IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ක්‍රීඩාවේ දූෂණය පිටුදැකීමට අනුර කුමාරට හැකිවේද...?


“ක්‍රීඩාව යනු හුදු ජය හෝ පරාජය සම්බන්ධ කරුණක් නොවේ.එය ශිෂ්ට මිනිසෙක් තවත් එවැනිම ශිෂ්ට මිනිසෙක් සමග සුහදශීලි මානව සබඳතාවක් ගොඩනගාගැනීමේ අභ්‍යාසයකි. ක්‍රියාශීලී නොවීම හේතුවෙන් වැලඳෙන රෝගාබාධයන්ගෙන් වැළකී නිරෝගිවීමේ ප්‍රයත්නයකි.

අගමැතිනි හරිනි


 

මිනිසෙක් සිය දෛනික ජීවිතයේදී වඩාත් ක්‍රියාශීලි නොවීමෙන් වැලඳෙන රෝගාබාධයන්ගෙන් වැළකී නිරෝගි වීමේ ප්‍රතිපලයකි.
මිනිසෙක් සිය දෙනික ජීවිතයේදී වඩාත් ක්‍රියාශීලී වඩාත් කඩිසර කෙනෙකු බවට තමාම පත් කර ගැනීමේ ක්‍රියාවලියකි. ඒ අනුව ක්‍රීඩාව යනු ශිෂ්ට සම්පන්න නිදුක් නිරෝගී කඩිසර පුරවැසියෙකු බිහි කිරීමේ සත් ක්‍රියාවලියකි.

එවන් උතුම් ක්‍රීඩාව වසර 76 ක් මුළුල්ලේ අප රට පාලනය කළ අදූරදර්ශි හා නාස්තිකාර පාලකයන් අතින් දූෂණයට ලක්ව විනාශව ඇත. එය නැවතත් එහි උත්තුංග අරමුණු කරා රැගෙන යාමට සමස්ත රටේ වගකීම සහිතව ක්‍රීඩාව ද දැක්මක් සහිත නැවුම් කඩිසර තරුණ කඩිසර නායකයෙකු අතට පත් කළ යුතුව ඇත”.

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ රටේ ක්‍රීඩාව අර්ථ දක්වා තිබුණේ එලෙසය. ඒ අනුව සිය ඡන්ද ජයග්‍රහණය හමුවේ ඔහුට දැන් රටේ ක්‍රීඩාවේ සුවිශාල මැදිහත්වීමකට ද අවකාශ සැලසී තිබේ. මේ වන විට ක්‍රීඩා විෂයපථය පැවරී ඇත්තේ අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියට ය. 

නිලධාරීන්ගේ ඇතැම් අනිසි මැදිහත්වීම් හා බලපෑම් තුළින් රටේ ක්‍රීඩාව සැලකිය යුතු තරමින් දූෂණයට ලක්වෙමින් තිබෙන බවට මේ වන විට රටේ මතයක් ගොඩනැගී තිබේ. විශේෂයෙන්ම මෙරට ක්‍රීඩා පරිපාලනයේ නිලධාරීන් අතර නිරන්තරයෙන්ම ගොඩනැගී තිබෙන ආරවුල් මෙන්ම ඇතැම් දූෂණ හා අක්‍රමිකතා නිසා රටේ ක්‍රීඩාවේ දියුණුව අඩාලවී ඇතැයි චෝදනා නැගේ.

පසුකාලීනව පත්වීම් ලද මෙරට ක්‍රීඩා ඇමැතිවරුන් වැඩි දෙනෙකු ප්‍රකාශ කළේ සිය රාජකාරි කාලය වැඩිපුර යෙදවීමට සිදුවූයේ නිලධාරීන්ගේ ආරවුල් විසඳීමට බවයි. මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න විසඳීමට කාලයක් වෙන් කිරීම ඉතා අපහසු වූ බවත් ඔවුන්ගෙන් සමහරු පැවැසූහ.

ඒ අනුව අභිනව ජනාධිපතිවරයාට මේ තත්ත්වය සමාලෝචනය කරමින් තීරණ තීන්දු ගැනීමට සිදුවන බව ඉතා පැහැදිළිය. අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පසුගිය වසර 76 ක නාස්තිකාර හා දූෂිත පාලන කාලයක් තුළ රටේ ක්‍රීඩාව විනාශයට පත්ව තිබෙන බව දක්වා තිබේ. එයින් රටේ සමස්ත ක්‍රීඩා පරිපාලනයේ මෙතෙක් හැසිරීම ගැන තක්සේරුවකට පැමිණීමට එම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් උත්සහ දරා ඇත.

මැතිවරණ සමයේදී පමණක් මේ රටේ දේශපාලන පක්ෂ හා දේශපාලකයන්ට මතක් වන රටේ ක්‍රීඩා ප්‍රතිපත්තිය ගැන මෙවර ජනාධිපතිවරණයේදීත් එක් එක් අපේක්ෂකයන් විසින් මේ අන්දමේ ප්‍රකාශයන් රැසක් ඉදිරිපත් කරනු ලැබිණි.

එහෙත් රටේ මෙතෙක් තහවුරු කළ නිල ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් මත ක්‍රීඩාව පවත්වාගෙන ගිය බවට මෙතෙක් පත්වූ කිසිදු ජනාධිපතිවරයෙකු හෝ අගමැතිවරයෙකු හෝ අඩු තරමින් ක්‍රීඩා ඇමැතිවරයෙකු ගැන අසන්නට නැත. ඒ නිසා රටේ ක්‍රීඩාව කඩා වැටීමකට වඩා එක තැන පල්වෙන තත්ත්වයක් පෙන්නුම් කර ඇත. ඒ අනුව තිරසාර ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් හඳුන්වාදීම තුළ නව රජයට රටේ ක්‍රීඩාවේ පුනරුදයක් කරා අලුත් ගමනක් ආරම්භ කළ හැකිය.

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා පනත 1973 සිට ක්‍රියාත්මකවීම ආරම්භ විය. සමහර දේශපාලකයන්ට අනුව එය දැන් යල් පැන ගිය එකකි. ඒ නිසා එය වෙනස් කළ යුතු බවට ජනාධිපතිවරණ වේදිකාවේද ප්‍රකාශ විය. කෙසේවුවත් රටේ නිශ්චිත ක්‍රීඩා ප්‍රතිපත්තියක් නැතිව ක්‍රීඩාව ඉදිරියට පවත්වාගෙන යා හැකි වුවත් එයින් රටේ ක්‍රීඩාවේ ප්‍රවර්ධනයක් අපේක්ෂා කළ නොහැකි බව මේ රටේ ක්‍රීඩා ප්‍රවීණයන්ගේ පොදු අදහසක් බවට පත්ව තිබේ.

ඒ නිසා මැතිවරණ සමයේදී පමණක් මේ රටේ දේශපාලකයන්ට ක්‍රීඩා ප්‍රතිපත්තියක් මතක්වීම තවත් ඔවුන්ගේ ඡන්ද රැවටිල්ලක් බව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පොදු අදහසක් බවටද පත්ව ඇත. 1948 සිට නිදහස් ශ්‍රී ලංකාව මේ දක්වා දිනා ඇත්තේ ඔලිම්පික් පදක්කම් දෙකක් පමණි.

හිටපු ක්‍රීඩා ඇමැතිවරුන් දෙදෙනකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. රොෂාන් රණසිංහ හා නාමල් රාජපක්ෂ ඔවුහු වෙති. කෙසේවූවත් රොෂාන් රණසිංහ හිටපු ජනාධිපතිවරයා විසින් ධුරයෙන් පහ කළ අතර නාමල් රාජපක්ෂ මහතා අරගලය උද්ගතවන අතරදී ඉල්ලා අස්විය.

රටේ ස්ථිර ක්‍රීඩා ප්‍රතිපත්තියක් නොමැතිකමෙන් උද්ගතවූ අර්බුදත් ඔවුන්ගේ ඉවත්ව යාමට හේතුවූ බව පැහැදිළි කර ගත හැකිය.

1972 සිට මේ දක්වා ක්‍රීඩා ඇමැතිවරුන් 20 කට ආසන්න ගණනක් ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලවල කටයුතු කර ඇත. විධායක ජනාධිපතිවරුන් අට දෙනෙකු ඊයේ නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජනාධිපතිවරණය ආරම්භ වනතුරු එතෙක් පත්ව කටයුතු කර ඇත.

ඒ කිසිවකුටවත් රටට ස්ථිර ක්‍රීඩා ප්‍රතිපත්තියක් ගැන අවශ්‍යතාවක් නොවීමෙන් රටේ ක්‍රීඩාව කඩා වැටෙමින් තිබෙන බව රටේ බහුතරයක් වන ජනතාවගේ අදහසයි. එසේ නොවන්නේ නම් එහි දියුණුවේ ඉහළ අඩාළවීමක් පසුගිය කාලය පුරා දක්නට ලැබුණු බව ඔවුන්ගේ අදහසයි.

ක්‍රීඩා ඇමැති ධුරය දැරීමට වඩා මුදල් ඇමති ධුරය දැරීම පහසු බව ධුරයෙන් ඉවත්ව ගිය ක්‍රීඩා ඇමැතිවරුන් කීප දෙනෙකුම ප්‍රකාශ කළේ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවලදීය. ඒ තරමට රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය අවුල් වියවුල්වලින් වෙළී පවතී. එක් ක්‍රීඩා ඇමැතිවරයෙකු පැවැසුවේ ක්‍රීඩා පරිපාලනයේ යෙදෙන නිලධාරීන්ගේ ආරවුල් කෙතෙක් සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේද ඒ හේතුවෙන් රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න විසඳීමට කාලයක් දවසේ ඉතිරි නොවන තරම් බවයි.

මේ සියලු කාරණාවල ආරම්භය රටේ නිශ්චිත ක්‍රීඩා ප්‍රතිපත්තියක් ක්‍රියාවේ නොයේදීමයි. ක්‍රීඩා ප්‍රවීණයන් බහුතරයකගේ මතය එයම වේ. අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රකාශවල ක්‍රීඩා ප්‍රතිපත්තියක් ගැන සඳහන් වූවත් එය හුදෙක් මැතිවරණ පොරොන්දුවලට පමණක් සීමාවී තිබේ.

ඒ නිසා මෙවර ජනාධිපතිවරණයේදීත් අපේක්ෂකයන් විසින් ලබාදී තිබූ ක්‍රීඩා ප්‍රතිපත්තීන් අතරින් ජනතාව වඩාත්ම විශ්වාසයක් තබා ඇත්තේ බලයට පැමිණි අනුර කුමාර දිසානායක මහතා කෙරෙහි බව පැහැදිළිය. 

නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට යෝජිත මහ මැතිවරණයෙන් පසුව පත් වන නව ක්‍රීඩා ඇමැතිවරයා හවුල් කර ගනිමින් නව ජනාධිපතිවරයාට පැවැරී ඇති මෙම රාජකාරිය ඉටු කිරීම තුළින් ඔහු ප්‍රකාශ කර තිබෙන පරිදි වසර 76 ක විනාශකාරි හැසිරීමෙන් රටේ ක්‍රීඩාව මුදවා ගැනීමේ ආරම්භය සටහන් වනු ඇතැයි විශ්වාස කළ හැකිය.

මේ රටේ දේශපාලකයන් කෙරෙහි පවතින ජනතාවගේ විශ්වාසය ඔවුන්ගේ බොරු පොරොන්දුවලින් බිඳ වැටී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගැන ඇතැම් දේශපාලකයන් දක්වන උනන්දුව ඔවුන් රටට තිරසාර ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් හඳුන්වාදීමට කිසිසේත් පළ කර නැත.

මීළඟ ජනාධිපතිවරයාට පැවරී ඇති ප්‍රධානතම වගකීම් අතර රටට ස්ථීර ජාතික ක්‍රීඩා ප්‍රතිපත්තියක් හඳුන්වාදීම තව දුරටත් ප්‍රමාද නොවී ඉටු කළ යුතු කාර්‍ය්‍යභාරයකි.

දකුණු ආසියානු ක්‍රීඩා ජයග්‍රහණවලින් ඔබ්බට ගිය ආසියානු ජයග්‍රහණවලින් ශ්‍රී ලංකාව මේ වන පොහොසත් වෙමින් සිටියි. එහෙත් එයින් ඔබ්බට ගිය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ සීමාසහිතවී ඇත. ඒ සඳහා මග හෙළි කර ගැනීමට නිශ්චිත රටට ඔබින ක්‍රියාවේදී ප්‍රායෝගික වන ක්‍රීඩා ප්‍රතිපත්තියක් දැන හඳුනාගැනීමේ අවශ්‍යතාව අද මහජන වරමින් පත්වන අලුත් ජනාධිපතිවරයාට පැවැරී තිබෙන වගකීමකි.


නාමල් පතිරගේ


 



අදහස් (0)

ක්‍රීඩාවේ දූෂණය පිටුදැකීමට අනුර කුමාරට හැකිවේද...?

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31312 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13515 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10998 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 112 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 936 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site