රිදිගම,උඩහේන ‘ජන ශක්ති කාන්තා සමිතිය මගින්  ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ‘ළමා හා කාන්තා හිංසනය පිටු දකිමු‘  මැයෙන් සංවිධානය කළ වැඩහනක උඩහේන විශාඛා මරණාධාර සමිති ශාලාවේදී පැවැත්විණි.

මේම වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා ලෙස කාන්තා සහ ළමා කටයුතු නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය  නාමල් සූදර්ශන මහතා සහභාගී විය.

‘ස්ත්‍රීයගේ  දයාවෙන් සහ මාතෘත්වයේ උණුසුමෙන් මේ ලෝකය වඩාත් සුන්දර සහ ජීවමාන තැනක බවට පත් වන බවත්  එක් දිනකට සීමා නොකර මහත් අභිමානයෙන්  යුතුව කාන්තාවට සැම දිනකම යහපත් ලෙස සැලකිම ,සැමරීම කළ යුතු බවත් එහිදී නියෝජ්‍ය අමැතිවරයා කියා සිටියේය.

රිදිගම ප්‍රාදේශිය සබා මන්ත්‍රී එස් ඒ තිලකරත්න, මදුරාගොඩ පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ආර්. එච්එම් යූ එස් යූ දිල්රුක්ෂි ඇතුළු නිලධාරීන් මෙන්ම   කාන්තා සමිතියේ සෙසු පිරිස් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.