(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (C.I.D) ලබා දීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමග ඉකුත් දා පැවැති සාකච්ඡාවක දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉකුත් දා ඉදිරිපත් කෙරුණු අතර එම පනත් කෙටුම්පත ඉදිරියේ දී සම්මත කර ගැනීමට රජය බලාපොරොත්තුවේ.
එම පනත් කෙටුම්පත සම්මත කෙරුණු පසු හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප හැර නිල නිවාස ඇතුළු අනෙකුත් සියලු පහසුකම් අහෝසි වී යයි.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ නව පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ද කතානායකවරයාට අද හෙටම බාර දීමට නියමිතය.
මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින විජේරාම මාවතේ නිල නිවෙසේ මීට පෙර පදිංචිව සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. ඊට පෙර තවත් අමාත්‍යවරු කිහිපදෙනෙක් එහි පදිංචිව සිටියහ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
සෑම් Thursday, 04 September 2025 08:02 AM
රාජපක්ෂ පවුලත් එක්කම ගේ CID එකට බාර දෙන්න. දෙගොල්ලන්ටම ලේසියි ඉදිරියේදී.
ගුණරත්නThursday, 04 September 2025 11:55 AM
ඒකම තමයි මාළිමාවේ අදහස, මහින්ද ජීවත් වුනු නිසවටම මහින්ද අත්අඩංගුවට අරන් පරීක්ෂණ කරන තැන කරනවා. ඔන්න උන් කෘර මානසිකත්වය. ජවිපෙ හීනමාන ඇරියස්කාර මානසිකත්වය තියෙන උන්ට බලය ලැබුනාම තමයි ඔහොම දේවල් කරන්න හිතෙන්නේ
nimalThursday, 04 September 2025 04:32 PM
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (C.I.D) ලබා දීම නොව රජයට අදායමක් ලබාගත හැකි එම නිවාස නිසි ආකාරයට නඩත්තු කිරීමට නම් විදේශ තානාපති අංශයකට ලබාදීම සුදුසුයි.
SAMThursday, 04 September 2025 05:05 PM
පාඩු ලබමින් පවතින වසාදැමීමට තීරණය කර තිබෙන්නා වූ ආයතනයක් CIDයට ලබාදෙන්න. පසු කාලීනව එය පොලීසියේ කටයුතු සදහා පුළුල් කළ හැකිවේ...
මැක්ස් Thursday, 04 September 2025 08:13 AM
රට කිරීම කෙසේ වෙතත්, තමන් වැනිම වූ වෛරයෙන් ක්‍රෝධයෙන් පෙළෙන අහිනක් වන 3% පිනවීමට වැඩ කිරීම පමණක් කරන මේ පච ආංඩුවට ජනතාව වශයෙන් අපට කීමට ඇත්තේ 'ඔහොම යං ඔහොම යං' කියාය.
beauThursday, 04 September 2025 02:38 PM
රට කොහොමද දියුණු කරන්නේ...? ඉන්න තැන කුණු කන්දල් තියෙනවා නම් ඔය කුණු ගොඩවල් ඉවත් කිරීම තමයි පළමු රාජකාරිය. තමන් ඉන්න තැන කුණු ගොඩක් ගහලා තියෙනවා නම්...?
යෝගා Thursday, 04 September 2025 08:19 AM
ඉස්සෙල්ලම පනත සම්මත කරගෙන ඉමුකො.
Wegisha Thursday, 04 September 2025 09:06 AM
දැන් ඔය කෝටි ගානක් වටින නිවස CID එකට දුන්නාම මහජනයාට වෙන සෙතේ මොකද්ද? මේකෙන් මහින්ද එලෙව්වාම මහජනයාට සල්ලි උතුරනවාය, ආර්ථික ප්‍රශ්න ඉවර වෙනවාය කියලා නේද ආණ්ඩුවේ උද්ධච්ඡ ඇමතිලා මයික් වලට කෙල වක්කරගෙන කිව්වේ.
Tiran Thursday, 04 September 2025 09:11 AM
ඒක නම් පැහැදිලිවම දේශපාලන පලි ගැනීමක්. ඕකේ තේරුම මොකද්ද? මහින්දගේ වැරදි තිබුනත් උගන්ඩාවට සල්ලි ගෙනිහින්ය, රට වැටුනේ ඒක නිසාය කියපුවා අවබෝධෙන් කියපු බොරු නම්, යුද්ධෙ ඉවර කරපු මිනිහට ඉන්න තියෙන ගෙයිනුත් එලියට දාලා මොකද්ද ආණ්ඩුව දිනන්න හදන්නේ? උන්දැ වයසයිනෙ දැන්, බේතක් ගන්නත් රෝහල් තියෙන කොලඹින් එලවන්නේ පුදුම වෛරයකින්නේ මේ ආණ්ඩුවේ උන් ඉඳලා තියෙන්නේ. දීපු කතිරේ ආපහු ගන්න හිතෙන වැඩ මේවා.
ආන්ඩුවට සුදු කොඩි, ගොක් කොල පේනවා වාගේ Thursday, 04 September 2025 09:13 AM
වත්මන් රජය මොකක් හරි දේකට පුදුමාකාර භයකින් ඉන්නා බවක් පහුගිය මාසයක විතර කාලයක හැසිරීමෙන් පේනවා. පළාත් සභා ඡන්දෙ වත් ලඟයිද?
Jagath Leanage Thursday, 04 September 2025 09:34 AM
ඉතාමත් හොඳ තීරණයක්. ඉන්නකන් කරපු දේවල් රටේ මහජනතාවට හොඳටම මතකයි.
kathirinaThursday, 04 September 2025 12:47 PM
@Jagath Leanage - ඔයා ඉපදුනේ 2009 පස්සේ නම් කරන්න දෙයක් නෑ. නමුත් ඊට කලින් නම් මතකද මන්දා කොටි කියලා කට්ටියක් හිටියා. අහලා තියනවද, ඒ කොටි පැන්චන්ව මට්ටු කරන්නත් ඔය කියන මහින්ද මුල් වුනා කියලා. ඒ විතරක් නෙවෙයි ඉස්සර තිබුනා 87-89 භීෂණය කියලා කාලයක්. ඒ කාලයේ තිබුනා ජනතා විමුක්ති පෙරමුන කියලා කට්ටියක්. ඒකේ අයව සහ රටේ තරුන ජනගහනයේ බොහොම දෙනෙක් කෘර විදිහට මරා දැමුනු කාලයක්, හේතු ඇතුව හෝ නැතුව. අන්න ඒ කාලයේ ඔය ඔයාලා අද එලවන ඒ මහින්ද කියන එක්කෙනා වාසුදේව කියලා තව කෙනෙක් එක්ක ජිනීවා වල මානව හිමිකම් සමුලුවලටත් ගියා ඒ ජේවීපී අය වෙනුවෙන් කතා කරන්න. ඒ යද්දී කටුනායක ගුවන් තොටුපොලේදී ඒ අයව අත් අඩන්ගුවට ගත්තා මැරුනු අයගේ පින්තූර ගෙනියන්න හැදුවාට. ඒ කාලයේ අද වගේ සමාජ මාධ්‍ය නෑ. ඒ නිසා පින්තූර තමන්ම ගෙනියන්න ඕනා. ඉතින් ඔය තමා මහින්ද ඉන්න කාලේ කරපු සමහර වැඩ. ඒ සමහර වැඩ නොවෙන්න අද ඔය එලවන්න හදන ගොඩක් අය නෑ. අපරාදේ එදා මහින්ද වැරදි තීරනයක් වෙන්න ඇති ගන්න ඇත්තේ. ඔයාලා හිටියා නම් ඔය වැරදි දේ කරන්නේ නෑ නේද. හොඳම තීරන විතරයි ගන්නේ නේද.
chinthaka Thursday, 04 September 2025 10:02 AM
ඔය බහිරවය තවමත් එලවන්න බැරි වුනාද
අරවින්ද මොණරවිල Thursday, 04 September 2025 11:21 AM
බොරැල්ල කනත්ත අසලින් පර්චස් දෙකක් වත් දෙන්න අප්පා.......අපේ අප්පොච්චා පාරට නොදමා !
පිටිගල මිලානෝ Thursday, 04 September 2025 11:55 AM
ඕක ගෙදරක් නෙවෙයි දූෂිත හොර ගුහාවක්….
Worm Thursday, 04 September 2025 11:59 AM
ශ්‍රී ලංකාවේ පොදු දේපළ පනත යටතේ සැකකරු දින 14ක් රිමාන්ඩ් කළ හැකිද? වත්මන් ජනාධිපතිවරයා තම මව ප්‍රවාහනය කිරීමට හෙලිකොප්ටරය භාවිතා කළේය. කවුද මේක අනුමත කළේ. ඔහු ජනාධිපති ලේකම් නම්, ජනාධිපති ලේකම් රිමාන්ඩ් කළ හැකිද? විපක්ෂ නීතිඥයින්ට ප්‍රඥාව නැත්තේ ඇයි? පොදු දේපළ පනත යටතේ රිමාන්ඩ් කළ දේශපාලනඥයින්, රෝහල් විශේෂඥයින්, රජයේ උසස් නිලධාරීන්ගේ ලැයිස්තුවක් සකස් කර මානව හිමිකම් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැක. වත්මන් ජනාධිපතිවරයාට සියයට 50ක බහුතරයක් නැත. එබැවින් නීතිය වෙනස් කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවේද? මහ මැතිවරණයේදී සියයට 50කට වඩා ලබා ගත්තද, පළාත් පාලන මැතිවරණය යටතේ එය සියයට 50කට වඩා අඩුය. එහෙනම් පණුවෙක් වගේ, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හේතුව අහන්න.
අරවින්ද මොණරවිල Thursday, 04 September 2025 01:25 PM
ඔයත් හරියට සජිත් ප්‍රේමදාස වගෙයි, අදාල ඒවාද ඇත්තද නැත්තද මුකුත්ම නැහැ ඔහේ ලියනවා !
උකුස්සා Thursday, 04 September 2025 12:03 PM
කෝ මේ කිරි පැණි නඩේ ?
අරුණි Thursday, 04 September 2025 12:12 PM
කපුටාව ගේන්නේ කවදාද…???
MindZap Thursday, 04 September 2025 01:14 PM
ඇරියස් ගන්නවනම් ගුනපාලයෝ තව කොච්චර දේවල් තියෙනවද? ඔහොම යමන් කියල කියන්න ඕනි මැක්සියෝ පොහොට්ටු බයියන්ට. ඔය බිල්ඩිම CID එකට දුන්නම දැනට CID එක තියෙන කොළඹ නගර මැද තියෙන බිල්ඩිම ප්‍රයෝජනවත් ආයෝජනයකට ගන්න පුළුවන්. ඕක මහින්දලා තමන්ට වෙන් කරගෙන හදා ගත්තේ නිකමට නෙමෙයි. පොහොට්ටු බයි නිලමැස්සන්ට ඔතනට කල්ලි පිටින් රොක් වෙලා රැස්වීම තියන්න, කුමන්ත්‍රණ කරන්න, කාල බිල පාටි දාල ආතල් ගන්න වගේ දේවල් කරන්න හිතාගෙන. ඕක තේරුම් ගනිල්ලා ග්‍රාස් රූට් බය්යනේ නිකම් අඬන්නේ නැතුව. මොකද අගනුවර හොඳ තැනක්නේ. එතකොට ඕක නඩත්තුවට යන්නේ මහජන බදු මුදල් මිසක් බයියන්ගේ හැම්බිලියෙන් නෙමෙයිනේ.
කපුරුහාමි Thursday, 04 September 2025 01:47 PM
බලලෝලි බඩගෝස්තරවාදි දූෂිතයෙක්.ආර්තික ගාතකයෙක් කියලා අදිකරණයෙන් පවා වරදකරු වෙචිචි .බලයේ හිටපු කාලේ පවුලේ උන්ව කිට්ටූ කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා .වහලුන්ට නම් රිදෙනවා ඇති,, ජනතාව පැන්නුවේ නිකම්ද ?
පාඨකයෙක් Thursday, 04 September 2025 02:14 PM
මෙම නිවස අලුත්වැඩියා කිරීමට අධික මුදලක් වැය කර තිබෙන බවට පසු ගිය සමයේ වාර්තා වී තිබුණි. එසේ වියදම් කර රැක බලාගෙන තිබෙන මෙම ගොඩනැගිල්ල, විදේශ තානාපති මන්දිරයක් වැනි කටයුත්තක් සඳහා දීර්ඝ කාලීනව බදු දීම වඩාත් සුදුසුය. එමගින් රජයට ස්ථීර ආදායමක්ද ලැබෙනු ඇත. එමෙන්ම මෙම නිවස පිහිටා තිබෙන්නේ නේවාසික කලාපයක බවත්, එම ප්‍රදේශයේ සෙසු නිවැසියන්ගේ ජීවිතවලට ගැටලුදායක තත්වයක් ඇති නොවන සේ ක්‍රියා කිරීම වැදගත් බවත් අමතක නොකළ යුතුය.
එඩ්වඩ් Thursday, 04 September 2025 02:42 PM
මහින්ද රාජපක්‍ෂ නමට පවා ජවිපෙ හිපාටුවන් තුළ ඇති වෛරයේ තරම මොනවාට පැහැදිලි වන මෙවන් වැඩ නිසා අ. මොනරවිල, භද්රාණි, ජගත් ලියනගේ පන්නයේ කී බෝඩ් කෑදැත්තන් චූන් වනවා හැර රටට නම් වැඩක් වන්නේ නැත.
ගල්පර Thursday, 04 September 2025 03:54 PM
කරුණාකර CID පවුල් වල අයට නවතින්න නිවස බාර දෙන්න. එය ගමන් කාලය ඔවුන්ට ඉතිරි කරයි. ඒක ඉතා හොඳයි. නිලධාරීන්ට වර්ග අඩි 30,000 ක් පමණ ඇති... එම නිවසේම නැවතී සිටීමෙන් මහින්ද ඇතුළු හොර නඩේට එරෙහිව නඩු පරීක්ෂණ ආරම්භ කළ හැකියි. මොකද CID නිලධාරීන් දිවා රෑ නොබලා මේ මුළු රටම හොරා කෑ අයගේ පරීක්ෂණ කටයුතු කරනවා...
Chamara Balasooriya Thursday, 04 September 2025 04:30 PM
බලය තාවකාලිකයි. කාටත් පොදුයි. පරිස්සමෙන් වැඩ කරන්න...
පිටරැටියා Thursday, 04 September 2025 05:37 PM
සුනාමියෙන් අවතැන්වූ අසරණයන්ට ලැබුණු පවුම් මිලියන ගානක ආධාර ගසාකාපු මහින්දයාට කාසල් එකක වුණත් ඉන්න බැරිකමක් නැහැ..
Lankaputhra Thursday, 04 September 2025 05:40 PM
බල්ලෙකුට බනිසක් දුන්නොත් ඌ ඉන්නකම් ඒකට කෙළෙහිගුණ සැලකීමක් කරනවා. ඒත් බුදුදහම අදහන බුදුහිමියන්ගේ පළමු ආදර්ශය නොදන්නා කාළකණ්නියෝ බොහෝමයක් තමන්නේ කුහකත්වය ඊර්ෂ්‍යාව හා වෛරයෙන් පෙලෙමින් අදහස් දක්වා තියෙනවා... අපේ මුතුන්මිත්තෝ කිව්වේ කේන්ති ගන්න එපා... ඉක්මණට නාකිවෙනවා කියලා ඒක ඇත්ත මොකද වෛරයෙන් ක්‍රෝධයෙන් පිපිරි පිපිරී සිටියාම ලේ දූෂිතවෙලා සුවකරන්න බැරි අසනීප ඇතිවෙලා සිත අපිරිසිදුව මෙලොවින් චුතවෙලා ගියොත් සතර අපායෙන් එකකට මිසක් සුගතියකට යන්න ලැබෙන්නේ නැහැ අදහස් දක්වා තියෙන අය බෞද්ධයින් නම් බුදුහාමුදුරුවෝ දේශනාකළ ආකාරයට පව්කළ අය ඒවා විදීවි...
කපුරුහාමි Thursday, 04 September 2025 07:10 PM
ඇත්ත තිත්තයි කියලා. කතාවක් තියෙනවා. මොලේ උඩ සමහර වහලුන්ට යතාර්තය තේරුම් ගන්න තරම්වත් සාමාන්‍ය දැනුම පවා නැති බව පේනවා ජනතාවගේ ඡන්දෙන් බලයට ආපු, දූෂිත දේසපාලුවෝ බල්ලන්ටත් වඩා අන්තයි. ගුණමකු රැවටිලි කාරයෝ. පෙන්වපු ආසියාවේ ආස්චර්‍ය ගැන නම් ලෝකෙම දන්නවා. ජනතාව රවට්ටපු, මහාපරිමාණ හොරකම්, වන්චා දූෂණ නාස්තිය කරපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ර්‍රීරී මාන්ස හූරාගෙන කාපු ලේ මාපිල්ලු? නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කෙරුවා තවත් මොනවාද?