දිනේෂ් සමරකෝන්

දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ආපදා හේතුවෙන් පූර්ණ නිවාස හානි 7003ක් සිදුව ඇති බවට වාර්තා වන බවත්, එම පිරිස පූර්ණ නිවාස හානියට ලබා දෙන රුපියල් ලක්ෂ 50ක මුදල සහ ඉඩමට ලබා දෙන රුපියල් ලක්ෂ 50ක මුදල ලබා ගැනීමට සුදුසුකම් ලබා ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා පැවසීය.

ඒ අනුව, පූර්ණ නිවාස හානිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා තක්සේරු කර නිවාස හිමියන්ට අවශ්‍ය නම් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් නිවෙසක් මිලදී ගැනීමට ද  හැකියාව පවතින බවත්, එලෙස නිවසක් මිලදී ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා මුදල් එකවර ලබා දීමට කටයුතු කරන බවත් කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඊයේ(30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

එහිදී පූර්ණ නිවාස හානියක් පමණක් සිදුව ඇති අවස්ථාවක නිවාස හිමියා එම ස්ථානයේම නිවසක් ඉදි නොකර දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් නිවසක් මිලදී ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා රුපියල්  ලක්ෂ 50ක්ද, නිවාස සහ ඉඩම  පූර්ණ හාණියට ලක්ව ඇති අවස්ථාවක නිවාස හිමියා දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් නිවසක් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් රුපියල් ලක්ෂ 100ක මුදල ද එකවර ලබා ගැනීමට හැකි බව ඔහු කීවෙය

එලෙස නව නිවසක් මිලදී ගැනීමට අපේක්ෂා කරන ආපදාවෙන් නිවාස  හානියට පත් වූ පුද්ගලයන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමට හැකියාව පවතින බව ද ඔහු පැවසීය.