගැන සැකයක් තිබෙනවා.

 

* "පුවත්පත බලවත්ය" යන කෘතියට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා.පොත් දොරට වැඩීම ගැනත් ගොඩක් අය සතුටින් කතා කරනවා.එහෙත් සෝදුපත් කියවා නැවත නිවැරැදි කිරීමේ කිරීමේදී සිදුවූ දෝෂයක් මත මගේ හිතේ යම් කනගාටුවක් තිබෙනවා.ඒකට විශේෂයෙන්ම බලපා තිබෙන්නේ මමත් පුවත්පතේ සෝදුපත් කියවන්නෙක් වීමයි.

 

* පුවත්පතක වගේම කෘතියකත් භාෂාව ඉතාම වැදගත් දෙයක්.පොතක් අංග සම්පූර්ණ වන්නේ භාෂාව නිවැරැදි වුණොත් නේද?

පොතකට නිරවද්‍යතාව, භාෂාව හරිම වැදගත්. පොත පළ වුණාට පස්සේ මම තේරුම් ගත්තු කාරණාව තමයි මට තවදුරටත් මේකෙ හරි වැරදි බැලිය යුතුව තිබුණා කියන එක.

 

* ඔබ "පුවත්පත බලවත්ය" කියන එකෙන් වෙන අදහසක් ගෙන ඒමට උත්සාහ දරන බවක් පේනවා.ඇත්තටම අද දවසේ පුවත්පත බලවත්ද?

ඇත්තටම පුවත්පත බලවත්.ආකර්ෂණීය පුවතක් ඉදිරිපත් කළාම ඒක පාඨකයාගේ අවධානයට පාත්‍ර වෙනවා.අද ෆේස්බුක්වල මොනතරම් ප්‍රවෘත්ති පළ වුණත් එහි නිරවද්‍යතාව ගැන ගැටලුවක් තිබෙනවා.ඩිජිටල් මාධ්‍යකරණයක් ගැන අපි කොච්චර කතා කළත් අපේ ගම්වලට තාම ඒක හරි හැටි ගිහින් නැහැ.මට තාම පුවත්පත් පුරුද්දක් විදිහට ගන්න අය හමුවෙනවා.

 

* පුවත්පත බලවත්ය කෘතිය සඳහා දායක වූ පිරිස පිළිබඳවත් අපි කතා කරමු.

පළමුව මගේ පුතා ජීවන පහන් තිළිණ  මතක් කළ යුතුයි. ඔහු මාධ්‍ය උගන්වන ගුරුවරයෙක් ලෙසත් කටයුතු කරනවා.ඒ වගේම මගේ පවුලේ අනිත් අයත් මම මතක් කරන්න කැමතියි.එසේම මම රැකියාව කරන ආයතනයේ සියලු දෙනාමත් මම සිහිපත් කරනවා.

 

* ඉදිරියේ තවත් පොතක් ලියන්න අදහසක් තිබෙනවද?

මම දැනට කවි පොතක් ලියලා තියෙනවා.මැද්දෙපොළ ජයකොඩි මහතා නැතිවුණාම අපි කිව්වේ ඔහු දිව්‍යලෝකෙ ගියා කියලා.එදා අවමංගල උත්සවය වෙනුවෙන් කවිමඩුවකුත් පැවැත්වුණා.එහි කවි කියපු වදාකඩ නවරත්න මහතාත් ඊට පසු කාලයක  නැතිවුණා. ඒ දෙන්නා දිව්‍ය ලෝකෙදි හමුවෙලා කතා කරන දේවල් තමයි පරිකල්පනීය කවි විදියට පාඨකයාට මම  ඉදිරිපත් කරන්න හිතාගෙන ඉන්නේ.ඉදිරියේදී ඒ කවි පොත පළ කරන්න මම බලාපොරොත්තුවෙන් සිටිනවා.



අදහස් (0)

අපි ඒ කාලේ වැඩ කළේ යක්කු වගෙ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site