IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


වරායේ ගොඩනැගිලි නැති කාර්යාල

  • ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රධාන විදේශීය බැංකු දෙකක් ‘වර්චුවල් කාර්යාල’ ක්‍රියාත්මක කිරීමට ඩොලර් හොයයි
  • පෞද්ගලික බැංකු 5 කට අක්වෙරළ ගනුදෙනු සඳහා මහ බැංකු අනුමැතිය

උපුල් වික්‍රමසිංහ 


කොළඹ වරාය නගර පරිශ්‍රයේ සිංගප්පූරු සමාගමක් මිලදී ගත් භූමියක ඉදිකළ අතථ්‍ය ගොඩනැගිල්ලක (Virtual Building) සිට බැංකු කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විදේශීය බැංකු දෙකක් සූදානම් බව වාර්තාවෙයි. 
මේ​ ෙවන විට මෙම ගොඩනැගිල්ලේ මහල් දෙකක් ලබාගෙන ඇති බැංකු දෙක සිය කටයුතු ඇරඹීමට සූදානම් බවද වාර්තාවෙයි. මේ සඳහා ඔවුන් ඩොලර් එක්රැස් කරමින් සිටින බවද වාර්තා වෙයි.
මෙම බැංකු දෙකට අක්වෙරළ බැංකු කටයුතු (Offshore Banking) පවත්වා ගෙන යෑම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අවසර ලබා දී ඇතැයි වාර්තාවේ. අක්වෙරළ බැංකු කටයුතු වෙනුවෙන් බදු සහන ලබා දීම සිදු වේ. 

අප මේ සම්බන්ධයෙන් විද්‍යුත් තැපෑල ඔස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීමක් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ඔවුන් සඳහන් කරන්නේ කොළඹ වරාය නගර පරිශ්‍රයට විදේශ විනිමය ගලා ඒම වර්ධනය කිරීමට පහසුකම් සැපයීම වෙනුවෙන් කොළඹ වරාය නගරය ඇතුළත අක්වෙරළ බැංකු කටයුතු සඳහා පහසුකම් සැපයීම සැලකිල්ලට ගනිමින් මුදල් අමාත්‍යවරයා බලපත්‍රලාභී බැංකු 5 කට කොළඹ වරාය නගරය පරිශ්‍රයේ අක්වෙරළ බැංකු කටයුතු ආරම්භ කිරීම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රවලට කොන්දේසි සහිතව එකඟතාව ලබා දුන් බවය.
මහ බැංකු පිළිතුරෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ කොළඹ වරාය නගර පරිශ්‍රයෙහි අක්වෙරළ බැංකු කටයුතු ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලිඛිත අනුමැතිය ලබා ගත යුතු බවත්, ඒ වෙනුවෙන් එම බැංකු විසින් ඒවායෙහි අධ්‍යක්ෂ මණ්ඩලවල අනුමැතිය ලත් ඔවුන්ගේ ව්‍යාපාර මාදිලි පිළිබඳ විස්තර ඇතුළත් වාර්තා ඉදිරිපත් කරනු ලැබිය යුතු බවත්ය.
කොළඹ වරාය නගර පරිශ්‍රයේ ආරම්භ කිරීමට නියමිත එම අක්වෙරළ බැංකු කටයුතු බදුවලින් නිදහස් ද යන්න ගැන අප කළ විමසීමට ප්‍රතිචාර වශයෙන් මහ බැංකුව පවසන්නේ එය ශ්‍රී ලංකා මහ බැංකුවේ විෂය පථය යටතට නොවැටෙන බවත් කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට එය අයිති වෙනු ඇති බවත්ය.
අතථ්‍ය ගොඩනැගිල්ලක් (Virtual Building) යන්න සරලව පැහැදිලි කළහොත් එය භෞතික ගොඩනැගිල්ලක් නොමැති භූමියක ගොඩනැගිල්ලක් ඇතැයි උපකල්පනය කර කටයුතු සිදු කිරීමකි. මේ වනවිට වර්චුවල් ගොඩනැගිල්ලක් ඉදිකර ඇතැයි කියන සිංගප්පූරු සමාගමේ ගොඩනැගිල්ලේ තට්ටුවක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව්‍යාපාරික ආයතනයක් මිලදී ගෙන ඇතැයි ද වාර්තාවේ. වරාය නගරයේ ඉඩම් මිලදී ගන්නන් හට මෙම වර්චුවල් ගොඩනැගිලි ඉදිකිරීමේ සහ වර්චුවල් කාර්යාල පවත්වාගෙන යෑමේ අවස්ථාව හිමිවේ.

 



අදහස් (0)

වරායේ ගොඩනැගිලි නැති කාර්යාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 201 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1066 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site