
(අමදෝරු අමරජීව )
ගෝමරංකඩවල පුරාවිද්‍යා කලාපයට අයත් කුච්චවේලි සමුද්‍රගිරි පිච්චමල් විහාරය පිහිටි ශේෂ කඳු ගැටයේ එක් ස්ථානයක විශාල ගලක් ගැලවී තවත් කුඩා ගලක රැඳී තිබෙන බවත් එම විශාල ගල ගැලවී වැටුනහොත් පහළ ඇති දාගැබ් දාසය සහිත කැටයමකට හා ශිලා ලේඛනයට හානි සිදුවිය හැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අයහපත් කාලගුණයක් සමග එක දිගට ඇදහැලුණු වර්ෂාව නිසා ඛාදනය හේතුවෙන් මෙම ගල ගැලවී කුඩා ගලක රැඳී තිබෙන අතර මෙම අවදානම නිසා එම විහාර භූමියේ පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමට එන සංචාරකයන්ට හා වන්දනාකරුවන්ට එම ස්ථානය තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල සහකාර අධ්‍යක්ෂ ඩබ්.යූ. සුරංග පෙරේරා මහතා පැවසීය.
මෙම ගල ඉවත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයට දැනුම් දී ඇති අතර එම නිලධාරින් පැමිණ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකළ බවද සහකාර අධ්‍යක්ෂවරයා කීහ.
පෙර රජ දවස කණිකාර වෙල්ලික විහාරය යන නමින් හැඳින්වූ මෙම සමුද්‍රගිරි පිච්චමල් විහාරය මෙහි ඇති නටබුන් දෙස බැලීමේදී අනුරාධපුර මුල් යුගයේ ආරාමයක් බවට පෙනී යන්නේ යැයි සහකාර අධ්‍යක්ෂවරයා කීහ. දැනට අවධානමේ තිබෙන ශිලා ලිපිය සංස්කෘතික බසින් ලියවුණු ශිලා ලිපියක් බවත් මෙරටින් හමු වූ සංස්කෘත බසින් ලියවුණු පළමු ශිලා ලිපිය බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මතයවේ. ක්‍රිස්තු පූර්ව හය සහ හත සියවස් වල මෙම ශිලා ලිපිය ලියන්නට ඇති බව වියතුන්ගේ මතයයි.රුවන්වැලි සෑය වන්දනා කිරීමට දුටුගැමුණු රජතුමාට පිච්චමල් ගෙන ගියේ මෙම ස්ථානයෙන් බව ජනප්‍රවාදයේ පවතී.


2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පිච්ච මල් විහාරය අවදානමක