(අංජුල මහීකවීරරත්න)
නව කැබිනට් සංශෝධනයට අනුව නව අමාත්‍යවරු තිදෙනකු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දස දෙනකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය.
නව සංශෝධනයට අනුව අමාත්‍යවරුන් දෙදෙනකුගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ විෂය පථයන් වෙනස් කර ඇතැයි දැනගන්නට ඇත.
ඒ අනුව බිමල් රත්නායක මහතා ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, අනුර කරුණාතිලක මහතා වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසත්, වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතා නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දි ඇත.
අද දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් වන්නේ ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමත්‍ය, ටී.බී.සරත් මතා නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, එම්.එම්. මොහොමඩ් මුනීර් මහතා ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, එරංග ගුණසේකර මහතා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාතවරයා ලෙසත්, වෛද්‍ය මුදිත හංසක විජයමුණි මහතා සෞඛ්‍ය නියොජ්‍ය අමාත්‍ය ලෙසත්, අරවින්ද සෙනරත් විතාරණ මහතා ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, එච්.එම්. දිනිදු සමන් කුමාර මහතා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, යු.ඩි. නිශාන්ත ජයවීර මහතා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ආචාර්ය කෞෂල්‍ය ආරියරත්න මහතා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරය ලෙසත්, අයි.එම්.එමි. අර්කම් මහතා බලශන්ති නියෝජ්‍ය අමාත්‍ය ලෙසත් පත්කර ඇත.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතාගෙන් වරාය හා සිවිල් ගුවන්සේවා ඉවත් කර ඇති අතර, ඒ වෙනුවට නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක් කර තිබේ.
අමාත්‍ය බිමල් රත්නායක මහතාගෙන් ඉවත්කළ වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අනුර කරුණාතිලක මහතා දිවුරුම් දුන් අතර නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ලෙස කටයුතු කළ අනුර කරුණාතිලක මහතා වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ලෙස දිවුරුම් දුන්නේය.
එමෙන්ම අනුර කරුණාතිලක මහතාගෙන් ඉවත්කළ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ධුරය, නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතාට ලබා දී ඇත.
---------------------------------------
නව ආමත්‍ය සංශෝධනයක්
(අංජුල මහික වීරරත්න)
හදිසි කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව නව අමාත්‍ය ධුරයක් සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර කිහිපයක් පිරිනැමීමට නියමිතව ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද පෙරවරුවේ මෙම නව කැබිනට් සංශෝධනය සිදුකරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකෙන් ටික වැඩි වෙමින් යන රඟ.
ජනාධිපතිවරයා යටතේ තියෙන ඩිජිටල් අමාත්‍යාංශය හා ක්ලීන් ශ්‍රි ලංකා ව්‍යාපෘතිය අලුත් තරුණ අමාත්‍යවරයකුට ලබා දෙනවා ඇති. ඒ හැර වෙනත් ඇමති තනතුරු වෙනස් කිරිමේ අවශ්‍යතාවයක් නැහැ.
විපක්ෂයට ඇදගෙන යන්න තවත් කරුණක්
කුට්ටම ඇනුවට ඉස්සර වගේම එකම ජොකියෝ ටික තමා නේ ද? දවස ගානේ හාන එකට ඇමතියෙක් නැද්ද?
පාන් තමයි කන්න වෙන්නේ ජොලි සීයා ආවා නම් එහෙම...
ලංකා ඉතිහාසයේ ලොකුම වංචා දූෂණය වන කන්ටේනර් 323 පැන්නුවාට පස්සේ වරාය ඇමැති මාරු කරලා. එහෙම කරාම හිරේ නොගිහින් ඉන්න පුළුවන් කියලා හිතාගෙන ඇති...
කුට්ටම කොහොම ඇනුවත්, මොන කොලේ ඇද්දත් එළියට එන්නේ බූරුවෙක්. ඔන්න ඕකයි ප්‍රශ්නේ...
මොකද දන්නේ නෑ වරාය බිමල් රත්නායකගෙන් අයින් කරේ. ඔක්කෝම හොඳට කරගෙන යනවා කියලා නේද කිව්වේ...?
පැටව් ගහන්න ඔය පටන්ගත්තේ ලස්සනට අවුරුද්දකට පස්සේ ජයවේවාව ඒකේඩි
ඇමැති මණ්ඩලය වැඩි කරලා සල්ලි ඉතිරි කරන්නේ කොහොමද?
මේකේ විද්‍යාත්මක ක්‍රමය පැහැදිලි කරපු ජේවීපි ඩෝබි හෑල්ලක් නැද්ද? ප්‍රවාහන ඇමැතිට ගුවන්සේවා සහ වරාය නැහැ... ඒත් නාගරික සංවර්ධන කෑල්ලක් තියෙනවා.
මට තාම පැහැදිලි මදි. කැබිනට් ඇමැති සංඛ්‍යාව සහ නියෝජ්‍ය ඇමැති සංඛ්‍යාව වැඩි වුණාද නැද්ද?
අපේ වොෂින්ටන්ලා අළුතෙන් නියෝජ්‍ය ඇමතිලා හතර දෙනෙක් පත්වුණා කියලා කියන්නේ නැහැ නේද? ඒක තමයි අපේ අයගේ දැනුමේ පරාසය...
සමහර ඇමැතිවරුන්ට අමාත්‍යාංශය කීපයක් බාරව තිබුණු අතර, වැඩ කිරීමත් අපහසු බව පෙනෙනවා.. උගත් සුදුසුකම් ඇති අය පත්කරලා තියෙන්නේ? හිටපු දූෂිත පව්ල් පාලන ආණ්ඩුව පවුලේ අයට ඇමැතිකම් දීලා රටට කෙළවපු හැටි දන්නෝ හොන්දාකාරවම දන්නවා.
ඉතාම පැහැදිලිව මාලිමා ආණ්ඩුවේ පිල් දෙකේ සටන පේනවා. පැලවත්තේ ටිල්වින්ගේ කල්ලියේ බලය අඩු කිරීමක් පේනවා. සමහරවිට බටහිර ආයෝජකයෝ සනසන්න ජූලි නෝනා දීපු උපදෙසක් අනුව මේක කළා වෙන්න ඇති....