
අමිල චින්තක ගමගේ
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඉතාමත් සාර්ථකව පැවැත්වෙන බව පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් කුලතුංග මහතා පැවැසීය.
මේ දින කිහිපයේ පමණක් ජනතාව ලක්ෂ එකහමාරකට වැඩි පිරිසක් පොත් ප්‍රදර්ශනය නැරඹීමට හා පොත්පත් මිලදී ගැනීමට පැමිණ ඇති බව ද ඔහු සඳහන් කළේය.
පසුගිය වසර වලට වඩා බොහෝ සාර්ථක ලෙස පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන බවත් පොතපත හොඳින් අලෙවි වන බවට කුටි සංවිධායකයන් ප්‍රකාශ කරන බවත් ඔහු කීය.
මෙවර ප්‍රදර්ශනය ආරම්භයේ සිටම සති අන්ත හෝ සතියේ දින යැයි නොසලකා ජනතාව ඇදෙමින් සිටින බව ද වෙන වසරවල එවැනි තත්වයක් නොතිබූ බව ද ඔහු කීය.
මෙවර පොත් ප්‍රදර්ශනයට වැස්සෙන් කිසිම බාධාවක් ඇති නොවූ බව ද සමහර නවකතා ඇතුළු පොත් මිලදී ගැනීම සඳහා පෝලිම් නිර්මාණය වී ඇති බව ද ඔහු සඳහන් කළේය. මෙවර ප්‍රදර්ශනය සදහා පොත් ප්‍රකාශකයන් 450 කගේ කුටි ඇතුළත්ව තිබෙන බව ද ඔහු කීය.
(ඡායා ඉසුරු පෙරේරා)















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් එක්වරක් ගියා ප්‍රධාන ඇතුල්වීමෙන් ගියාම එක් එක් ප්‍රදර්ශන ශාලාවකට පිලිවෙලට යන්න මග පෙන්වීමක් නැහැ අතරමං වෙන ආකාරයට තමයි තියෙන්නෙ
මෙතරම් පොත් පත් ඈසුරු කරන රටක මිනිස්සු, මොල හීන ජාතියක් උනේ කොහොමද දෙවියනේ? පාරට බෑස්සම මිනිස්සු කිසිම සෙන්සර් නෑති මිනිස්සු වගේ ඒ මේ අත යනව දෑක්කම මේ අපේ පොත පත ඈසුරු කරන මිනිස්සුද කියල හිතෙනව...
පොත් ප්‍රදර්ශනය ගැන විස්තර චායාරුප සමගින් දැක්වීම ඉතා අගෙයි. අවසන් දිනය දැක්වීම ඉතා වැදගත්.
වැඩි දෙනා එන්නේ විනෝදයට, පොඩි ළමයින්ට උවමනා පාසල් ලිපිද්‍රව්‍ය ගන්න. ඇත්තටම සාහිත්‍ය පොත් කියවන්න ගන්න එන්නේ බොහෝම සුළු පිරිසක්...