වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය තුළ නිරන්තරයෙන් කතාබහට ලක්වන, එහෙත් රහසක් ලෙස ආරක්ෂා වන අතිශය ආන්දෝලනාත්මක මාතෘකාවක් පවතී. ඒ අනෙකක් නොව, "නිධන් නොහොත් පුරාවස්තු" පිළිබඳ මාතෘකාවයි. පැරැන්නන් විසින් පොළොව යට සඟවන ලදැයි විශ්වාස කරන මේ මහා ධනස්කන්ධය පිළිබඳව විමසීමේදී, ප්‍රථමයෙන්ම "නිධානයක්" යනු කුමක්දැයි අප වටහාගත යුතුය.

සරලවම කිවහොත්, නිධානයක් යනු - අතීත රජවරුන්, ප්‍රාදේශීය පාලකයන් මෙන්ම ධනවත් ව්‍යාපාරිකයන් විසින් තම වටිනා ධනය ආරක්ෂා කරගැනීම උදෙසා භාවිත කරන ලද "ඉපැරණි බැංකු ක්‍රමවේදයකි".

  • නිධන්කරණයේ ඉතිහාසය සහ බැංකු ක්‍රමය

වර්තමාන සමාජයේ මිනිසුන් තමන් සතු මුදල් නෝට්ටු , රන් ආභරණ සහ වටිනා මැණික් වර්ග සුරක්ෂිතව තැන්පත් කිරීම සඳහා වාණිජ බැංකු වෙත ගොස්, ඒවා අධි-ආරක්ෂිත සේප්පු තුළ බහා අගුලු ලා තබති. අතීතයේදී ද මෙවැනිම අධි-ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නිධන් තැන්පත් කිරීමේ කලාව බිහි විය.. අතීත පාලකයන් සහ ධනකුවේරයන් මෙලෙස නිධන් ක්‍රමවේදය භාවිත කිරීමට ප්‍රධාන හේතු කිහිපයක් බලපෑවේය .

සොර සතුරන්ගෙන් ආරක්ෂා වීම: රටවල් හෝ රාජ්‍යයන් අතර හදිසියේ ඇති වන යුද ගැටුම්වලදී, රාජ්‍ය සතු වස්තූන් සතුරන් අතට පත්වීම වැළැක්වීම සඳහා රාජ්‍ය භාණ්ඩාගාර මෙලෙස රහසිගතව පොළොව යට තැන්පත් කෙරිණි.

අනාගත ප්‍රතිසංස්කරණ කටයුතු: අනාගතයේ දී සිදුවන වැව් අමුණු බිඳීයාම්, කෘෂිකාර්මික පරිහානිය හෝ වෙහෙර විහාර විනාශ වීම් වැනි හදිසි ආපදා තත්ත්වයන් හිදී, රට ස්වයංපෝෂිත කිරීම උදෙසා නැවත ගොඩගෙන ප්‍රතිසංස්කරණ කටයුතුවලට යෙදවීමට මෙම ධනය වෙන්කර තිබුණි.

පුනර්භවය පිළිබඳ ආගමික විශ්වාසය: එකල පැවැති සාම්ප්‍රදායික ඇදහිලි සහ විශ්වාසයන්ට අනුව, මෙම වස්තූන් තැන්පත් කළ රාජ්‍ය පාලකයන් සහ ධනපතියන් මතු ආත්මයකදී නැවත පැමිණ තමන් සතු ධනය නැවත අත්පත් කරගන්නා බව විශ්වාස කළහ.

කෙසේ වෙතත්, වර්තමානයේ බොහෝ දෙනා නිසි අවබෝධයකින් තොරව මෙම නිධන් පසුපස හඹා ගොස් තමන් සතු ධනය මෙන්ම ජීවිත ද විනාශ කරගන්නා තත්ත්වයක් දැකගත හැකිය. මෙය හරියට "දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග " යන ප්‍රස්ථා පිරුළ සිහිගන්වනසුලුය.

  • නිධන් තුළ අඩංගු වන්නේ මොනවාද?

ඉපැරණි ලේඛන, නිදන් වදුල්, ජනප්‍රවාද මෙන්ම වර්තමාන පුරාවිද්‍යාත්මක කැණීම්වලට අනුව මෙම නිධන් තුළ අතිශය වටිනා වස්තූන් රැසක් අඩංගු බව සනාථ වී ඇත. ගරාවැටුණු පැරණි චෛත්‍ය රාජයාණන් වහන්සේලා සහ රජමහා විහාර ආශ්‍රිතව හමුවන මෙම පුරාවස්තු අතර ප්‍රධාන වශයෙන් මෙන්න මේවා අඩංගු වේ :

රන්වන් බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා, රාජකීය ආභරණ, වටිනා මැණික් ගැසූ ආභරණ සහ බුද්ධ ශාසනයට අයත් මහා රන්-මිණි කරඬුන් වහන්සේලා මෙන්ම ඒවා අභ්‍යන්තරයේ වැඩසිටින සර්වඥ ධාතූන් වහන්සේලා ද මෙහි අඩංගුය.

මීට අමතරව, 'හෙන රාජ', 'රාජ තරංගනී', 'මාර පරාජ', 'දිව්‍යාංගනාදී', 'මහා නාරායන', 'තෛයියෝරුව' සහ 'හස්තිරාජ' වැනි අතිශය බලගතු, උසස් ගුණැති රාජකීය තෙල් වර්ග ද ; රන් පත්තිරු , තඹ පත්තිරු සහ ගල් පත්තිරු මත ලියැවුණු ලිඛිතමය ලේඛන ද මෙයට අයත් වේ . තවද අදටත් සක්‍රීය මට්ටමේ පවතින ගුරුලා බැඳි කස්ථාන , ගුරුලා බැඳි කිනිසි, රන් වටාපත්, සැරයටි, හවඩි, රන් දන්වැල් මෙන්ම රන් වංගෙඩි සහ මෝල්ගස් වැනි විවිධාකාර අද්භූත ද්‍රව්‍යයන් පොළොව අභ්‍යන්තරයේ නිදන් කර ඇති බව පැහැදිලිය.

වර්තමානයේ බොහෝ දෙනා තමන් සතු පෞද්ගලික ඉඩකඩම් තුළ ද මෙවැනි නිධන් ඇතැයි විශ්වාස කරති. අනුරාධපුර, පොළොන්නරුව සහ මහනුවර වැනි ශ්‍රේෂ්ඨ රාජධානි යුගයන් සලකා බැලීමේදී , එම මතය සෘජුවම අසත්‍යයක් යැයි බැහැර කළ නොහැක්කේ එකල සිදුවූ විදේශීය ආක්‍රමණ සහ යුද්ධ හේතුවෙන් මිනිසුන් තම වස්තුව මෙලෙස ආරක්ෂා කළ බැවිනි.

වළගම්බා රජුගේ ස්වර්ණමය යුගය සහ සත්ද්‍රවිඩ ආක්‍රමණය ලක් ඉතිහාසයේ නිධන් වස්තු පිළිබඳ කතා කිරීමේ දී බහුතරයකගේ අවධානය යොමු වන සුවිශේෂී චරිතයක් වන්නේ වට්ටගාමිණී අභය නොහොත් වළගම්බා රජතුමාය. සිංහලේ නාමය සහ සම්බුද්ධ ශාසනය නගාසිටුවීම උදෙසා මහා මෙහෙවරක් කළ මෙම රජතුමා, දුටුගැමුණු මහ රජුගේ සහෝදර සද්ධාතිස්ස රජුගේ සිව්වැනි පුත්‍රයාය. සිය වැඩිමහල් සොහොයුරන්ගෙන් පසු එතුමා කිරුළු පැලඳිය ද, වැඩි කලක් යාමට මත්තෙන් දරුණු "සත්ද්‍රවිඩ ආක්‍රමණයට" මුහුණ දෙමින් රාජධානිය අතහැර වනගත වීමට සිදු විය.

මෙම ආක්‍රමණිකයන් විසින් බුදුදහම විනාශ කිරීමේ චේතනාවෙන් , මුඛ පරම්පරාගතව ධර්මය රැකගෙන ආ භික්ෂූන් වහන්සේලා සහ ධර්මධරයන් සාහසික ලෙස ඝාතනය කරන ලදී. එමෙන්ම, එකල ලංකාවේ විසූ රාවණා රජුගෙන් පැවත එන සාම්ප්‍රදායික සටන් ශාස්ත්‍ර දන්නා ශිල්පීන් ද අමු අමුවේ මරා දමනු ලැබීය.

රජු වනගතව සිටි කාලය තුළ ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ගමන් කරමින්, ජනතාව සංවිධානය කරමින්, කෘෂිකර්මාන්තය සහ විදේශීය මැණික් වෙළෙඳාම දියුණු කළේය . වහා කිපෙනසුලු වුවත් දක්ෂ සටන්කාමියකු වූ වළගම්බා රජු, රට නැවත එක්සේසත් කිරීමෙන් පසු විශාල වශයෙන් වෙහෙර විහාර ඉදි කළේය. අනාගතයේදී රටේ කෘෂිකර්මාන්තය සහ ආර්ථිකය නගාසිටුවීම සඳහා රජු විසින් රට පුරා විවිධ ස්ථානවල මහා නිදන් වස්තු තැන්පත් කළ බව ඉතිහාසයේ සහ නිදන් වදුලුවල පැහැදිලිව සඳහන් වේ.

ඉපැරණි ලේඛන, නිදන් වදුල්, ජනප්‍රවාද මෙන්ම වර්තමාන පුරාවිද්‍යාත්මක කැණීම්වලට අනුව මෙම නිධන් තුළ අතිශය වටිනා වස්තූන් රැසක් අඩංගු බව සනාථ වී ඇත. ගරාවැටුණු පැරණි චෛත්‍ය රාජයාණන් වහන්සේලා සහ රජමහා විහාර ආශ්‍රිතව හමුවන මෙම පුරාවස්තු අතර ප්‍රධාන වශයෙන් මෙන්න මේවා අඩංගු වේ: රන්වන් බුද්ධ ප්‍රතිමා, දේව ප්‍රතිමා, රාජකීය ආභරණ, වටිනා මැණික් ගැසූ ආභරණ සහ බුද්ධ ශාසනයට අයත් මහා රන්-මිණි කරඬුන් වහන්සේලා මෙන්ම ඒවා අභ්‍යන්තරයේ වැඩසිටින සර්වඥ ධාතූන් වහන්සේලා ද මෙහි අඩංගුය.

රාවණා ඉතිහාසය සහ උමං පද්ධතිවල සබඳතාව

බොහෝ දෙනා රාවණා රජු පිළිබඳ පුවත් මිථ්‍යාවක් හෝ ප්‍රබන්ධයක් ලෙස හැඳින්වුව ද, වර්තමානයේ සිදු කෙරෙන විධිමත් පර්‌යේෂණ හරහා රාවණා ඉතිහාසය සත්‍යයක් බව සනාථ වෙමින් පවතී. මිනිසුන් රාවණා රජුගේ මලණුවන් වන විභීෂණ දෙවියන් භක්තියෙන් ඇදහුව ද, රාවණා රජු ගැන කතා කිරීමට මැළි වෙති. නිදසුනක් ලෙස, එදා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් වසා දමන ලද "දෝව රජමහා විහාරයේ" ඇති රහස් උමං පද්ධතිය අද වනතුරුත් වසා දමා තිබීමට හේතුව අභිරහසකි .

ජනප්‍රවාදයන්ට අනුව, වළගම්බා රජු සතුරන්ගෙන් බේරී සැඟව සිටීමට සහ සේනා සංවිධානය කිරීමට භාවිත කළේ රාවණා රජු විසින් නිර්මාණය කරන ලද, ලංකාවේ සතර දිසාවටම විහිදෙන පොළොව අභ්‍යන්තර රහස් උමං මාර්ග පද්ධතියයි. එමෙන්ම වළගම්බා රජු සටන් සඳහා භාවිත කර ඇත්තේ ද රාවණා යුගයේ සිට පැවත ආ "අංගම් සටන් කලාවයි". රාවණා රජු භාවිත කළ, වළගම්බා රජු ලෙන් විහාර බවට පත් කළ ගල් කටාරම් කෙටූ මහා ලෙන් පද්ධති ලංකාව පුරා අදටත් දැකිය හැක්කේ එබැවිනි. මෑත කාලයේදී ද පොළොව අභ්‍යන්තරයට දිවෙන මෙවැනි අපූර්ව උමං මාර්ග සහ ගල්ගුහා කීපයක් හමු වුව ද, ඒවා පිළිබඳව සමාජය තුළ නිසි කතිකාවතක් ගොඩනැඟෙන්නේ නැත.

අනාගත උරුමය සහ උරුමක්කාරයෝ

වළගම්බා රජු විසින් බුද්ධ ශාසනයේ සහ රටේ අනාගත උභයවාර්ථ සිද්ධිය උදෙසා තැන්පත් කරන ලද මෙම මහා නිදන් වස්තූන් ලබා ගැනීම සාමාන්‍ය මිනිසකුට කළ නොහැකි, අතිශය දුෂ්කර හා ආධ්‍යාත්මික බාධකයන්ගෙන් පිරි කටයුත්තකි .

වර්තමාන සමාජයේ බොහෝ දෙනා විශ්වාස කරන්නේ අනාගතයේදී රට සහ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම වෙනුවෙන් "දියසෙන් කුමාරයා" නමින් පහළ වන උත්තමයා, සැබවින්ම රාවණා රජුගේ හෝ වළගම්බා රජුගේ පුනර්භවයක් විය හැකි බවයි.

කෙසේ වෙතත්, ලක් පොළොවේ සැඟවී ඇති මෙම මහා වස්තූන්ගේ සැබෑ උරුමක්කාරයන් වන්නේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ පරම පිවිතුරු චේතනාව හදවතින්ම දරන, පෙර ආත්මයන්හි මහා කුසල් සිදු කළ, දන් දුන්, ගුණවත් මෙන්ම නිර්භීත සිංහල බෞද්ධයන්මය. ඔවුන්ට පමණක්ම සුදුසු කාලයේදී මෙම ඓතිහාසික උරුමයන් මුණගැසෙනු ඇත.