IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බස් -වෑන් - ත්‍රී රෝද අනතුරින් හතක් මරුට

සිසුන් ඇතුළු 41 ක් රෝහලේ

මනෝප්‍රිය ගුණසේකර, නුවරඑළිය එෆ්. එම්. සුහේල් සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

නුවරඑළියේ සංචාරයක් සඳහා ගොස් යළි කොළඹ බලා එමින් සිටි කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් පිරිසක් රැගත් බස් රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ දී වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් 7 දෙනකු මියගොස් ඇති අතර සිසුන් ඇතුළු 41 දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි නානුඔය පොලිසිය කියයි.

නුවරඑළිය - හැටන් ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ දී සිකුරාද‌ා (20) රාත්‍රී 7.15ට පමණ මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.


කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් රැගත් බස් රථය නුවරඑළිය දෙස සිට කොළඹ බලා පැමිණෙමින් තිබියදී නුවරඑළිය ප්‍රදේශයට යමින් තිබූ වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර වී ඇති බව පොලිසිය කියයි.


අනතුරින් මියගිය හත්දෙනකුගේ පමණ සිරුරු සොයාගත් බවත් ප්‍රදේශවාසීන්ගේද සහයෝගයෙන් ගොඩට ගත් තුවාලකරුවන් 41 දෙනකු රෝහල් ගත කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.


කොළඹ බලා එමින් තිබූ බස් රථය නානුඔය රදැල්ල ප්‍රදේශයේ දී දික්ඔය දෙස සිට නුවරඑළිය දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක සහ ත්‍රිරෝද රථයක ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවැසීය.
බස් රථය වෑන් රථයේ සහ ත්‍රීරෝද රියේ ගැටීමෙන් පසුව පාරෙන් ඉවතට පැන මීටර 30ක පමණ දුරක් ගොස් නැවතී ඇති බව ද ඔහු කීවේය. බස් රථයේ සිසුන් 41 දෙනකුද ගුරුවරුන් දෙදෙනකු හා දෙමාපියන් තිදෙනකුද සිට ඇතැයි ඔහු කීවේය.


අනතුරින් වෑන් රථයට හා ත්‍රීරෝද රියට බරපතළ ලෙස හානි සිදුව ඇතැයි ද නීතිඥ තල්දූව මහතා සඳහන් කළේය.
මියගිය හත් දෙනාගෙන් තිදෙනකු කාන්තාවන් බවද ඔහු කීවේය.


බස් රථයේ ගමන් කළ සිසුන් සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 


මේ අතර ශ්‍රීපාදස්ථාන රාජකාරිය නිමවා නුවරඑළිය යුද හමුදා කඳවුර බලා ගමන් කරමින් සිටි 3 වැනි සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් 20 දෙනකු අනතුර සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කරමින් සිට ඇති අතර එම අනතුර දැක පොලිසියත් සමග එක්ව වහාම අනතුරට ලක්වූවන් රෝහල වෙත රැගෙන යාමට කටයුතු කළ බව නුවරඑළිය 3 වැනි සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ප්‍රසන්න සංජීව බෝයගොඩ මහතා පැවැසීය.

 



අදහස් (0)

බස් -වෑන් - ත්‍රී රෝද අනතුරින් හතක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site