සුජිත් හේවාජුලිගේ
මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් ඒ තොරතුරු වගකිව යුතු අංශවලට කඩිනමින් යොමුකිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවල නිලධාරීන්ගේ සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ගේ සහායෙන් එම තොරතුරු එක් රැස්කර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.
එවැනි තොරතුරු ගණනාවක් අදාළ බලධාරීන්ට දැනටමත් යොමුකර ඇති බව පැවසූ සභාපතිවරයා දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් සෘජුව මැදිහත්ව කටයුතු කිරීමට නීතිමය ප්‍රතිපාදන අධිකාරියට නැතත් දරුවන්ගේ සුභ සිද්ධිය ගැන සිතා මේ ආකාරයට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේය.
මන්දපෝෂිත දරුවන් සම්බන්ධයෙන් ඇතැම් පුවත්පත්වල පළවන වාර්තා සම්බන්ධයෙන් ද අධිකාරියේ නිරන්තර අවධානය යොමුවන බව උදයකුමාර අමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් හතළිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් රට පුරා සිටින බවට සෞඛ්‍ය අංශ අනුමාන කරයි. එම අංශ දැනට නිල වශයෙන් තහවුරු කරගෙන ඇති මන්දපෝෂිත දරුවන් සංඛ්‍යාව 20,000 කි.
මේ දරුවන් වෙනුවෙන් කැපකරු මවුපිය ක්‍රමයක් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් දැනටමත් ආරම්භ කරනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 18
102
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්දපෝෂණේ මට්ටු කරන්න ළමා අධිකාරියත් වැඩට බහී