(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මොරටුව වීර පුරන් අප්පු විද්‍යාලය ඉදිරිපිට බස් නැවතුම අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක තිබී කැපුම් තුවාල සහිත පුද්ගල මළසිරුරක්  අද(03) දා රාත්‍රී සොයාගත් බව මොරටුව පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.

රාත්‍රී  7.30 පමණ 119 හදිසි ඇමතුම් අංකය ඔස්සේ ලද තොරතුරකට අනුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී වීර පුරන් අප්පු විද්‍යාලය ඉදිරිපිට බස් නැවතුම්පළ අසල නවතාා තිබූ ත්‍රී රෝද රථයක පිටුපස අසුනේ තිබී මෙම පුද්ගල මළසිරුර සොයා ගත් බව පැවසේ.