(අජන්ත කුමාර අගලකඩ)
දේශපාලන අවුලක් රට තුළ නිර්මාණය වී ඇත්තේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති අවුල් සහගත තත්ත්වය නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ‘ඉරිදා ලංකාදීප’ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සියයට 80ක් හොඳ වුව ද ඉතිරි සියයට විස්සේ බරපතළ වැරැදි තිබෙන බව කී ජනාධිපතිවරයා රට තුළ අද වනවිට දේශපාලන අවුලක් ඇතිකර තිබෙන්නේ එම සියයට විස්සෙ තිබෙන වැරැදි නිසා බව ද කීවේය.
රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ ගෝලයින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හදද්දි මේ ගැටේ ගසා ඇත්තේ රට නැත්තටම නැතිවෙන්නට බව කී ජනාධිපති සිරිසේන මහතා එසේ නොවුණා නම් මේ ප්‍රශ්න අධිකරණයට නොගොස් විසඳා ගැනීමට තිබූ බව ද කීවේය.
ජනතා පරමාධිපත්‍යය ඉහළින්ම තිබෙන විධායකයටත් ව්‍යවස්ථාදායකයටත් අධිකරණයේ තීන්දු එනතෙක් බලා සිටීමට සිදුව ඇතැයිද මෙය රටකට කිසිසේත්ම සුදුසු දෙයක් නොවන්නේ යැයිද ජනාධිපතිවරයා පැවැසීය.
මෙම ප්‍රශ්නය අධිකරණය හමුවට නොගියේ නම් විධායකයත් ව්‍යවස්ථාදායකයත් සාකච්ඡා කර සම්පූර්ණයෙන්ම විසඳා ගැනීමට ඉඩකඩ තිබුණ බව ද ජනාධිපති සිරිසේන මහතා සඳහන් කළේය.
මේ අවුල අධිකරණයට යාම තුළ සියලු දෙනා සිරවී ඇති බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
අධිකරණයේ ස්වාධීනත්වය නිදහස් රාජ්‍ය පාලනය, මාධ්‍ය නිදහස මානව හිමිකම් ආරක්ෂාවීම මෙන්ම රාජ්‍ය සේවකයාට පොලිස් නිලධාරීන්ට පිටකොන්දක් ඇතිව වැඩ කරන්නට ඉඩකඩ ලැබුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා බව කී ජනාධිපතිවරයා එසේ වුවද අද ඇතිව තිබෙන දේශපාලන අවුල නිර්මාණය වූයේද 19 වැනි සංශෝධනයේ වැරැදි නිසා බව කීවේය.
2025 දෙසැම්බර් මස 04
41
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
341
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
362
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අවුල හැදුණේ 19 නූල් සූත්තරෙන්