IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රෝහල් සේවා කඩාවැටීම තවත් උග්‍ර වෙද්දී සීමාවාසික පුහුණුව අවසන් කළ 1400ක් පෝලිමේ

ඉන්දික හේවාවිතාරණ



වෛද්‍යවරුන්ගේ විශාල හිඟයක් ඇති වී තිබියදීත් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී 
සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 1390 ක් වෛද්‍ය සේවයට බඳවාගැනීම් දිගින් දිගටම ප්‍රමාද කරමින් සිටින 
බව රජයේ වෛද්‍යපීඨ 
ශිෂ්‍ය දෙමාපිය 
සංගමය සඳහන් කරයි.

මීට අමතරව,  මේ වසරේ පෙබරවාරි මාසයේදී වෛද්‍යපීඨ අවසන් විභාගයට පෙනී සිටි දහසකට අධික වෛද්‍ය ශිෂ්‍යයින් ප්‍රමාණයක් තවමත් සීමාවාසික පුහුණුවට බඳවා ගෙන නොමැති අතර මෙම කණ්ඩායම්  මේ වසරේ නොවැම්බර් මාසයේදී සීමාවාසික පුහුණුවට බඳවා ගැනීමට සැලසුම් කර තිබෙන 
බවද පෙන්වා දෙයි.
ප්‍රධාන රෝහල්වල විශාල ලෙස වෛද්‍යවරුන්ගේ  හිඟයක් ඇති වී තිබෙන නිසා අවසන් විභාගයට පෙනී සිටින දහසකට අධික පිරිස කඩිනමින් සීමාවාසික පුහුණුවට බඳවා ගැනීමේ හැකියාව තිබෙන බවත්  වෛද්‍ය ශිෂ්‍යයින්ට නිවෙස්වලට වී මාස හයක් හතක් රැඳී සිටීමට සිදුවීම එම සිසුන්ට සිදුකරණ අසාධාරණයක් බවත් එම සංගමය සඳහන් කරයි.
රට පුරා රෝහල්වල විවිධ වෛද්‍ය ඒකක අලු‍තින් එක්වෙමින් තිබෙන නිසා සීමාවාසික පුහුණුව අවසන් කර සිටින 1390 ට පත්වීම් ලිපි ලබා දී රාජ්‍ය සේවයට එක් කර පුරප්පාඩු පවතින ඒකකවලට අනුයුක්ත කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.
දැනට රෝහල්වල එක්දහස් තුන්සියකට වැඩි පිරිසක් සායනික පුහුණුව ලබමින් සිටින බවත් මෙම පිරිසගේ පුහුණුව මේ වසරේ නොවැම්බර් මාසයේදී අවසන් වන නිසා දැනට පුහුණුව අවසන් කර සිටින පිරිස් රාජ්‍ය සේවයට බඳවා ගැනීම් ප්‍රමාද කළහොත් ඉදිරියේදී  විශාල පිරිසක් එකවර බඳවා ගැනීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය.
සීමාවාසික පුහුණුව අවසන් කිරීමෙන් පසු වෛද්‍ය සේවාවට බඳවා ගැනීම් ප්‍රමාද වීම නිසා එම අවස්ථාවෙදීත් මෙම පිරිස්වලට අසාධාරණයක් සිදුවන බවත් වෛද්‍ය පත්වීම ලබා දෙන තෙක්  රාජ්‍ය සේවයේ බොහෝ අයිතිවාසිකම් මෙම පිරිසට අහිමි බවද එම සංගමය  සඳහන් කරයි.

 



අදහස් (0)

රෝහල් සේවා කඩාවැටීම තවත් උග්‍ර වෙද්දී සීමාවාසික පුහුණුව අවසන් කළ 1400ක් පෝලිමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1080 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site