IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කේ.කේ.එස් පොලිසිවලට තර්ජනාත්මක ඇමැතුමක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

"කන්කසන්තුරය ප්‍රදේශයේ පොලිස් ස්ථාන දහයකට ප්‍රහාරයක් එල්ල කරනවා" යැයි  කන්කසන්තුරය පොලිසියට ආ තර්ජනාත්මක ඇමතුම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. කේ. වුට්ලර් මහතා පැවසීය.

කන්කසන්තරය පොලිසියේ ස්ථාවර දුරකථන අංකයට ඉකුත් 11 වෙනි දින දහවල් 1.15 - 1.20 අතර කාලයේදී  ඇමතුමක් ලැබී ඇති අතර කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කර තිබූ පොලිස් සැරයන්වරයකු ඇමතුම ලබාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.

දුරකථනයට සම්බන්ධව සිටි පුද්ගලයා විසින් අද දවස තුළ කන්කසන්තුරය ප්‍රදේශයේ පොලිස් ස්ථාන දහයකට ප්‍රහාරයක් එල්ල කරනවා යනුවෙන් පවසා දුරකථනය විසන්ධිකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

සැරයන්වරයා ඒ සම්බන්ධයෙන් කන්කසන්තුරය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව ඔහු විසින් කන්කසන්තරය දිස්ත්‍රික් එක භාර සහකාර පොලිස් අධිකාරි වෙත දන්වා ඔහුගේ උපදෙස් ලබාගෙන කොට්ඨාසයේ සෙසු පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් දැනුම් වත්කර ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එසේම රාජකාරී සඳහා පිටගොස් සිටි සියලු නිලධාරීන්ට ආරක්ෂක ස්ථානවල රාජකාරී සිදු කිරීමට උපදෙස් දීමට කටයුතු කර ඇතැයිද දැන ගන්නට ඇත.

 



අදහස් (6)

කේ.කේ.එස් පොලිසිවලට තර්ජනාත්මක ඇමැතුමක්

prasanna Friday, 13 June 2025 03:45 PM

ජෙප්පන්ගේ රැඟුම් කෝ දැන්?

:       57       125

Chathuri Friday, 13 June 2025 11:03 PM

පාස්කු ප්‍රහාරය. ප්ලෑන් කරපු. ඒ අයත් සමග තව අලුත් කට්ටියක් මේ දුරකතන ඇමතුමට සම්බන්ධයි. මේ කට්ටිය කටින් බයකරලා. ආන්ඩුව වට්ටන්න යන්නේ. ඒවා සිහිනයක් පමණයි. මේ හැමදේම පිටුපස ඉන්නේ පැරැදීලා පගා නැතිව නන්නත්තාර වෙලා ඉන්න හොර නඩේ. හිර ගෙදරට යන්නත් තියෙන නිසා මෙවැනි දේවල් කරනවා. කෙසේ හෝ මේ නිවට මෝඩයින්ව හොයා ගන්න ඕනෑ...

:       57       9

මාලිමාගැත්තා Saturday, 14 June 2025 12:13 AM

නිවටයන් ඔටුණු පැළැඳි විට පාහරයින් බඩපිනුම් ගසයි.

:       4       43

සමන් Saturday, 14 June 2025 06:42 AM

වෙන ආණ්ඩුවක් තියෙද්දී මෙහෙ පණිවිඩයක් දැම්මා නම් කොහොමද පාහර ජෙප්පෝ වැළලෙන හැටි...? බොරුවට කොටි නැගිට්ටවනවා කියලා...

:       3       49

Chandana Saturday, 14 June 2025 09:41 AM

කෝ ගුණරත්න, ප්‍රසන්න...?

:       1       24

ධනුෂ්ක Saturday, 14 June 2025 12:39 PM

ඔය උඩ කමෙන්ට් කොටලා තියන අයගේ අරමුණු වෙන්න ඕනේ ඔය වෙන්නේ ඔවුන්ට ඕනේ කොහොමහරි ආණ්ඩුව පෙරලන්න...

:       38       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site