
කෝප්‍රල් පේමසිරි ක්‍රියාන්විතයේදී - එදා
තමා දෙස බලාසිටින එම යුවතිය පිළිබඳ පේමසිරි තුළ අදහසක් නොවුනද මඳක් ගතවෙත්ම කිසියම් හුරුපුරුදු බවක් ඒ මුහුණ තුළින් ඔහුට දැනිණ. ඒ සමඟම එම මාර්ග බාදකයේ සේවය කරන හිටපු එල්ටීටීඊ සාමාජිකයා කටහඬ අවදි කළේය. “එදා මහත්තය මට අර කතාවක් කිව්වේ යුද්දෙ කාලෙ සුබ්‍රමනියම් කියල කොටි කෙල්ලෙක්ගෙ ජීවිතේ බේරුව කියල. මේ ඉන්නෙ එයා.
ඒ වෙනවිට හයිටි රාජ්‍යයේ සාමසාධක රාජකාරි සඳහා පිටත්ව යාමට නියමිත හමුදා භට පිරිසට සිය ඒකකයෙන් තෝරා ගෙන සිටි දසදෙනා අතරට ඔහු ද ඇතුළත්ව තිබිණ. එවක සටන් බිම තුළ කෝප්‍රල් පේමසිරි දැක්වූ සුවිශේෂී දායකත්වය හා පුද්ගලික හැදියාව එම අවස්ථාව ඔහුට ලැබීමට හේතු වී තිබිණ. අනතුරුව 2009 වසරේ මැද භාගයේ පටන් සය මසක් හයිටියේ හමුදා සේවයේ නිරතව සිටි කෝප්‍රල් පේමසිරි යළි මව්රට බලා පැමිණියේ 2010 වසර මුල ය. එලෙස පැමිණි පසු යළි ඔහු සේවය සඳහා එක් වෙන්නේ ද 15 (ස්වේච්ඡා) විජයබාහු පාබළ රෙජිමේන්තුවටමය. ඒ වෙනවිට එය ස්ථාපිතව තිබුණේ පුනරීන් ප්‍රදේශයේය. එහිදී ඔහු සැලකිය යුතු කාලයක් තම ඒකකය තුළ විවිධ රාජකාරි සිදුකළ අතර 2012 වසර වෙනවිට හෙතෙම කටයුතු කරන ලද්දේ පුනරීන් තුඩුවෙහි වැලි බෙදාහැරීමේ මධ්‍යස්ථානයක වූ මාර්ග බාධකයකය. කෝප්‍රල් පේමසිරි ඒ වෙනවිට එම මාර්ග බාධකය භාරව කටයුතු කළ අතර, එහි සිට යාපනය ප්‍රදේශයේ ඉදිකිරීම් කටයුතු සඳහා වැලි රැගෙන යාමේ කටයුතු පරීක්ෂා කිරීම හා ඊට ආරක්ෂාව සැපයීම ඔහුගේ වගකීම වී තිබිණ.
එම කටයුතු සඳහා එහි ප්‍රාදේශීය සභාව හරහා සිවිල් පුද්ගලයකු ද සේවයේ යොදවා සිටි අතර, එම ස්ථානයේ සිට වැලි රැගෙන යන ලොරි හා ටිපර් රථ සඳහා අවසරපත් නිකුත් කිරීම ඔහුගේ කාර්යය වී තිබිණ. යුද සමයේ LTTE සංවිධානය යටතේ සේවය කළ අයකු වූ එම පුද්ගලයා පසුව යුද්ධ හමුදාවට භාර වී පුනරුත්ථාපනය වූ අයෙකි. දිගින් දිගටම එම මාර්ග බාධකයේ කටයුතු කළ බැවින් එහි සේවයේ නියුතු හමුදා සාමාජිකයින් සමඟද හේ බෙහෙවින් කුලුපග විය. විශේෂයෙන්ම එහි සිටි කෝප්‍රල් පේමසිරි සමඟ ඔහු බොහෝ සමීපව කටයුතු කළ අතර, පේමසිරිට තරමක් දුරට දෙමළ භාෂාව කතා කළ හැකිවීම එම සබඳතා වැඩි දියුණු වීමට බලපෑවේය. එහිදී දිනක් දෙදෙනා අතර වූ කතාබහක දී මතුවූයේ නොසිතූ මාතෘකාවකි. එනම්, පෙර යුද සමයේ එම ප්‍රදේශයේ වූ ගැටුමකදී කොටි කාන්තාවක් ජීවග්‍රහයෙන් අල්ලාගත් අයුරුත් සුබ්‍රමනියම් නම් වූ ඇයගේ ජීවිතය බේරා ගැනීමට තමා කටයුතු කළ අයුරුත් එහිදී කෝප්‍රල් පේමසිරි එම පුද්ගලයා හමුවේ විස්තර කරන්නට වූයේය. එලෙස දිගින් දිගටම ඇදුණු එම කතාවේදී එහි සිටි සිවිල් පුද්ගලයා කෝප්‍රල් පේමසිරිගෙන් එම සිදුවීමට අදාළ තොරතුරු වඩවඩාත් හාරා අවුස්සන්නට වූයේ මහත් උනන්දුවකිනි. ඔහු ද කලක් එල්ටීටීඊ සංවිධානයේ සිටි අයකු බැවින් එම කාලවකවානුවට අදාළව ඔහු තුළ ද මතක පැවතීම ඊට හේතුවයි.|
විශ්‍රාමික කෝප්‍රල් පේමසිරි අද |
2025 දෙසැම්බර් මස 18
645
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
308
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තම ජීවිතය බේරූ සෙබාළා සොයා පැමිණි කොටි කාන්තාව