
(මනෝප්‍රිය ගුණසේකර)
ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ 179කට අධික ප්‍රමාණයක් ලංකාවට ගෙන ඒමේදී අත්අඩංගුවට ගත් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු ධීවරයන් තිදෙනකුට මරණීය දණ්ඩනය නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කළේය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්‍ෂක අජිත් ප්‍රේමලාල් මහතාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ නාවික හමුදාව සමඟ එක්ව කල වැටලීමකදී මීට වසර 07කට පෙර අත්අඩංගුවට ගත් ධීවර වෙස්ගත් කුඩු ජාවාරම්කරුවන් තිදෙනකුට මෙලෙස මරණ දඬුවම් නියම කෙරිණී.
2018 දෙසැම්බර් 05 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බේරුවල ධීවරවරායේ සිට මුහුදු සැතපුම් 07ක් දුරින් ගැඹුරු මුහුදුදේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 179 යි ග්‍රෑම් 180 කට අධික ප්‍රමාණයක් ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.
මෙම් සම්බන්ධයෙන් පැවැත්වු නඩු විභාගයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්‍ෂක අජිත් ප්‍රේමලාල් මහතාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ නාවික හමුදාව සමඟ එක්ව කළ වැටලීමකදී මෙම විත්තිකරුවන් තිදෙනා ඇතුළු ධීවර යාත්‍රාවේ ගමන් කරමින් සිටි විත්තිකරුවන් 08 දෙනකු අත්අඩංගුවට ගෙන තිබු බව අනාවරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා සුබ ආරංචියක්. මත්ද්‍රව්‍ය සම්බන්ධ සුළු වරදට පවා දැඩි දඬුවම් දීමෙන් මේ උවදුර පාලනය කළහැකි වනු ඇත.
ඕනෑම අයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩන්ගුවට පත් වුනොත් ඔහුගෙන් එම මත්ද්‍රව්‍ය තොගයේ වෙළෙඳපල වටිනාකමට සමාන දඩයක් අය කළ යුතුයි. එය ගෙවිමට නොහැකි නම් දේපල රාජසන්තක කර විකුණා එම දඩය අය කරගත යුතුයි. මෙමගින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන ජාලය උදාසීන කළ හැක...