IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ලොක්කන්ගේ වාහන 2000ක් පවුලේ වැඩට

- බුද්ධි අංශයෙන් රජයට වාර්තාවක්

සුජිත් හේවාජුලිගේ

විවිධ තරාතිරම්වල දේශපාලනඥයන්ට, පොලිසියේ, ත්‍රිවිධ හමුදාවේ සහ  රජයේ විවිධ ආයතනවල ප්‍රධානීන්ට නිකුත් කෙරුණු නිල රථ දෙදහසකට  ආසන්න සංඛ්‍යාවක් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගෙන ඇතැයි  බුද්ධි අංශ රජයට බාරදී ඇති  වාර්තාවක සඳහන් වේ.

මේ හේතුවෙන් විශාල මුදල් නාස්තියක් වන බව එම වාර්තාවෙන් පෙන්වාදී ඇත. සමහර ප්‍රධානීන් තමන්ගේ  පෞද්ගලික වාහන  තමන් සේවය කරන ආයතනයට කුලී පදනම මත ලබාදී  කුලිය ලබා ගන්නා අතරම   ඒවා නිල රථ ලෙසද  පාවිච්චියට යොදාගෙන සිටින බව වාර්තා වේ.


ප්‍රධානීන්ගේ බිරින්දෑවරුන්ගේ ගමන් බිමන්, දරුවන්ගේ පාසල් ගමන් සඳහා මෙම නිල රථ වැඩි වශයෙන් පාවිච්චි කරන බවට  බුද්ධි අංශවලට පෙනී ගොස් ඇත. පවුල්වල සාමාජිකයන්ගේ  ගමන් බිමන් සඳහා එම ආරක්ෂක අංශවල රියදුරන්ද යොදාගෙන තිබීමත් ප්‍රධානීන්ට රජයෙන්  දෙන ඉන්ධන පාවිච්චි කිරීමත් හේතුවෙන්  මෙම පාඩුව දෙගුණ තෙගුණ වන බව  බුද්ධි අංශ වාර්තා සඳහන් කරයි.


මෙම බුද්ධි අංශ වාර්තාව සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමුවී  ඇත.



අදහස් (0)

ලොක්කන්ගේ වාහන 2000ක් පවුලේ වැඩට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site