IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලෙබනනයට දැඩි ප්‍රහාර ශ්‍රී ලාංකිකයන්ට ලෙබනන් තානාපති කාර්යාලයේ රැකවරණ

විමුක්ති එස් රුද්‍රිගු
ඊශ්‍රායලය ලෙබනනයට එල්ල කරන දැඩි ගුවන් ප්‍රහාර හමුවේ ශ්‍රී ලාංකිකයන් 32 ක් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණ පතා පැමිණ ඇති බවත් එම ශ්‍රී ලාංකිකයන් කතෝලික පල්ලි දෙකක ආරක්ෂිතව රඳවා ඇති බවත්, ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර ලෙබනනයේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ඉරිදා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කළේය.

ලෙබනනයේ වත්මන් තත්වය හමුවේ දුෂ්කරතා රැසකට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මුහුණ දුන්නත් එම ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ආහාර පාන, ජලය සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලීමට හැකි උපරිමයෙන් කටයුතු කර තිබෙන බවද තානාපතිවරයා පැවැසුවේය. රැකවරණය අවශ්‍ය ශ්‍රී ලාංකිකයන්ට රැකවරණය ලබාදීම සඳහා ලෙබනන රජය එම කතෝලික පල්ලි දෙක තානාපති කාර්යාලයට ලබාදී ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ලෙබනනයේ තත්වය වඩාත් නරක අතට හැරුණ හොත් ශ්‍රී ලාංකිකයන් ඉවත් කරගැනීමට සියලු විකල්ප මාර්ග සලසා ඇතැයි තානාපතිවරයා පැවසීය.
ලෙබනනය තවත් ගාසා තීරයක් බවට පත්වුවහොත් ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සැලසුමක් තිබෙන අතර එවැනි අවස්ථාවක් මතුවුවහොත් ගුවන් යානයක් බේරෑට් නගරය වෙත ගෙන්වා ගෙන හෝ නෞකාවක් කුලියට ගෙන සයිප්‍රසය හරහා ශ්‍රී ලාංකිකයන් ඉවත් කර ගැනීමට කටයුතු කරන බව ප්‍රකාශ කළේය.
මෙතෙක් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කිසිදු ශ්‍රී ලාංකිකයකුට ජීවිත හානි සිදුව නොමැති අතර මීට දින කීපයකට පෙර එක් ශ්‍රී ලාංකිකයකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව තානාපතිවරයා ප්‍රකාශ කළේය. එම ශ්‍රී ලාංකිකයා රෝහල් ගත කළ අවස්ථාවේ තානාපති කාර්යාලය නිරන්තරයෙන් ඔහු පිළිබඳ සොයා බැලූ බවත් මේ වනවිට ඔහු  සුවඅතට පත් වෙමින් සිටින බවත් තානාපතිවරයා පැවැසුවේය.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව වැඩි වශයෙන් ප්‍රහාර එල්ල කරන්නේ දකුණු ලෙබනනයට සහ බේරෑට්හි දහියේ ප්‍රදේශය වෙත බවත් එම ප්‍රදේශයේ සිට කාන්තාවක් පසුගිය 3 වැනිදා තානාපති කාර්යාලයට පැමිණි බවත් තානාපති කපිල ජයවීර ප්‍රකාශ කළේය. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රහාර එල්ල කරන ප්‍රදේශවල තවදුරටත් ශ්‍රී ලාංකිකයන් නොමැති බවත් ඔවුන් සියලු‍ දෙනා ආරක්ෂාව පතා වෙනත් ප්‍රදේශවල තිබෙන හිතවතුන්ගේ සහ ඥාතීන්ගේ නිවෙස්වලට ගොස් ඇති බවත් එම කාන්තාව පැවැසූ බව තානාපතිවරයා පැවසුවේය.
අනවශ්‍ය ගමන් බිමන් නොයන ලෙසත් කණ්ඩායම් වශයෙන් එකතු නොවන ලෙසත් ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් ලබාදී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය. පැය 24 පුරා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සම්බන්ධවීමට ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට හැකියාව තිබෙන බවත් ඕනෑම හදිසි අවස්ථාවක තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙස ලෙබනනයේ ශ්‍රී ලාංකිකයන් 7600 ක පමණ පිරිසට දැනුම්දී තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
හිස්බුල්ලා සටන්කාමීන් හමාස් සංවිධානයට සහාය පළකරමින් ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර දිගින් දිගටම එල්ල කිරීම හේතුවෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව හිස්බුල්ලා සංවිධානය මුලිනුපුටා දැමීම සඳහා ලෙබනනයට පහර දීම ආරම්භ කළේය.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ලෙබනනයට එල්ල කළ ප්‍රහාර හමුවේ ලෙබනන ජාතිකයන් 1640 දෙනකු මියගොස් ඇති අතර පහරදීම් ආරම්භ කර සති තුනක කාලයකදී ලෙබනන ජාතිකයන් ලක්ෂ 10 අවතැන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලෙබනන ජාතිකයන් 160,000 ඊශ්‍රායල බෝම්බවලින් බේරීම සඳහා ලෙබනන සිරියානු දේශසීමාව හරහා සිරියාවට ඇතුළුවී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

 



අදහස් (0)

ලෙබනනයට දැඩි ප්‍රහාර ශ්‍රී ලාංකිකයන්ට ලෙබනන් තානාපති කාර්යාලයේ රැකවරණ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31235 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13402 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10977 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 916 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site