IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


විදුලි බිලෙන් ජනතාවට ’කරන්ට් ’ වදින්නේ මෙහෙමයි

 

 

කරුණු කාරණා කෙසේ වුව ද දහසකුත් ජීවන දුෂ්කරතා මැද, සිය පණ නළ යන්තම් අල්ලාගෙන සිටින රටේ ජනතාවගේ හුස්ම පොද ගිලිහී යාමට නොදී, කිසියම් සහනදායි ක්‍රමවේදයක් සකස් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතුව තිබේ.

 

රටේ ජනතාවට තෙල් නැත. ගෑස් නැත. බෙහෙත් නැත. ඖෂධ හා උපකරණ නැත. සහල් කිරිපිටි සීනි පරිප්පු සාධාරණ මිලකට නැත. හෙට අනිද්දා ජිවිත ගිල ගැනීමට එන බව කියන සාගතයට මුහුණ දීම සඳහා වවන්නට කීවාට පොහොර නැත. බීජ නැත. කෘෂි යන්ත්‍රෝපකරණවලට ඉන්ධන නැත. බොහෝ රෝහල්, පාසල් වසා දමා ඇත. හිටි හැටියේ කපා දමන විදුලිය නිසා ලයිට් ද නැත. පැය දෙක තුනේ කප්පාදු කරමින් ලබා දෙන ඒ විදුලියට ද දැවන්ත බිලක් හෙට අනිද්දා එකතු කරන බවට කෙරෙන බරපතළ කතා බහ නිසා ආර්ථික දේශපාලන සමාජ අර්බුද ගණනාවක සිරවි, ප්‍රශ්නවලින් පීඩිතව සිටින ජනතාව දැන් වැටී සිටින්නේ අන්ත අසරණ තත්ත්වයකට ය.   

රටේ ජනතාව මහජන නියෝජිතයින් 225 දෙනෙකු තෝරා පත්කර ගෙන පාර්ලිමේන්තුවට එවා ඇතත්, ජනතාවගේ සැබෑ ජීවන දුෂ්කරතාවයට පැලැස්තර මිස නිශ්චිත උත්තර කිසිවෙකු ඉදිරිපත් කරන බවක් හෝ ඉදිරිපත් කර තිබෙන බවක් හෝ පෙනෙන්නට නැත. පෙනෙන්නට ඇති එකම සත්‍යය ජනතාව දිනෙන් දින, පැයෙන් පැය, මොහොතින් මොහොත අන්ත අසරණ වන බව පමණ ය. ඇමැතිවරුන් සියයට අනූවක්ම පවසන්නේ නැතිකම, බැරිකම ගැන ය. හැකිකම ගැන කිසිදු වදනක් ඇසෙන්නට නැත.   


යෝජිත විදුලි ගාස්තු සංශෝධනය නිසා ජනතාවගේ සිත් සතන් ගිනි ගෙන පත්තු වී තිබේ. 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වන වගන්තිය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය (බෙදාහැරීම බලපත්‍රලාභියා) 2022 වර්ෂය සඳහා සියයට 82 ක ගාස්තු ඉහළ දැමීමක් සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය ඉල්ලා ඇත.   


කෙසේ වෙතත් බහුතර ගෘහස්ත විදුලි පාරිභෝගිකයන් සඳහා සහනයක් වශයෙන් අදාළ ගාස්තු වැඩි කිරීම සියයට 57 කට නොවැඩි විය යුතු බව එම කොමිෂන් සභාවේ ස්ථාවරය වී තිබේ.   
මහජනතාවගේ අදහස් විමසීමකින් තොරව මහජන උපයෝගිතා කොමිෂන් සභාව අදාළ ගාස්තු වැඩි කිරීම නොකරන බව දැඩිව අවධාරණය කර සිටින්නේ එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතාය. ජනතාවගේ අදහස් අනුව එම අදහස් සැලකිල්ලට ගෙන අවසන් තීරණය ගන්නා බවත් ඔහු දැඩිව අවධාරණය කරන්නේය.   


ඔහු පෙන්වා දෙන අන්දමට මාසික විදුලි පරිභෝජනය ඒකක 60 ට වඩා අඩු ගෘහස්ත විදුලි පාරිභෝගික සංඛ්‍යාව මිලියන 3.14 කි. එය සමස්ත ගෘහස්ත විදුලි පාරිභෝගිකයින්ගෙන් සියයට 50 ක් පමණ වෙයි. මෙම විදුලි පාරිභෝගික පිරිස සඳහා රුපියල් බිලියන 65 ක සහනාධාරයක් සපයන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව රජයට මෙහිදී නිර්දේශ කර තිබේ. එම සහනාධාරය සැපයීම මගින් මාසික පරිභෝජනයට ඒකක 60 ට වඩා අඩු කාණ්ඩය සඳහා ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කර ඇති ආකාරයේ විශාල ගාස්තු වැඩිවීමකින් වැළකී සිටිය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.   


වත්මන් ගාස්තු ක්‍රමය ගත්විට සාමාන්‍ය මාසික පරිභෝජනය ඒකක 0-30 අතර හෝ එයට අඩු වන්නේ නම්, ඒකකයක මිල වන්නේ රුපියල් 2.50 කි. මාසික ස්ථාවර ගාස්තුව වන්නේ රුපියල් 30කි.   
ලංකා විදුලි බල මණ්ඩලයේ යෝජනාව වන්නේ එම අයට ඒකකයක මිල රුපියල් 8.00 දක්වා වැඩි කිරීම ය. මාසික ගාස්තුව රුපියල් 30 වෙනුවට එය රුපියල් 430ක් කිරීම ය. සාමාන්‍ය මාසික බිල රුපියල් 507.65 කි. එය සාමාන්‍යයෙන් ගත් විට සියයට 835 ක පමණ ගාස්තු ඉහළ යාමකි.   


මෙහිදී මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ස්ථාවරය වී ඇත්තේ එපමණ ගණනක් වැඩි කිරීම කළ යුතු නොවන බව ය. ඒ අයට රජයෙන් සහනාධාරයක් දිය යුතු බවය. ඒ අනුව රජයට නිර්දේශයක් ද ඉදිරිපත් කර ඇත. ඒ අනුව එම වැඩිවීම සියයට 320 කට සීමා කළ යුතු බව ය. මෙහිදී එම පාරිභෝගිකයාගේ යුනිට් රේට් එක රුපියල් 8.00 ක් පමණ වෙයි. ලංවිම යෝජනාව වූ රුපියල් 430 වෙනුවට රුපියල් 150 කට සීමා වෙයි. ඒ ආකාරයට ගත් විට විදුලිබල මණ්ඩලය යෝජනා කරන සියයට 835 ක ගාස්තු සංශෝධනය වෙනුවට මහජන උපයෝගිතා කොමිෂම නිර්දේශය අනුව ගාස්තු ඉහළ යාම සියයට 320 ක පමණ ගාස්තුවක් වැඩිවීමට නියමිත වනු ඇත.   


ඒකක 31-60 ත් අතර විදුලිය පාවිච්චි කරන අයට මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1,100 කින් ඉහළ දැමිය යුතු බවට විදුලිබල මණ්ඩලය යෝජනා කළ ද, ඒ සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර ඇත්තේ රුපියල් 300 ක වැඩි වීමකි. ඒකක 31-60 ත් අතර අයට දැනට රුපියල් 4.85 ක්ව පවතින විදුලි ඒකකයක මිල රුපියල් 12.50 කින් වැඩි කළ යුතු බවට විදුලි බල මණ්ඩලය යෝජනා කළ ද ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසම නිර්දේශ කර ඇත්තේ රුපියල් 10 ක ගාස්තු සංශෝධනයකි.   
මේ ආකාරයට ගත් විට 31-60 කාණ්ඩය 61-90 කාණ්ඩය, 91-120 කාණ්ඩය, 121-180 කාණ්ඩය, 180 කාණ්ඩය යනුවෙන් ගෘහස්ත අංශය කාණ්ඩ 6 ක් වෙයි.   
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉදිරිපත් කරන මාසික පරිභෝජන වගුව මේ ආකාර ​මෙහි දැක්වේ. 


ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවට අනුව මාසික පරිභෝජනය ඒකක 30 ට අඩු කාණ්ඩයේ සාමාන්‍ය මාසික විදුලි බිල්පත රුපියල් 507 දක්වා ඉහළ යන බවත්, එය සියයට 835 ක වැඩිවීමක් බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.   


එසේම මාසික පරිභෝජනය ඒකක 30ට වැඩි 60 ට අඩු අයගේ සාමාන්‍ය මාසික බිල්පත රුපියල් 1488 ක් දක්වා ඉහළ යන අතර ප්‍රතිශතයක් වශයෙන් සියයට 673 ක ගාස්තු ඉහළ යාමක් වෙයි. මේ සහනාධාරය හේතුවෙන් එවැනි ගාස්තු වැඩි කිරීමක් වෙනුවට ඒකක 30 ට අඩු පාරිභෝගිකයින් සඳහා සාමාන්‍ය මාසික විදුලි බිල රුපියල් 227 ක් හා ඒකක 30 ට වැඩි ඒකක 60 ට අඩු පාරිභෝගිකයන් සඳහා සාමාන්‍ය මාසික විදුලි බිල රුපියල් 658 ක මට්ටමේ පවත්වා ගත හැකි බව ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙයි. ඒ අනුව එම කොමිෂන් සභාව එම කාණ්ඩ දෙක සඳහා පිළිවෙළින් ගාස්තු ඉහළ යාම සියයට 320 හා සියයට 242 මට්ටමට අඩු කළ බවත්, සමස්ත ගෘහස්ත අංශය සඳහා සියයට 138 ක ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කර තිබුණ ද, එය සියයට 67 කට නොවැඩි විය යුතු යැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දී ඇත.   
මෙහිදී පොදු කාර්ය කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන් සඳහා සියයට 45 ක් ද, කර්මාන්ත අංශයේ විදුලි පාරිභෝගිකයින් සදහා සියයට 61 ක් ද, හෝටල් අංශය සඳහා සියයට 43 ක් ද, රාජ්‍ය ආයතන සඳහා සියයට 43 ක් ද, ආගමික ස්ථාන සදහා සියයට 189 ක් වශයෙන් ද විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත.   


යෝජිත ගාස්තු සංශෝධනය අනුව විදුලි ඒකකයක සාමාන්‍ය මිල රුපියල් 18.14 සිට රුපියල් 32.48 දක්වා සියයට 82 කින් ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය ඉලක්ක කර තිබේ.   


මේ පිළිබඳ කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා.   


“මෙම ගාස්තු සංශෝධනය මගින් ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 512 ක වාර්ෂික ආදායමක් ඉලක්ක කරනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශය වන්නේ සාමාන්‍ය විදුලි ඒකකයක මිල රුපියල් 28.14 කට වඩා ඉහල නොදැමිය යුතු බවයි. විදුලිබල මණ්ඩලය සිය කාර්යක්ෂමතාව ඉහළ දැමීම සඳහා මෙහෙයුම් පිරිවැය සියයට 10 කින් අඩු කර, එම ඉතිරි කිරීම් භාවිතා කර වැඩි වශයෙන් පුනර්ජනනීය විදුලිය පද්ධතියට ලබා ගැනීමට ක්‍රියාකළ යුතු බවටත් අපි නිර්දේශ කරනවා.   
මේ අතර විදුලි බිල වැඩි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම පිළිබඳව සහ ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කර ඇති ප්‍රතියෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් කැඳවීමට ද සිය කොමිසම තීරණය කර ඇති බව ද ඒ මහතා පවසයි. ඒ අනුව මහජන උපයෝගිතා කොමිසමේ වෙබ් අඩවිය හරහා මෙය ප්‍රකාශයට පත් කර ඇති බවත් ලිඛිත අදහස් ජනක රත්නායක සභාපති ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාව යන ලිපිනය හරහා තැපැල් මාර්ගයෙන්, ඊමේල් හෝ ෆැක්ස් මගින් ඉදිරිපත් කළ හැක. අදාල ලිඛිත අදහස් දැක්වීම් 2022 ජූලි 18 දින දක්වා බාර ගනු ලැබේ. මහජන උපදේශනයේ වාචික අදහස් දැක්වීමේ සැසිය පැවැත්වෙන දිනය හා ස්ථානය පිළිබදව තොරතුරු ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරන අතර වාචික අදහස් දැක්වීමේ සැසියට ඔන්ලයින් ක්‍රම ඔස්සේද සහභාගි වීමට පහසුකම් සලසනු ලැබේ. ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙස සිය කොමිෂන් සභාව මහජනතාව ඇතුළු සියලු‍ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ද එහි සභාපති ජනක රත්නායක මහතා වැඩි දුරටත් ඉල්ලා සිටී.   


කරුණු කාරණා කෙසේ වුව ද දහසකුත් ජීවන දුෂ්කරතා මැද, සිය පණ නළ යන්තම් අල්ලාගෙන සිටින රටේ ජනතාවගේ හුස්ම පොද ගිලිහී යාමට නොදී, කිසියම් සහනදායි ක්‍රමවේදයක් සකස් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතුව තිබේ. ණය කඳු හමුවේ අඳුරට යන ජනතාවගේ ජීවිත එම අඳුරින් මුදා ගැනීමට ආණ්ඩුව වහ වහා පියවර ගත යුතුව තිබේ. යන්තම් වේල පිරිමසාගෙන ජීවන අර්බුදයක කරවටක් ගිලී සිටින ජනතාවගේ හිස මත විදුලි ගාස්තුව වැඩිවීමද කඩා පතිත වුවහොත් එය අතිශය බරපතළ ඛේදවාචකයක්ම වනු ඇත.   

 

 

සටහන
පද්මිණි මාතරගේ



අදහස් (0)

විදුලි බිලෙන් ජනතාවට ’කරන්ට් ’ වදින්නේ මෙහෙමයි

ඔබේ අදහස් එවන්න

තක්සලාව

අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 4243 1

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


පිළිකා රෝගීන්ගේ හීන පාට කළ බලාපොරොත්තුවේ ඡායා දැක්ම
2024 අප්‍රේල් මස 08 76 0

‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?
2024 මාර්තු මස 25 1539 1

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්


මේ නම් හෙණකඳයෙක්ම තමයි
2024 මාර්තු මස 02 514 0

මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්


facebook මිත්‍රයාට 20 යි
2024 පෙබරවාරි මස 10 182 0

මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.


වගකීමට වඩා වගවීම අදහන අතිරේක ලේකම්වරිය
2024 පෙබරවාරි මස 10 293 0

බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 776 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2328 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1992 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site