IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සමාගම් වලට කෝටි 1600 ක අයුතු ලාභයක්

සීනි බදු අඩු කිරීම :

  • තිරිඟු‍ සමාගම් දෙකකටත් කෝටි ගාණක ලාභයක්
  • ක්‍රම සහ විධි කාරක සභාව කියයි

සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ

සීනි  සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් පනහේ සිට සත 25 දක්වා අඩු කිරීමෙන් ආනයනකරුවන්  රුපියල් කෝටි 1600 ක අයුතු ලාභයක් උපයා ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරිපත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන් වේ. 

නැවත එම බද්ද සත විසිපහේ සිට රුපියල් 50 දක්වා වැඩි කිරීමෙන් සීනි ආනයන සමාගම් රුපියල් බිලියන ගණනින් අයුතු ලාභ උපයා ඇති බව ද එම කාරක සභාවේ සභාපති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.


මෙම බදු අඩු කිරීම කර තිබුණේ 2020 ඔක්තෝබර් මාසයේදීය. එසේම  තිරිඟු පිටි ආනයනය 2023 අගෝස්තු මස තහනම් කර නැවත තිරිඟු පිටි ආනයනය කිරීමට ඉඩ දීමෙන් සැපයුම්කාර සමාගම් දෙකක් මිලියන ගණනින් අයුතු ලාභ උපයා ඇතැයි ද  කාරක සභාව පවසයි.


අනෙකුත් සමාගම්වලට තිරිඟු පිටි ආනයනය රජය විසින් පසුගිය අගෝස්තු මාසයේ දී තහනම් කරනු ලැබීම නිසා ප්‍රධාන පිටි ප්‍රධාන සමාගම් දෙක විශාල පිටි තොග ප්‍රමාණයක් රැස් කර ගත් බව  සභාපතිවරයා පෙන්වා දුන්නේය. අනතුරුව මාස කීපයකින් තිරිඟු පිටි සඳහා රුපියල් 16 ක බද්දක් පැනවීමත් සමග මෙම සමාගම් දෙක විශාල ලාභයක් ලැබීම හේතුවෙන් මෙරට ජනතාවට හිමි යුතු බදු සහනයක් නොලැබී යන බව ද ඔහු කීවේය.


ඉහත සමාගම්  උපයා ඇති ලාභ පිළිබඳව නිවැරදි තක්සේරුවක් කර බදු අයකිරීමට කටයුතු කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹන ලෙසටද  දැනුම් දුන්නේය.

 



අදහස් (0)

සමාගම් වලට කෝටි 1600 ක අයුතු ලාභයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site