IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සූර්ය පැනල් වැඩසටහන අඩපණ වීමෙන් ගැටලු රැසක්

ඉන්දික හේවාවිතාරණ
සූර්ය පැනල මගින් නිෂ්‍පාදනය කරන විදුලිය සඳහා පාරිභෝගික ජනතාවට ගෙවන මුදල අඩුවීම නිසා සූර්ය පැනල සවිකර විදුලිය නිෂ්පාදනය කර ගැනීමේ වැඩපිළිවෙළ අඩපණ වී තිබෙන බව සහතික පත් ලාභී සූර්ය පැනල් සවිකරන්නන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම කටයුතු අඩපණවීම නිසා සූර්ය පැනල් සවිකිරීමට පුහුණුව ලැබූ විශාල පිරිසකට මේ වන විට රැකියා අහිමි වී තිබෙන බවද එම සංගමයේ ලේකම් සංජීව ධම්මික සඳහන් කළේය.
සූර්ය පැනල් සවිකර විදුලිය නිෂ්‍පාදනය කර ගැනීම සඳහා 2020 වසරේ සිට ඉලක්කගත වැඩපිළිවෙළක් සකස් කළ බවත් මෙම වැඩපිළිවෙළ 2030 දක්වා ක්‍රියාත්මක කිරිමට සැලසුම් කළ බවත් ඔහු පැවසීය.
මේ අනුව  විදුලි කාර්මික ශිල්පය පිළිබඳ ජාතික නිපුණතා 3 (NVQ 3)  යටතේ සූර්ය පැනල් සවිකිරීමට අදාළව 3000කට අධික පිරිසක් මෙම පුහුණු සහතිකය ලබාගෙන තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
එහෙත් සූර්ය පැනල් සවිකිරීමේ කටයුතු මන්දගාමී අයුරින් සිදුවීම නිසා සහතික පත්ලාභීන්ගෙන්  සියයට හැටකට පමණ මේ වන විට රැකියා අහිමි වී ඇති බව ඔහු පවසයි.
පසුගිය අණ්ඩුව විසින් මේ වසරේ පෙබරවාරි මාසයේදී සූර්ය පැනල් මගින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවන මුදල රුපියල් 37 සිට රුපියල් 27 දක්වා අඩු කිරීමට තීරණය කරනු ලැබූ බව ද ලේකම්වරයා සඳහන් කළේය.
මේ අනුව බැංකු ණය මත නිවෙස්වල වහලවල් මත සූර්ය පැනල් සවිකර විදුලිබල මණ්ඩලයට විදුලිය ලබාදීමට සැලසුම් කර සිටි පිරිස් අදාළ කටයුතුවලින් ඉවත් වූ බවත්, අදාළ තීරණය ගන්නා කාලයේදී පමණක් බැංකු ණය ලබාගෙන සූර්ය පැනල් සවිකිරීමට 5000කට ආසන්න පිරිසක් සැලසුම් කර තිබූ බවත් ඔහු පැවසීය.  තවත් පිරිසක් ව්‍යාපාරයක් ලෙස සූර්ය පැනල් ව්‍යාපෘති සකස් කර  විදුලිබල මණ්ඩලයට විදුලිය ලබාදීමට සැලසුම් කර ඇතත් එම ව්‍යාපෘති පවා මේ වන විට අතහැර දමා තිබෙන බව ඔහු සඳහන් කළේය.
ඩීසල් බලාගාරවලින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයක්  සඳහා පසුගිය කාලයේදී රුපියල් සියයකට ආසන්න මුදලකට ගෙවීම සිදුකර තිබිය දී පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළ යටතේ නිෂ්පාදනය කරන විදුලි ඒකකයකට ගෙවන මුදල අඩු කිරීම අසාධාරණ ක්‍රියාවක් බව ඔහු පවසයි.
2020 වසරේ දී එවකට පැවැති ආණ්ඩුව විසින් 2030 වසර වන විට පුනර්ජනනීය ක්‍රමවේදවලින් සමස්ත විදුලි අවශ්‍යතාවෙන් සියයට හැත්තෑවක් සකස් කර ගැනීමට සැලසුම් කළ බවද හෙතෙම සඳහන් කළේය. මේ නිසා සූර්ය පැනල් මගින් ලබාගන්නා විදුලි ඒකකයක් සඳහා රුපියල් තිස් හතක මුදලක් ගෙවා ලබාගැනීමට වර්තමාන ආණ්ඩුව තීන්දුවක් ගත යුතු බව ඔහු පැවසීය.
එසේ කළහොත් 2030 වසර වන විට පුනර්ජනනීය බලශක්තියෙන් විදුලි අවශ්‍යතාවෙන් සියයට හැත්තෑවක් සකස් කර ගැනීමේ ඉලක්ක සම්පූර්ණකර ගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.  පසුගිය ආණ්ඩුව ගත් තීන්දුව වෙනස් කිරීමට වර්තමාන ආණ්ඩුව කටයුතු නොකළහොත් සූර්ය පැනල් සවිකර විදුලි නිෂ්පාදනය කර ගැනීමේ  වැඩපිළිවෙළ තවදුරටත් අඩපණ විය හැකි බව ඔහුගේ අදහසයි.



අදහස් (0)

සූර්ය පැනල් වැඩසටහන අඩපණ වීමෙන් ගැටලු රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 108 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site