IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


මොරටුව හා ඌවවෙල්ලස්ස වෛද්‍ය පීඨවලට ස්ථිර ගොඩනැගිලි නැතිකමෙන් ගැටලු රැසක්

ඉන්දික හේවාවිතාරණ
 මොරටුව හා ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨවල ශිෂ්‍ය කණ්ඩායම් අධ්‍යාපනය ලැබුවත් තවමත් මෙම පීඨ දෙක සඳහා ස්ථිර ගොඩනැගිලි හෝ මහාචාර්ය ඒකක නොමැති බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි. මීට අමතරව සබරගමුව හා වයඹ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සඳහා ස්ථිර මහාචාර්ය ඒකක නොමැති බවද එම වෛද්‍ය පීඨ දෙක සඳහා ඇත්තේ තාවකාලික මහාචාර්ය ඒකක බව ද එම කමිටුව පෙන්වා දෙයි.
 මොරටුව වෛද්‍ය පීඨයෙහි මේ වෙන විට ශිෂ්‍ය කණ්ඩායම් හතරක් අධ්‍යාපනය ලබන අතර පූර්ව සායනික ගොඩනැගිල්ලක් කටුබැද්ද ප්‍රදේශයේ ඉදිකිරීම ආරම්භ කළ ද එහි ඉදිකිරීම් කටයුතු පවා නිසි ලෙස සිදු නොවෙන බව ද ඔවුහු කියති.
 කළුතර ශික්ෂණ රෝහලෙහි මහාචාර්ය ඒකක සකස් කිරීමට සැලසුම් කළ ද එම කටයුතු නිසි ලෙස සිදුනොවන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කරයි.
මෙම වෛද්‍ය පීඨය ආරම්භ කර මේ වෙන විට වසර පහකට ආසන්න කාලයක් ගත වී තිබෙන අතර, ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨවල පළමු වසර කණ්ඩායම අධ්‍යාපනය ලබන බවත්, දෙවැනි කණ්ඩායම ඉදිරි කාලයේදී බඳවා ගැනීමට නියමිතව තිබෙන බවත් සඳහන් කරයි. 

මහාචාර්ය ඒකක බදුල්ල ශික්ෂණ රෝහලෙහි ඉදිකිරීමට අදාළව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මුල්ගල තැබීම් සිදුකළත් එහි ඉදිකිරීම කටයුතු පවා නිසි ලෙස සිදුනොවන බව ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව පෙන්වා දෙයි. එම කමිටුව මෙසේද සඳහන් කරයි.
 “මෙම පීඨයටත් ස්ථිර ගොඩනැගිලි නොමැත. වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට අයත් ගොඩනැගිල්ලක පීඨය පවත්වාගෙන යයි. පීඨය ඉදිකිරීම සඳහා මුල්ගල තබා තිබුණද අදාළ ඉදිකිරීම් පවා නිසි ලෙස  සිදුනොවේ.
 වයඹ වෛද්‍ය පීඨයට අදාළව  සිසුන් විසින් කුරුණෑගල රෝහලෙහි වාට්ටු වෙන්කරගෙන මහාචාර්ය ඒකකයක් ලෙස පවත්වාගෙන යමින් අධ්‍යාපන කටයුතු සිදුකරයි.  සබරගමුව වෛද්‍ය පීඨයට අදාළව රත්නපුර රෝහලෙහි වාට්ටු වෙන් කර මහාචාර්ය ඒකක සකස් කර තිබේ. මෙම වාට්ටුවල වෛද්‍ය පීඨ සිසුහු අධ්‍යාපනය ලබති.  මෙම රෝහලෙහි මහල් 09 කින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම ආරම්භ කර ඇතත් ඉදිකිරීම් අවසන් වීමට තවත් වසර කිහිපයක් ගත විය හැක.
 මේ නිසා වෙල්ලස්ස වෛද්‍ය පීඨයෙහිද මොරටුව වෛද්‍ය පීඨයෙහිද අදාළ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට  බලධාරීන් පියවර ගත යුතුය.”

 



අදහස් (0)

මොරටුව හා ඌවවෙල්ලස්ස වෛද්‍ය පීඨවලට ස්ථිර ගොඩනැගිලි නැතිකමෙන් ගැටලු රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1698 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1420 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site