IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ප්‍රංශ තානාපතිවරයා පාත්ෆයින්ඩර් තානාපති වටමේස හමුවට

භූ දේශපාලනය
හඳුනාගැනීමට පදනමක් සකස් කරන අරමුණ ඇතිව තානාපති වටමේස හමුව මැයෙන් අලුත් ආකෘතියක් පසුගියදා පාත්ෆයින්ඩර් පදනම මගින් ඉදිරිපත් කළේය.
තානාපතිවරයෙකු සමග මුහුණට මුහුණ සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍යාංශ නිලධාරීන්, මාධ්‍ය නියෝජිතයන් විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලය, සහ ජාත්‍යන්තර සබඳතා කෙරෙහි අවධානය යොමු කරන ආයතන ඇතුළු පිරිසකට මෙහි දී අවස්ථාව ලැබේ. ප්‍රංශ තානාපති ජෙන් ෆැන්කොයිස් පැක්ටැක් මහතා සහභාගී වු පළමු සාකච්ඡා සැසිය පසුගිය දා කොළඹ දී පවත්වන ලද අතර පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක, කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශ ප්‍රධානී මහීෂා පැස්කුවල්, බණ්ඩාරනායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ පැමිලා ඩීන්, විදේශ අමාත්‍යාංශයේ (යුරෝපා) අධ්‍යක්ෂ ජනරාල් සෝබිනී ගුණසේකර මහත්ම මහත්මීහු සහ මාධ්‍ය ආයතන ප්‍රධානීහු පිරිසක් ආරාධනා ලැබ මෙම අවස්ථාවට සහභාගී වුහ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු වන ප්‍රංශය ජාත්‍යන්තරයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව දක්වන ආකල්ප මෙහි දී දක්වන ලද අතර ශ්‍රී ලංකාව සමග පවත්වන ද්විපාර්ශ්වික සබඳතාවල අනාගතය ගැන ද අදහස් දැක්වීය. මාසයකට වතාවත් පවත්වන මෙම හමුවට යුරෝපා සංගමය, ජර්මනිය ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් සහභාගී වීමට නියමිතය.



අදහස් (0)

ප්‍රංශ තානාපතිවරයා පාත්ෆයින්ඩර් තානාපති වටමේස හමුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 694 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site