IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ක්‍රිකට් උපන් රටටම ක්‍රිකට් පිති විකුණන ලාංකික තරුණයා

 

 

 

  • අමුද්‍රව්‍ය සඳහා අයකරන අධික බදු බර අඩුකර දෙන්නැයි ඉල්ලීමක්

 

ශ්‍රී ලංකාවේ පළමු වරට ලෙදර් ක්‍රිකට් ‘බැට්’ නිෂ්පාදනය කර ක්‍රිකට් උපන් රට වන එංගලන්තයට සහ ඕස්ට්‍රේලියාවට අපනයනය කරන තරුණයෙකු පිළිබඳව අසන්නට ලැබුණි. ඒ සඳහා වන අමුද්‍රව්‍ය සඳහා රජය අය කරන අධික බදු ඔහුගේ නිෂ්පාදනවලට දැඩි බලපෑමක් එල්ල කර තිබේ.   


ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ 24 හැවිරිදි සහන් දික්මාදුගොඩගේ 2018 වසරේ සිට ශ්‍රී ලංකාවේ ස්ටෝන්ච් (Staunch) නාමයෙන් ලෙදර් බැට් නිෂ්පාදනය කරයි.   
“මගේ ඉල්ලුම්කරුවො ගොඩක් එංගලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ තමයි ඉන්නේ. ශ්‍රී ලංකාවේ නමගිය ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයොත් මගේ ‘බැට්’ ගන්නවා”.   
“පා ආවරණ, අත් ආවරණ ආදී සියලුම ක්‍රිකට් උපකරණ නිෂ්පාදනය කරන්න මට හැකියාව තියෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ මේ සඳහා වන බදු අධිකයි”.   
“මම දැන් ලී ගේන්නේ ඕස්ට්‍රේලියාවෙන්. බැට් එකේ අතින් අල්ලන කොටස මැලේසියාවෙන් ගේනවා. ඉන්දියාවෙනුත් තව තව දේවල් ගේනවා”.   
“මට ලෙදර් පන්දු හදන්නත් පුළුවන්. මට රජයෙන් සහයෝගය දෙනවනන් සියලුම ක්‍රිකට් උපකරණ දාරාගත හැකි මිලට දෙන්න පුළුවන්”.   
“අපේ රටේ බොහෝ දරුවන්ට ක්‍රිකට් උපකරණ නෑ. ඒක ඇතැම් ප්‍රධාන කණ්ඩායම්වලටත් පොදුයි. ඒකට හේතුව මිල අධික වීමයි. මට රජයේ සහයෝගය ලැබුණොත් අඩු මිලට දෙන්න පුළුවන්” යැයි මෙම තරුණ නිෂ්පාදකයා පැවසීය.   


ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි උපත ලබා එහිදීම අධ්‍යාපනය ලැබූ සහන්, ශ්‍රී ලංකාවට පැමිණ ‘බැට්’ නිෂ්පාදනයට යොමු වූ ආකාරය මෙසේ පැහැදිලි කළේය.   
“මම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අතරතුර 2017 වසරේ නිවාඩුවකට ලංකාවට ආවා. ඒ ආපු වෙලාවේ මට අවශ්‍ය වුණා ක්‍රිකට් ටීෂර්ට් එකක් මිලදී ගන්න. මම ටීෂර්ට් සොයන්න ක්‍රිකට් උපකරණ තියෙන සාප්පුවලටත් ගියා”.   
“එහිදී මම නිකමට වගේ බැට්වල ගණන් විමසුවා. එහිදී මට තේරුණා බැට් මිල අධිකයි කියලා. මට හිතුනා ඕස්ට්‍රේලියාවේ මෙච්චර ගණන් නෑ කියලා”.   
“මම ලංකාවේ ක්‍රිකට් බැට් ගැන හෙව්වා. එතකොට තමයි දැනගත්තේ ලංකාවේ බැට් හදන්නෙ නෑ කියලා. ඊට පසුව මම නැවත ඕස්ට්‍රේලියාවට ගියාට පසුව බැට් හදන්න ඉගෙන ගත්තා”.   

 

 


“මට උපාධිය ගන්න තව අවුරුද්දයි තිබුණේ. නමුත් මම විශ්වවිද්‍යාලයෙන් ඉවත් වුණා. බැට් හදන්න ඕනැ මැෂින් සහ උපකරණ මිලදීගෙන ලංකාවට එව්වා”.   
“මම මුලින්ම පාකිස්තානයෙන් ලී ගත්තේ. නමුත් මට ඒ සැපයුම්කරු වංචාවක් කළා. එයින් මට ලක්‍ෂ ගණනක පාඩුවක් වුණා. ඊට පසුව මම ඕස්ට්‍රේලියාවෙන් ලී ගෙන්නුවා”.   
“ලී ඇතුළු අමුද්‍රව්‍ය ගෙන්නන විට විශාල බද්දක් අය කරනවා. එය අඩු වුණොත් මට ලංකාවේ දරුවන්ට අඩුවට හොඳ බැට් එකක් දෙන්න පුළුවන්”.   
සහන්, ශ්‍රී ලංකාවේ බැට් නිෂ්පාදනය සඳහා නව උපකරණ ද නිර්මාණය කරගෙන ඇති ආකාරය දැකිය හැකිය. එහිදී ඔහු ඇතැම් උපකරණ දේශගුණික තත්ත්වයන් සමඟ ගැළපෙන ආකාරයට නිර්මාණය කර තිබීම කැපී පෙනේ.   
“ශ්‍රී ලංකාවේ දේශගුණ තත්ත්වය අනුව බැට් නිෂ්පාදනයට ගන්නා ලීවලට ජලය උරා ගන්නා තත්ත්වයක් තියෙනවා. ඒ නිසා බර වැඩි වෙනවා. ඒකයි මම හිතන්නේ මෙච්චර කල් අපේ රටේ බැට් හදලා නැත්තේ”.   


“මම ඕස්ට්‍රේලියාවේදී ඉගෙන ගත්තා කොහොමද වතුර උරාගන්න තත්ත්වය නැති කරන්නේ කියලා. මම ඒකට වෙනම උපකරණයක් හැදුවා. ඒකෙන් වතුර අදිනවා. මගේ උපකරණයෙන් ඕස්ට්‍රේලියාවේ උෂ්ණත්වයට ශ්‍රී ලංකාවේ ලී තියාගන්න පුළුවන්. ඒ නිසා මට ඕස්ට්‍රේලියානු තත්ත්වයේ බැට් එකක් නිෂ්පාදනය කරන්න හැකිවෙලා තියෙනවා”.   
“ශ්‍රී ලංකාවේ බැට් හදන්න මැෂින් තිබුණේ නෑ. මම ඉංජිනේරුවරයකු සමඟ එකතුවෙලා ඒ මැෂින්වල වෙනස්කම් කළා. දැන් මට පහසුවෙන් ඒ අවශ්‍ය හැඩය ගන්න පුළුවන්”.   
“මෙහිදී මම විශේෂයෙන් මතක් කරන්න ඕනෑ චරිත් සේනානායක මහත්මයා මට උදව් කිරීම නිසා තමයි මට හිස ඔසවන්න පුළුවන් වුණේ. ඒ වගේම හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මහතා ද සහයෝගය දැක්වුවා” යැයි සහන් වැඩිදුරටත් පැවසීය.   


සහන්ගේ බැට් නිෂ්පාදන ආයතනය මුල්ලේරියාව ප්‍රදේශයේ ස්ථාපිතව ඇති අතර 0703056610 දුරකථනයෙන් සහන් සම්බන්ධ කරගත හැකිය.   

 


සටහන සහ ඡායාරූප
යොහාන් භාසුර   



අදහස් (0)

ක්‍රිකට් උපන් රටටම ක්‍රිකට් පිති විකුණන ලාංකික තරුණයා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29940 30


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12085 7

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10891 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 757 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 226 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 877 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site