
(ඉන්දිකා රාමනායක)
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් පරිපාලන තනතුරෙන් ඉවත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස්පතිවරයාගෙන් පසු ඇති ඊළඟ උසස්ම තනතුර වනුයේ පොලිස් පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා ඒ අනුව මධ්‍යම පළාත භාරව පමණක් කටයුතු කරනු ඇත.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පොලිස් පරිපාලන කටයුතු භාරව පත් කිරීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්‌ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
සජීව මැදවත්ත මහතා (පොලිස් විද්‍යාලය) බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට නියමිතව සිටී.
මීට අමතරව උතුරු පළාත් බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල මහතා උතුරු මැද පළාත් භාරවද , උතුරු මැද පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා උතුරු පළාත් භාරව ද පත් කිරීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්ථානයේ එම උසස් නිලධාරියා සඳහන් කළේය.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව සිදු කෙරෙන මෙම ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් වූ විශේෂ පොලිස් පණිවිඩය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් නිකුත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් මෙයා ගැන.පහුගිය දිනවල පලචූ පුවත් ඇත්ත වෙන්නැති.
පිටිපස්සෙන් ඉඳගෙන පිහියෙන් අනින උන් රටට සාපයක්, පොලිස් පති ඔය කියන වංච කාරයෙක්නම් ඒයාට චොදනා කරන්න තිබුණෙ මෙහෙම නොවෙයි, මේ තුට්ටු දෙකේ මිනිහෙක් අල්ලගෙන සරම කඩල මූණ වහංගන්ව වගේ නෙවෙයි, අර මාධ්‍යවේදියට සතුටු ඇති, වෙලාව ආවම තනතුරු ලැබෙයි, වයස තියෙනව, විපක්ෂ නායකතුමාට වගේ ඉවසිල්ල නැතිකම, මේ වෙලාවෙ විශාල ජාතික කාර්යක් තිබෙනවිට සහ පොලිස්පති ගැන විශාල පැහැදීමක් ඇති වෙලාවක එතුමට චෝදනා කර විපක්ෂයට අවිදීම නොසිදුවිය යුත්තක්.
ඔහු හොද පුද්ගලයෙක්ද?
ඉතා සතුටුයි. රට ගැන පළමුව සිතන, විනීත, දක්ෂ නිලධාරීන් පමණක් ජ්‍යෙෂ්ඨ තනතුරු හෙබවිය යුතුයි.
මොකද හේතුව, කාගේ හෝ උදහසට ලක්වෙලාද?
වස්තුව, නිලබලතල හින්දා... මිනිසා මිනිසාට දෙයි නින්දා...
වාස් ගුණවර්ධන මතක් වුණා...
ආන්ඩුවේ දූශන එළිකරන කොට මිනිසුන්ට තනතුරිනුත් පහ වෙන්න සිදුවෙනවා. අපි බලමු දූශිත පච ආණ්ඩුවේ අනාගතය කොහොම වේවිද කියලා...
පොලිස් නිලධාරිනේ ගැටළු විසදීමට පොලිස් කොමිසමක් හෝ ( ombudsman කෙනෙකු පත්කර සිටිනම් ) තිබියදී ඔවුන්ගේ ගැටළු සමජ මාධ්‍ය සමග සකජා කලයුතු නැත. එසේ සිදුවීමෙන් සමාජ මාධ්‍ය මගින් විවිද ප්‍රචාරණයන් සමාජ ගත කිරීම නිසා සමස්ත ශ්‍රී ලංකා පොලිසිය පිලිබදව මහජනයා වර්ධි වැටහීම් ඇතිකර ගනු ඇත
එළියට ආපු හඩපටය ඇත්ත නම් ලලිත්පතිනායක වහාම පොලිස් සේවයෙන් නෙරපිය යුතුයි. විනයක් නැති මේ වගේ මිනිස්සු එක්ක ආයතන හදන්න බෑ.