IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


විශ්‍රාමික ජනපතිවරු නඩත්තුවට වසර තුනට කෝටි 27 ක්

(සුජිත් හේවාජුලිගේ )
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය නඩත්තු කිරීම සඳහා  වසර තුනකදී (2022-2024) රුපියල් කෝටි 27 ක් පමණ වැය කර ඇතැයි මහ බැංකු වාර්තාවල සඳහන් ​ෙවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ඉරිදා ලංකාදීපයට  පැවසීය. මෙම පිරිස නඩත්තුවට පසුගිය 2022 වර්ෂයේ දී වැය කර ඇති මුදල රුපියල් කෝටි හතකි. 2023 වර්ෂයේදී එය කෝටි අටකට වැඩි මුදලක් දක්වාද මේ වසර ​ෙවන විට එය කෝටි 11කට වැඩි මුදලක් දක්වාද වර්ධනය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය. මෙම හිටපු ජනාධිපතිවරුන්ට සහ හිටපු ජනාධිපති ආර්යාවට වෙන්කර ඇති මුදල් ප්‍රමාණයේ සියයට 45 ක පමණ වර්ධනයක් වී ඇත.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට මේ වසරේදී රුපියල් එක්කෝටි පනස් හය ලක්ෂ හැත්තෑ දහසක මුදලක් 
වෙන්කර ඇත. 

හිටපු  ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන අය වෙනුවෙන් දෙකෝටි අනූ එක් ලක්ෂ හැත්තෑ දහසක මුදලක් බැගින් වෙන් කර ඇති බව පවසන මහාචාර්යවරයා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ආර්යාව වන හේමා ප්‍රේමදාසට මේ වසරේ රුපියල් හැට අට ලක්ෂ විසි දහසක මුදලක් වෙන්කර ඇතැයිද ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට වෙන්කරන ලද මුදලේ සියයට 273ක වැඩිවීමක් පෙන්නුම් කරන බව පවසන අතුකෝරළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට වෙන්කර ඇති මුදලේ සියයට පනස් හතරක වැඩි වීමක්ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වෙන්කරන ලද මුදලේ සියයට 329ක වර්ධනයක් ද පෙන්නුම් කරන බව සඳහන් කළේය.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ ආර්යාව වන හේමා ප්‍රේමදාසට වෙන්කර ඇති මුදලෙහි සියයට101 ක වර්ධනයක් පෙන්නුම් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. මේ අතර මේ වසරේ ජනාධිපති ඇතුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන් අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 660කි. 2022 වර්ෂයේ දී එම වියදම සටහන්ව තිබුණේ කෝටි 273 ක් වශයෙනි. 2022 වර්ෂයේදී එම සංඛ්‍යාව කෝටි 660 ක් දක්වා වැඩි වී තිබිණ. ජනාධිපතිවරුන්ට වෙන් කෙරෙන මුදලේ ද සියයට 142 ක වැඩිවීමක් පෙන්නුම් කරන බව ඔහු සඳහන් කළේය.



අදහස් (0)

විශ්‍රාමික ජනපතිවරු නඩත්තුවට වසර තුනට කෝටි 27 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 144 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 991 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site