
අජන්ත කුමාර අගලකඩ
ලබන වසර මුලදී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්, ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් ඉකුත් සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම එහි පූර්ව සූදානමක් විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය.
සෘණ මට්ටමේ පැවති මෙරට ආර්ථිකය මේ වන විට බිංදුවේ මට්ටමට රැගෙනවිත් ඇති බවත්,ලබන සැප්තැම්බර් මාසය පමණ වනවිට එය ධන මට්ටමට ගෙන එන බවත් ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ජනතාව අතරට ගොස් රජයේ මෙම වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කරන්නැයි කැබිනට් ඇමතිවරුන්ගෙන් සහ පොදුජන පෙරමුණේ නායකයින්ගෙන් එහිදී ඉල්ලීමක් කර ඇත.
ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා ගමට ගොස් පසුබිම සකසන්නැයිද ජනාධිපතිවරයා එහිදී ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
එම සාකච්ඡාවට සහභාගි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍ර නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්කිරීමට පොහොට්ටුව විශාල දායකත්වයක් ලබා දුන්නා පමණක් නොව ආණ්ඩුව රකින්නේද පොදුජන පෙරමුණ බැවින් ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ සමග සාකච්ඡා කර තීන්දු ගැනීම වැදගත් බව ය.
මෙවැනි සාකච්ඡා කැඳවීමට පෙර ආණ්ඩුවේ පක්ෂ වෙන වෙනම කැඳවා සාකච්ඡා කර, පසුව සියලු පක්ෂ කැඳවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව තීන්දු ගත යුතු බවද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලබන වසර මුලදී හදිසි ජනාධිපතිවරණයක්!