IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


මහනුවර රෝහලේ වකුගඩු සැත්කම් ඖෂධ හිඟයෙන් තාවකාලිකව නවතියි

 

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)  

මහනුවර මහ රෝහලේ වකුගඩු ඇතුළු ශරීර අයවය බද්ධ කිරීමේ ශල්‍යකර්ම ඉකුත් 28 වැනිද‌ා සිට තාවකාලිකව නතර කිරීම නිසා වකුගඩු බද්ධ කිරීමේ පොරොත්තු ලේඛනයේ සිටින 100 දෙනකුගේ පමණ ජීවිත දැඩි අනතුරකට ලක්වී ඇති බව රෝහල් ආරංචිමාර්ග කියයි.  

මේ නිසා මොළය මිය ගිය අයගෙන් ලබාගන්නා ශරීර අවයව ලබා ගැනීමට ද  තාවකාලිකව නතර කර තිබේ.  


වකුගඩු ඇතුළු ශරීර අවයව බද්ධ කළ රෝගීන් අනිවාර්යයෙන්ම ගතයුතු ඖෂධ වර්ග දෙකක් මාස දෙකක පමණ කාලයක් තිස්සේ මහනුවර මහ රෝහලේ නොමැති නිසා එම ඖෂධ වර්ග දෙක ලැබෙන තෙක් මෙම ශල්‍යකර්ම තාවකාලිකව නතර කිරීමට සිදු වූ බව එම රෝහල් ආරංචිමාර්ග කියයි.  


මෙම අත්‍යවශ්‍ය ඖෂධ වර්ග​ දෙක නොමැතිව වකුගඩු ඇතුළු ශරීර අවයව බද්ධ කිරීම තේරුමක් නොමැති නිසා මෙවැනි තීරණයක් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.  


ශරීර අවයව බද්ධ කළ පසු ඒවා සිරුරෙන් ප්‍රතික්ෂේප වීම වළක්වා ගැනීමට අනිවාර්යෙන්ම දිනපතා ලබාගත යුතු ඖෂධ වර්ග දෙක කඩිනමින් ලබා දී තමන්ගේ ජීවිත රැක ගැනීමට පියවර ගන්නා ලෙස එම රෝගීන් සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.  


මෙම ඖෂධ වර්ග දෙක පෞද්ගලික ඔසු සැල්වලින් මිලදී ගැනීමට මාසයකට රුපියල් 40,000 ක පමණ මුදලක් වැය කිරීමට එක් රෝගියකුට සිදුවන බවත් පෞද්ගලික ඔසු සැල්වල මේවායේ හිඟයක් තිබෙන බවත් රෝගීහු පෙන්වා​ දෙති.  


සෞඛ්‍ය බලධාරින් මෙයට පිළියම් යෙදීමට මෙතෙක් කල් නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් ද සෞඛය බලධාරින් බලවත් විරෝධය පළකර සිටිති.  


මීට සති හතරකට පමණ ඉහත දී මහනුරව මහ රෝහලට ගොස් මේ ගැන සොයා බලා කඩිනමින් මෙම ඔෟෂධ වර්ග ලබා දෙන ලෙස සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටි බවත් නැවතත් මේ ගැන විශේෂ අවධානයක් එම බලධාරින්ට යොමුකර මෙයට කඩිනම් විසඳුම් ලබාදෙන බවත් වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අති​රේක ලේකම් ලලිත් බණ්ඩාර මහතා කීය.   



අදහස් (0)

මහනුවර රෝහලේ වකුගඩු සැත්කම් ඖෂධ හිඟයෙන් තාවකාලිකව නවතියි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28811 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18207 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11213 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 689 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 209 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site