ප්‍රහාරයෙන් පසු...
දිනය - 2006 වසරේ දෙසැම්බර් මස 01 දා
ස්ථානය - කොල්ලුපිටිය පිත්තල හන්දිය
වේලාව - උදේ 10.30ට පමණ
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එදින පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමට සහභාගිවීමටට යාමට කාර් රථයෙන් යමින් සිටියේ අරලියගහමන්දිරය වෙතය.
වෙඩි නොවදින රථයකින් ආරක්ෂක ලේකම්වරයා ගමන් කරමින් සිටියේ දැඩි ආරක්ෂක රැකවල් යටතේය.
දැඩි ආරක්ෂක රැකවල් ආරක්ෂක ලේකම්වරයාට යොදවා තිබුණේ වෙන කිසිවක් නිසා නොව ඒ මොහොතෙත් ඔහු කොටින්ගේ ඝාතන ලැයිස්තුවේ ඉහළින්ම සිටි නිසාය.
බුද්ධි අංශ ද ඒ බව තහවුරුකර තිබිණි.
ඒ වනවිටත් වන්නි මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබූ අතර කොටින්ගේ මහ බළකොටු එකිනෙක ඇද වැටෙමින් කොටින්ට බරපතළ හානි සිදුවෙමින් තිබූ වකවානුවක් විය.
වන්නි මානුෂීය මෙහෙයුමට නායකත්වය ලබාදෙමින් විශාල කාර්ය භාරයක් ඉටුකරමින් සිටි නිසා කොටි ත්‍රස්තවාදීන් කුරුමානම් අල්ලමින් සිටියේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කොයි මොහොතක හෝ ඉඩක් ලැබුණු සැණින් ගොදුරක් බවට පත්කර ගැනීමටය.
අරලියගහ මන්දිරය බලා යමින් සිටි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රැගත් රිය පෙළ ධර්මපාල මාවත ඔස්සේ පැමිණ පිත්තල හන්දියෙන් දකුණට (සර් ජේම්ස් පීරිස් මාවතට) ගැනීමට ඔන්න මෙන්න කියා තිබිය දී බෝම්බයක් පුපුරුවා හැර තිබුණේ මුළු ප්‍රදේශයම දෙදුරුම් කවමිනි.
ත්‍රීවීල් රථයක බෝම්බයක් අටවාගෙන ආ මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදියා බෝම්බය පුපුරුවා හැර තිබුණේ ඒ නිමේෂයේ දීය.
මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හැරීමෙන් ආරක්ෂක ලේකම්වරයා කිසිදු තුවාලයක් හෝ නොලබා බේරුණ අතර හමුදාවේ දෙදෙනෙක් මියගොස් 14 දෙනෙක් තුවාල ලැබූහ.
යුද හමුදාවේ කපිතාන්වරයෙකු ඇතුළු හමුදාවේ හත් දෙනෙක් ද සාමාන්‍ය වැසියෝ පස් දෙනෙක් ද මෙසේ තුවාල ලැබූ අය වෙති.
මේ වකවානුව වන විට කොල්ලුපිටිය හා බම්බලපිටිය යන පොලිස් ස්ථාන දෙක අධීක්ෂණය කරනු ලැබුවේ එවකට සහකාර පොලිස් අධිකාරි නිලයේ සිටි පාලිත සිරිවර්ධන මහතාය.
උප පොලිස් පරික්ෂකවරයෙකු ලෙස පොලිසියට බැඳුණු පාලිත සිරිවර්ධන මහතා නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස්වීම් ලබා කෑගල්ල දිසා බාරව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරි කරමින් සිටිය දී විශ්‍රාම ලැබීය.
වසර 40ක කාලයක් පොලිස් රාජකාරියේ නිරතව සිටි පාලිත සිරිවර්ධන මහතා අත්දැකීම් බහුල දක්ෂ පොලිස් නිලධාරියෙක් විය.
පිත්තල හන්දියේ මීට වසර 13කට පමණ ඉහත දී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ගැන මතකය ආවර්ජනය කරමින් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිරිවර්ධන මහතා ඒ සිද්ධිය වචනවලට පෙරළුවේ මෙසේය.
‘‘ඔය සිද්ධිය වෙච්ච දවසේ උදේ මා ලිබර්ටි වටරවුමේ ආරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරින්ට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් පොලිස් නිලධාරින් මෙහෙයවමින් සිටියා. ඒ වේලාවේ එක පාරටම පිපිරුම් හඬක් ඇසුණා බෝම්බ පිපිරීමක් බව මට ඒ මොහොතේම තේරුම් ගියා. පිත්තල හන්දිය පැත්තෙන් බෝම්බ පිපිරුම් හඬ ඇසුණු නිසා මම ඒ පැත්තට පුළුවන් තරම් හයියෙන් දිව්වා. ලිබර්ටි වටරවුමේ මා සිටියේ එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයට යාමට ඒමට නියමිතව සිටි නිසාය.
මම සිද්ධිය වෙච්ච තැනට ගියාට පස්සේ තමා දැනගත්තේ ගෝඨාභය රාජපක්ෂ සර් ගමන්ගත් රිය පෙළ ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදියෙක් බෝම්බයක් පුපුරුවා හැර තිබෙන්නේ කියා.
බෝම්බය පිපිරීමත් එක්ක ආරක්ෂක ලේකම්තුමාගේ රැකවලුන් වහා ක්‍රියාත්මක වී ආරක්ෂක ලේකම්වරයා ඔහු ගමන්ගත් වෙඩි නොවදින රථයෙන් එළියට ගැනීමට උත්සාහ කරමින් සිටි අන්දම දැක ගැනීමට ලැබුණා. බෝම්බ පිපිරීමත් එක්ක මෝටර් රථයේ දොරවල් ලොක් වී තිබීම නිසා අලවංගුවක් ගෙන දොරවල් කඩා ආරක්ෂක ලේකම්වරයා රථයෙන් එළියට ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදු හෝ තුවාලයක් නොලබා තිබුණා. කාර් රථයෙන් පිටතට ගත් ආරක්ෂක ලේකම්වරයාව වෙනත් මෝටර් රථයකට නංවාගෙන අරලියගහ මන්දිරයට රැගෙන ගියා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂක රැකවලුන් කිහිප දෙනෙකුටම බෝම්බ පිපිරීමෙන් තුවාල සිදුවී තිබුණා. ඔවුන් එම තුවාල නොතකා ආරක්ෂක ලේකම්වරයා කාර් රථයෙන් පිටතට ගෙන වෙනත් වාහනයක් කරා ගෙන යද්දී ඔහුගේ ඇඳ සිටි කමිසයේ ලේ තැවරී තිබුණා. ආරක්ෂක රැකවලුන්ගේ සිරුරුවලින් ගලා ගිය ලේ තමා ගෝඨාභය රාජපක්ෂ මහතා ඇඳ සිටි සුදු කමිසයේ තැවරී තිබෙන්නේ කියා පසුව මට දැන ගැනීමට ලැබුණා.’’
විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිරිවර්ධන මහතා තවදුරටත් ඒ ගැන තොරතුරු හෙළිකරමින් මෙසේ ද කීය.
‘‘මම මේ සිද්ධිය ගැන විමර්ශන සිදු කිරීමට පටන්ගත්තා ආරක්ෂක ලේකම්වරයා ගමන්ගත් මෝටර් රථය හා ආරක්ෂක රථ පෙළ ධර්මපාල මාවත ඔස්සේ කොල්ලුපිටිය පිත්තල හන්දිය දෙසට ගමන් කරද්දි එය සර් ජේම්ස් පීරිස් මාවතට හැරවීමට ඉඩකඩ ලබා ගැනීමට එම ස්ථානයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි නිලධාරින් අනෙකුත් හරස් මාර්ගවලින් වාහන ඇතුළු කිරීම නතර කර තිබුණා. එහෙම කර තිබුණේ ආරක්ෂක පියවරක් වශයෙන්. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහතා රැගත් මෝටර් රථය ධර්මපාල මාවතේ දකුණු පසින් ගමන් කර තිබෙනවා. එම මාර්ගයේ වම් පස කොටසේ තිබූ වාහනවලට ද වර්ණ සංඥාවලින් ඉදිරියට ගමන් කිරීම වළක්වා තිබෙනවා.
ගෝඨාභය මහතා ගමන් කළ වාහනය වර්ණ සංඥා පුවරුව අසලින් දකුණට හැරවීමට මොහොතකට කලින් වම් පස මංතීරුවේ නවතා තිබූ වාහන පෙළ අතර තිබූ ත්‍රීරෝද රථයේ සිටි මරාගෙන මැරෙන කළු කොටි ත්‍රස්තවාදියා බෝම්බය පුපුරුවා හැර තිබෙන බව පරික්ෂණවලින් හෙළිවුණා. පිපිරීමෙන් ගෝඨාභය මහතා ගමන්ගත් රියේ ඉදිරිපස කොටසට සුළු හානියක් සිදුවී තිබෙන අන්දම මම දුටුවා.
ආරක්ෂක ලේකම්වරයාගේ රථයට ආරක්ෂාව සපයමින් ඉදිරියෙන් යතුරුපැදියක නැගුණ යුද හමුදා විශේෂ බළකායේ භටයින් දෙදෙනාත් එම විශේෂ බළකා භටයින් දෙදෙනා ගමන්ගත් යතුරු පැදිය බෝම්බ පිපිරීමත් එක්කම ඔවුන් දෙදෙනා ද සමග මීටර් 25 ක් පමණ ඉදිරියට විසිවී ගොස් තිබුණා මට මතකයි.
රාජපක්ෂ මහතා ගමන්ගත් වෙඩි නොවදින රථයට දෙපසින් එම ආරක්ෂාවට ඩිෆෙන්ඩර් වර්ගයේ රථ දෙකක් ගමන්කර තිබෙනවා. මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා බෝම්බය පුපුරුවා ගැනීමෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ගමන්ගත් රථයට විශාල හානියක් වීම වැළකීගියේ එම ඩිෆෙන්ඩර් රථ දෙක නිසා බව අපට පෙනී ගියා.
බෝම්බය පුපුරුවාගත් මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදියාගේ මළ සිරුර ආරක්ෂක ලේකම්වරයාගේ ආරක්ෂාවට ගිය ඩබල්කැබ් රථයේ පිටුපස කොටසට වැටී තිබී අප සොයාගත්තා. වැඩිදුර පරික්ෂණ සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලය රැගෙන ගියා. සිරුරේ හිස කොටස තිබුණේ නැහැ.
මරාගෙන මැරෙන බෝම්බකරුවා පැමිණ තිබූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස කොටස ගැලවී ඈතට විසිවී ගොස් තිබිය දී පොලිසිය සොයාගනු ලැබීය.
බෝම්බ පිපිරීමත් එක්කම ඒ අසල තිබූ මෝටර් රථ දෙකක් ගිනි ගෙන එම රථ දෙක සම්පූර්ණයෙන්ම විනාශ වී තිබිණ.
හමුදාවේ රාජකාරි කරන වකවානුවේ රණබිමේ අභීත සෙන්පතියෙක් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා එදා මේ මාරක බෝම්බයෙන් බේරුණේ ජාතියේ මහා වාසනාවකටය.
ත්‍රී රෝද රථයේ බෝම්බ ඇටවූ කොටි බෝම්බ විශේෂඥයා පසු කාලයක වවුනියාවේ දී අත්අඩංගුවට ගත් බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.
මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදියකු යොදවා ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමට උත්සාහ කළේ වන්නි මානුෂීය මෙහෙයුම නවතා ගැනීමේ අරමුණින් යැයි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පෙන්වා දෙයි.
මෙවැනි බියගුලු නිවට ප්‍රහාරවලින් තමා ජාතිය වෙනුවෙන් කරන යුතුකම් කිසිසේත් අත් නොහරින බව මේ සිද්ධියෙන් පසු ගෝඨාභය මහතා කියා තිබිණි.
එවකට ආරක්ෂක ලේකම්වරයාව සිටි වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එල්ටීටීඊ ප්‍රහාරවලින් අනූනවයෙන් ජීවිතය බේරාගත් අවස්ථා ගණනාවක්ම තිබේ.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඩොනල්ඩ් පෙරේරා සහ යුද හමුදාපති සරත් ෆොන්සේකා යන මහත්වරුන් රැගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානයක් යාපනය පලාලි ගුවන් තොටුපොලට බැස්සවීමට ගිය අවස්ථාවේ කොටි ත්‍රස්තවාදීන් පලාලි අධි ආරක්ෂිත කලාපයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන ඇත.
කොටින්ගේ කාල තුවක්කු ප්‍රහාරවලින් මිදී යානය ඉහළ අහසට ඔසවා ගැනීමට නියමුවා සමත් වූ නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමට කිසිදු අනතුරක් නොවීය.
මේ සිද්ධිය වූයේ 2008 ජනවාරි මාසයේ 28 වැනිදා උදේ වරුවකය.
යුද හමුදාවේ යාන්ත්‍රික ප්‍රහාරක බළකායේ නිලධාරින්ගේ හා සෙබළුන්ගේ විසිරයාමේ පෙළපාළියක් එදින උදේ පලාලි යුද හමුදා කඳවුරු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතව තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.
රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරින් කණ්ඩායමක් වවුනියාව ප්‍රදේශයේ දී කොටි බුද්ධි අංශ නායකයකු අත්අඩංගුවට ගෙන තිබුණේ 2009 වසරේ අගෝස්තු මාසයේය.
මෝදර මට්ටක්කුලියේ ආනන්ද මාවතේ පිහිටි නිවසක යකඩ අල්මාරියක රහස් කුටියක කිලෝ පහක් පමණ බර මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලයක් සයිනයිඩ් කරල් 13 ක්, අත්බෝම්බ 15ක්, කුඩා ප්‍රමාණයේ ගිනි අවියක්, උණ්ඩ 75ක්, බෝම්බ පිපිරුම්වලට යොදාගන්නා දුරස්ථපාලක 02ක් හා බෝම්බ පිපිරවීමට යොදාගනු ලබන ඩෙටනේටර් 10 ක් ද සඟවා තිබිය දී සොයාගනු ලැබුවේ වවුනියාවේ දී අල්ලාගත් කොටි බුද්ධි අංශයේ ප්‍රබලයාගෙන් හෙළිකරගත් තොරතුරු මතය.
මේවා ගෙනවිත් සඟවා තබාගෙන සිට ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට යොදා ගැනීමට බව රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරින් ඔහුගෙන් ප්‍රශ්න කර තොරතුරු හෙළිකර ගත්තේය.
ආරක්ෂක ලේකම් ගෝඨාභය මහතා ගමන් කරන රිය ඉලක්ක කරගනිමින් බෝම්බ ඇටවූ යතුරුපැදියක් ගැටීමට සැලැස්වීම අපේ පළමු අදියරට අයත්ව තිබුණා. ඔහු රෝහලට රැගෙන යන අතරවාරයේ මරාගෙන මැරෙන තව කොටියකු එම රථයට කඩා පැන බෝම්බයක් පුපුරුවා ගැනීම අපේ දෙවැනි අදියරට අයත්ව තිබුණා. පළමු වතාවේ බෝම්බ පිපිරීමෙන් මියගොස් සිටියේ නැත්නම් දෙවැනි බෝම්බ ප්‍රහාරයෙන් මරා දැමීමටයි එහෙම කර සැලසුම් කර තිබුණේ යැයි වවුනියාවේ දී අල්ලාගත් කොටි බුද්ධි අංශ ප්‍රබලයා රාජ්‍ය බුද්ධි අංශ නිලධාරින්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ එදා පාපොච්චාරණය කර තිබිණි.
රාජපක්ෂ මහතා ගමන්ගත් රථය
රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරින් සමග එක්ව මෙම පරික්ෂණ කටයුතු මෙහෙයවනු ලැබුවේ එවකට කොළඹ උතුරු කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත පෙරේරා සහ පොලිස් අධිකාරි චම්පික සිරිවර්ධන යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් හා මෙහෙයවීම යටතේ මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වනු ලැබුවේ එවකට මෝදර පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.
බෝම්බ ඇඳුම්කට්ටල ඇතුළු අවි ආයුධ හා බෝම්බ සොයා ගැනීම නිසා ගෝඨාභය මහතා ඝාතනය කිරීමට කොටි ත්‍රස්තයන් යොදා තිබූ සැලැස්මක් අන්තිම මොහොතේ වැළකී ගියේය.
පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10ක් යොදා සකස් කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලයක් ක්ලේමෝ බෝම්බ ඇතුළු යුධෝපකරණ මහ තොගයක් වැල්ලවත්ත සහ කොටහේන යන ප්‍රදේශවල සඟවා තිබිය දී කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් සොයාගත්තේ 2009 වසරේ ජුලි මාසයේ දීය.
මේවා සොයා ගත්තේ ද කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සැඟව සිටියදී අල්ලාගත් කොටි ප්‍රබලයකුගෙන් ප්‍රශ්නකර අනාවරණය කරගත් තොරතුරු මත ගොස්ය.
මරාගෙන මැරෙන බෝම්බ ඇඳුම් කට්ටලය ගෙනවිත් තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් බව ත්‍රස්තවාදී කොට්ඨාසයේ නිලධාරින් කළ පරික්ෂණවලින් අනාවරණය වී තිබිණි.
ප්‍රහාරයෙන් පසු...
ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට යොදා තිබූ සැලැස්මක් අවසන් මොහොතේ වැළකී ගියේ බෝම්බ ඇඳුම් කට්ටලයත් ඇතුළු අවි ආයුධ රැසක් සොයා ගැනීම නිසාය.
බස්නාහිර පළාත් බුද්ධි අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් කොළඹ - බොරැල්ල වටරවුමේ දී 2009 වසරේ ජුනි මාසයේ දිනක අල්ලාගත් කොටි ත්‍රස්තවාදියකුගෙන් ප්‍රශ්න කිරීමේ දී ද එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතා සහ ආරක්ෂක ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට යොදා තිබූ ඝාතන සැලැස්මක් ගැන තොරතුරු හෙළිවුණි.
බොරැල්ලේ දී අල්ලාගත් කොටි ත්‍රස්තවාදියාගෙන් අනාවරණය කරගත් කරුණු මත වවුනියාව වෙප්පන්කුලම ප්‍රදේශයේ නිවසක් සෝදිසිකර සී-04 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40ක් අසුරා තිබූ ගෑස් සිලින්ඩරයක්, අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක්, අත්බෝම්බ දෙකක් හා ඩෙටනේටර් තොගයක් ද පොලිසිය සොයා ගන්නා ලදී.
මේවා නිවසේ ගබඩා කරගෙන සිටි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගත් අතර ඔහු ජාත්‍යන්තර සංවිධානයක රියදුරෙක් බව පොලිස් පරික්ෂණවලින් හෙළිවී තිබේ.
මේවා සොයා නොගන්නට ගෝඨාභය මහතාගේ ජීවිතයට හානි වීමට තිබූ ඉඩකඩ වැඩිය.
ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පති රවි සෙනවිරත්න සහ නියෝජය පොලිස්පති ගාමිණි මතුරට යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස් මත ගොස් මේවා සොයාගනු ලැබුවේ සහකාර පොලිස් අධිකාරි බන්දුල විජේරත්න මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.
සටහන
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප
රොමේෂ් ධනුෂ්ක ද සිල්වා
ඒ උතුම් පංච අභිඤ්ඤාලාභී උතුමන් පස්නමම වැඩ සිටින්නේ එකට. උන්වහන්සේලාගෙන් දෙනමක් ලංකාවාසි වන අතර, තුන් නමක් ඉන්දියාවේ වාසය කරන අයයි.
ලෝකය සහ සොබා දහමේ හට ගන්නා වෙනස්වීම් පුරෝකථනය කිරීම සඳහා වූ පැරණිතම විද්‍යාව වන්නේ Mundane Astrology හෙවත් ලෝකායන නක්ෂත්‍ර විද්‍යාව ය. යටත් පිරිසෙයින් එහි භාවිත
මේ දිනවල ක්‍රිකට් හිතැති හැමදෙනාම කතා කරන්නේ වෛභව් සූර්යවංශි ඉන්දියානු යෞවනයා ගැන. ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වේගවත්ම ශතක ලැයිස්තුවේ දෙවැනි තැ
මෙම මස ග්‍රහ ගමන් සිදුවෙන ආකාරය අනුව ඔබ උපන් ලග්නයට අදාළව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය පිළිබඳව කෙරෙන විග්‍රහය
කේන්ද්‍ර සටහන යනු අපගේ අනාගතය පිළිබඳව කියැවෙන ග්‍රහ පිහිටීම් සහිත ලේඛනයකි. මෙකී කේන්දරය තුළ විවිධ ග්‍රහ ස්ථානයන්හි විවිධ ග්‍රහයන් පිහිටා තිබීම මත එම
ගැහැනු ළමයකු ගේ දෙවන උපත ලෙස මල්වර වීම හඳුන්වන්න පුළුවන්. එය නව දිවියකට පා තබන සංක්‍රමණික අවධියක් වන්නා සේම, එහිදී දරුවකු ශාරීරිකව මෙන්ම මානසිකව ද යම් ය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගෝඨාභයට එල්ල කළ පිත්තල හන්දියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය
Alex Monday, 25 November 2019 10:56 PM
කාගෙද මේ ලේ?
hasiTuesday, 26 November 2019 10:15 AM
එතුමාගේ නම් නෙමෙයි... තුවාල උන හමුදා සෙබලෙක්ගේ ලේ තමයි අපේ ජනාධිපතිතුමාගේ කමිසයේ තියෙන්නේ.. එතුමාගේ ලේ හොලවන්න කාටවත්ම නොහැක.. ජය වේවා රට බේරාගත් වීරයාණෙනි...
ravinThursday, 28 November 2019 12:21 AM
මේ වැඩේ ගෝඨාභය ම කරගත්ත එකක් බව වික්ටර් අයිවන් මහත්මයා සාක්ෂි ඇතිවම කියලා තිබුනා.
Suman Tuesday, 26 November 2019 11:07 AM
පරණ කතා වැඩක් නැහැ. මේවා දාන කොට මිනිස්සු කුල්ලපු වෙන්න පුළුවන්.
sl.udayanga Friday, 29 November 2019 03:07 PM
අතීතය ගැන මතක් කරලා දීලා ජාතික ආරක්ෂාව තර කිරීමට තිබෙන අවැසි බව කියල දුන්න එක ගැන ස්තූතියි