
( බී. ජී. චතුරංග)
හඳුන්කූරු වෙළඳාම් නිරත වන මුවාවෙන් ලොරි රථයක තට්ටුව කපා, සූක්ෂම ලෙස කුටි දෙකක් සකස් කර ඒ තුළ සඟවා රුපියල් කෝටි 3කට වැඩි කේරළ ගංජා තොගයක් ප්රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු, එම ලොරි රථය සමඟ අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කිලිනොච්චිය පොලිස් වසමේ භාරතීපුරම් ප්රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ලොරි තට්ටුව කපා චැසියට බද්ධ කර සාදා තිබූ විශාල ප්රමාණයේ රහස්කුටි දෙකක් සකසා තිබූ බවත්, එම ලොරි රථයේ රුපියල් තුන් කෝටි 48 ලක්ෂයක් වටිනා කේරළ ගංජා කිලෝ 87ක ප්රමාණයක් සඟවා තිබියදී සොයා ගත් බවත් පොලිසිය කියයි.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන කේරළ ගංජා කිලිනොච්චිය ප්රදේශයට රැගෙන විත්, මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බවත් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු වෙනසක් නෑ. දෙකේම දුමනේ... අල්ලපු එකත් පොටෝ එකට ඉන්නවා ලස්සනට. මම නම් ඕවාට නෑ කියනවා වගේ.