IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලබන වසර මුලදී හදිසි ජනාධිපතිවරණයක්!

අජන්ත කුමාර අගලකඩ

ලබන වසර මුලදී හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්, ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් ඉකුත් සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීම එහි පූර්ව සූදානමක් විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය.

සෘණ මට්ටමේ පැවති මෙරට ආර්ථිකය මේ වන විට බිංදුවේ මට්ටමට රැගෙනවිත් ඇති බවත්,ලබන සැප්තැම්බර් මාසය  පමණ වනවිට එය  ධන මට්ටමට ගෙන එන බවත් ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ජනතාව අතරට ගොස්  රජයේ මෙම වැඩපිළිවෙළ පිළිබඳව   දැනුවත් කරන්නැයි කැබිනට් ඇමතිවරුන්ගෙන් සහ පොදුජන පෙරමුණේ  නායකයින්ගෙන් එහිදී ඉල්ලීමක් කර ඇත.


ඕනෑම මැතිවරණයකට මුහුණදීම සඳහා ගමට ගොස් පසුබිම සකසන්නැයිද  ජනාධිපතිවරයා එහිදී ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.


එම සාකච්ඡාවට සහභාගි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු  මන්ත්‍ර නීතිඥ සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්කිරීමට පොහොට්ටුව විශාල දායකත්වයක් ලබා දුන්නා පමණක් නොව ආණ්ඩුව රකින්නේද පොදුජන පෙරමුණ බැවින්  ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ සමග සාකච්ඡා කර තීන්දු ගැනීම වැදගත් බව ය.


මෙවැනි සාකච්ඡා කැඳවීමට පෙර ආණ්ඩුවේ පක්ෂ වෙන වෙනම කැඳවා සාකච්ඡා කර, පසුව සියලු‍ පක්ෂ කැඳවා සාකච්ඡා කිරීමෙන් අනතුරුව  තීන්දු  ගත යුතු බවද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.

 



අදහස් (0)

ලබන වසර මුලදී හදිසි ජනාධිපතිවරණයක්!

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site