
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු මන්ත්‍රීවරියන්ට වනචර විදියට කතා කරද්දී ඒවා දැක දැක ලේකම් මණ්ඩලය අහක බලාගෙන සිටින බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (09) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා විපක්ෂයේ මන්ත්‍රීවරයකු සම්බන්ධයෙන් කිසියම් චෝදනාවක් කළ අවස්ථාවේදී ඇතිවූ උණුසුම්කාරී තත්වය මැද ප්‍රකාශයක් කරමිනි
බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය
විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මන්ත්‍රීවරියන්ට හැමදාම කුණුහරුපෙන් බනිනවා. ලේකම් මණ්ඩලය අහක බලාගෙන ඉන්නවා. එක වචනයක් කතා කරන්නේ නෑ. මොනවද ඔබතුමියලා කරලා තියෙන්නේ. ලේකම් මණ්ඩලය කරලා තියෙන්නේ . මෙතන මේ වනචර තත්වය වෙනස් කරන්න ලේකම් මණ්ඩලයෙන් කිසිම සහයෝගයක් ලැබෙන්නේ නෑ. උපදේශයක් ලැබෙන්නෙත් නෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd