IMG-LOGO

ගූගල් අමාරුවේ ත්‍රෙඩ්ස් නිදහස් ටික්ටොක් ප්‍රශ්න වැඩිවෙයි

 

සැම්සුන්, ඇපල් වැනි සමාගම්වල ජංගම දුරකතන, පරිගණක සහ විදුලි උපකරණවල ඇති මෙහෙයුම් පද්ධතිවල ඇති වෙබ් බ්‍රවුසරවල ප්‍රධාන සර්ච් එන්ජිම වීමට ගූගල් සමාගම කොපමණ මුදලක් වැය කරන්නේදැයි පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණයේදී ගූගල් සමාගමකට එරෙහිව පැවති නඩු විභාගයකදී හෙළි වී ඇත.


අනෙකුත් සමාගම්වලට වෙළෙඳපොළට අවතීර්ණ වී තරගකාරීත්වයක් ලබාදීමට ඉඩ නොදෙමින්, නීති විරෝධී අයුරින්, ගූගල් සමාගම දැන්වීම්කරණ තාක්ෂණය සම්බන්ධයෙන් වෙළෙඳපොළ ඒකාධිකාරයක් පවත්වාගෙන යන බවට චෝදනා කරමින් ඇමෙරිකා එක්සත් ජනපද නීතිපති දෙපාර්තමේන්තුව ගූගල් සමාගමට එරෙහිව මෙම නඩුව පසුගිය සැප්තැම්බර් මාසයේදී ගොනු කළේය.


තම නිෂ්පාදනය උසස් නිෂ්පාදනයක් වීම හේතුවෙන් අන්තර්ජාල සෙවුම් සඳහා ආධිපත්‍යයක් හිමිකර ගෙන ඇති බවට ගූගල් සමාගම පැවැසුවත් ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව එය අභියෝගයට ලක් කරමින් මෙම නඩුව ගොනු කර ඇත.


ගූගල් සමාගමේ වෙළෙඳ රහස් ආරක්ෂා කර ගැනීම සඳහා නඩු විභාගයේදී ඉදිරිපත් වූ බොහෝ කරුණු ප්‍රසිද්ධ වීම වළක්වා ගැනීමට ගූගල් සමාගමේ නීතිඥයන් සමත් වූ නමුත් ඇතැම් කරුණු ප්‍රසිද්ධ වීම වැළැක්වීමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැත.


පසුගියදා පැවැති නඩු විභාගයේදී, ගූගල් සමාගම වෙනුවෙන් සාක්ෂි ලබා දුන් විශේෂඥයෙකු ප්‍රකාශ කර ඇත්තේ, ඇපල් සමාගමේ සෆාරි වෙබ් බ්‍රවුසරයේ දැන්වීම් ප්‍රචාරණය කිරීමෙන් ලැබෙන ආදායමෙන් සියයට 36 ක් නැවතත් අයි ෆෝනයේ නිෂ්පාදකයා වන ඇපල් සමාගම වෙත ගූගල් සමාගම යවන බවය.
එහිදී, මෙම නඩුවට ඇපල් සහ ගූගල් සමාගම අතර ඇති සම්බන්ධය ඉතා වැදගත් වෙන බවත්, ගූගල් සමාගම නීත්‍යනුකුල නොවන අයුරින් තරගකාරීත්වය මර්දනය කර ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන් ප්‍රකාශ කර ඇත.
ගූගල් සමාගම වෙනුවෙන් සාක්ෂි ලබා දුන් විශේෂඥයා, එලෙස ප්‍රකාශය ලබාදෙද්දී ගූගල් සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමේ ප්‍රධාන නීතිඥවරයා දැඩි කනස්සල්ල පළ කළ බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කළේය.


ඇපල්, සැම්සුන්ග් සහ මොසිලා ඇතුළු සමාගම්වල වෙබ් බ්‍රවුසර්වලට තම සර්ච් එන්ජිම ඇතුළත් කරගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 26 ක මුදලක් ගූගල් සමාගම ලබා දී ඇති බව නඩු විභාගයේදී අනාවරණය වී ඇත. එම මුදලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 18 ක මුදලක් ලබා දී ඇත්තේ ඇපල් සමාගමට බව වෝල් ස්ට්‍රීට් විශ්ලේෂකයා පවසයි.
ගූගල් සමාගම සෆාරි වෙබ් බ්‍රව්සරය භාවිත කරන පරිශීලකයන්ගෙන් ලබා ගන්නා ආදායමෙන් නැවතත් ඇපල් වෙත ලබා දෙන මුදල් ප්‍රමාණය අධිකරණයේදී හෙළි කළ චිකාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කෙවින් මර්ෆි පැවැසුවේ, වෙළෙඳපොළ තරගකාරීත්වය කෙතරම් ප්‍රබලදැයි යන්නට එම මුදල හොඳම සාක්ෂියක් බවයි.
සාක්ෂි විභාගය දින කිහිපයක් තුළ අවසන් වීමට නියමිතව ඇති අතර සාක්ෂි ලබාදීමට නියමිත පුද්ගලයන් අතර ගූගල් මව් සමාගමේ ප්‍රධානී සුන්දර් පිචායි සහ මයික්‍රෝසොෆ්ට් ප්‍රධානී සත්‍යා නඩෙල්ලා වේ. මෙම නඩුවේදී එක්සත් ජනපද නීතිපති දෙපාර්තමේන්තුව ගූගල් සමාගමට දැඩි දඬුවම් ලබාදීමට අපේක්ෂා කරයි.
මෙම නඩුව පරාජයට පත්වුවහොත් එය ගුගල් සමාගමේ අවසානය නොවූවත් එය තාක්ෂණ කර්මාන්තයට වැදගත් වෙනු ඇත. මෙම නඩුවේ තීන්දුව ලබන වසරේ පළමු කාර්තුවේදී විනිසුරු අමිත් මෙහෙතා ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගූගල් එසේ තීරණාත්මක අවස්ථාවකට යද්දී, පරිශීලකයන්ගෙන් නිරන්තරයෙන් ලැබුණු ඉල්ලීමට අනුව ඉන්ස්ටග්‍රෑම් ගිණුම අහිමි කර නොගනිමින් ත්‍රෙඩ්ස් ගිණුම මකා දැමීමට මෙටා සමාගම සිය ත්‍රෙඩ්ස් පරිශීලකයන්ට අවස්ථාව ලබා දී ඇත. ත්‍රෙඩ්ස් යනු ඊලෝන් මස්ක්ගේ එක්ස් සමඟ තරග වැදීමට මුහුණු පොතේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් හඳුන්වා දුන් වැඩසටහන වේ.


ත්‍රෙඩ්ස් වැඩසටහනට ප්‍රවේශවීමට ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් අවශ්‍ය වෙන අතර, මෙතෙක් ත්‍රෙඩ්ස් මකාදැමීමට අවශ්‍ය පරිශීලකයකුට සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම අහිමි කර නොගනිමින් එය සිදුකිරීමට නොහැකි විය. ඉන්ස්ටග්‍රෑම් ප්‍රධානී ඇඩම් මොසේරි මෙම වෙනස ත්‍රෙඩ්ස්හි සටහනක් තබමින් පැවැසුවේය. එම මොහොතේ විශාල පරිශීලකයන් පිරිසක් ත්‍රෙඩ්ස් බාගත කර ගත්තත් එම උද් යෝගය අඛණ්ඩව පවත්වා ගෙන යාමට ත්‍රෙඩ්ස් අසමත් විය.


පසුගිය මාසයේ මාක් සකර්බර්ග් පවසා සිටියේ ත්‍රෙඩ්ස් පරිශීලකයන් මාසයකට මිලියන 100 කට ආසන්න  ප්‍රමාණයක් වෙන බවයි. ඒ අනුව මෙවැනි සමාජ මාධ්‍ය ඇප් අතර ඉතිහාසයේ වැඩිම වේගයකින් පැතිර ගිය සමාජ මාධ්‍ය ඇප් එක ලෙස ද ඔහු ත්‍රෙඩ්ස් හැඳින්වීය. ජූලි මාසයේ ත්‍රෙඩ්ස් දියත් කිරීමත් සමඟ මිලියන 100 කට ආසන්න පිරිසක් එය බාගත කළත් මේ වෙනවිට එම පිරිස ක්‍රමයෙන් අඩු වී ඇත. දියත් කරන අවස්ථාවේ එය ඊලෝන් මස්ක්ගේ එක්ස්ට අභියෝගයක් සේ පෙනුණත් සැබැවින්ම එසේ වීමට ත්‍රෙඩ්ස්ට නොහැකි විය. ඉන්ස්ටග්‍රෑම් ගිණුම අහිමි නොකර ගනිමින් ත්‍රෙඩ්ස්ට මකා දැමීමට නොහැකි වීම පිළිබඳ එහිදී  විවේචන රාශියක් එල්ල වූවේය. මෙය තමන්ගේ පෞද්ගලිකත්වයට හානියක් බව බොහෝ ත්‍රෙඩ්ස් පරිශීලකයන්ගේ අදහස විය. විශේෂයන්ම පරිශීලකයන් ත්‍රෙඩ්ස් වෙත ඉදිරිපත් කරන පෝස්ට්, ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් යන සමාජ මාධ්‍යවලද දැක ගත හැකි වීම පරිශීලකයන්ට ප්‍රශ්නයක් වී තිබිණි. මෙම නව වෙනස් වීම් සමග ත්‍රෙඩ්ස් යුරෝපයට හඳුන්වාදීමේ අවස්ථාවද ලැබී තිබේ. යුරෝපා නීතිය අනුව සමාජ මාධ්‍ය වේදිකාවන් හි දත්ත එකිනෙක අතර බෙදාගැනීම තහනම්ය. එහෙත් ත්‍රෙඩ්ස්, ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙතින් ඉවත් වීමත් සමග මෙම නීති තත්ත්වයන් ත්‍රෙඩ්ස් සමාජ මාධ්‍ය වේදිකාවට බලපෑමක් කරන්නේ නැත. 


තාක්ෂණික ලෝකය තුළ ත්‍රෙඩ්ස් සහ ගූගල් පුවත් මවද්දී ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය තහනම් කිරීමට නේපාලය කටයුතු කර තිබේ. අන්තර්ගතය සමාජ සංහිඳියාවට හානිදායක බව පවසමින් නේපාලය ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය තහනම් කර තිබේ.


සමාජ මාධ්‍ය ජාලා නේපාලය තුළ සබඳතා කාර්යාලයක් පිහිටුවිය යුතු බවට නව නීතියක් හඳුන්වා දී දින කිහිපයකට පසුව ටික්ටොක් සමාජ මාධ්‍ය තහනම් කිරීමට නේපාලය කටයුතු කර ඇත. මාසික පරිශීලකයින් බිලියනයක් පමණ සිටින ටික්ටොක්,  ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක් විසින් මේ වෙනවිට තහනම් කර තිබේ. මෙම වසර මුලදී, මොන්ටානා ප්‍රාන්තය ටික්ටොක් තහනම් කළ පළමු ඇමෙරිකා එක්සත් ජනපද ප්‍රාන්තය විය. නේපාල සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය රේඛා ෂර්මා මහත්මිය පවසා ඇත්තේ ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය සමාජ සංහිඳියාවට හානිදායක අන්තර්ගතයන් පතුරුවා හරින බවය. ඒ හේතුවෙන් තහනම වහාම ක්‍රියාත්මක කිරීමට අදාළ පාර්ශ්ව දැනුවත් කර ඇතැයි අමාත්‍යවරිය පැවැසුවාය.


මේ අතර ටික්ටොක් හරහා තරුණ ප්‍රජාව පලස්තීනය හා හමාස් සංවිධානයට සහාය දීමට පොලඹවන බවටද අලුත් චෝදනාවක් ඇති වී තිබේ. ඇමෙරිකාව මෙම චෝදනාව එල්ල කරමින් සිටියි. ටික්ටොක් හරහා ප්‍රචාරය වෙන ඊශ්‍රායලයට විරුද්ධ මත රැගත් වීඩියෝ හරහා ඇමෙරිකාවේ බොහෝ තරුණ කොටස් ඊශ්‍රායල් විරෝධී මතයක සිටින බව වාර්තා වෙයි. එහෙත් ඇමෙරිකාවේ වැඩිහිටි ජනගහනය සම්පූර්ණයෙන්ම සිටින්නේ ඊශ්‍රායලයට පක්ෂ මතයකය.

 

 

■ විමුක්ති එස්. රුද්‍රිගු



අදහස් (0)

ගූගල් අමාරුවේ ත්‍රෙඩ්ස් නිදහස් ටික්ටොක් ප්‍රශ්න වැඩිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 258 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 781 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1202 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site