IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මහපොළ‌ සහ ශිෂ්‍යාධාර මාස හතරකින් ලැබී නැහැ

මදූෂා දිල්ශානි
විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. 

එහි කැඳවුම්කරු මදුශාන් චන්ද්‍රජිත් ඉරිදා ලංකාදීපයට ප්‍රකාශ කළේ ආණ්ඩුව යෝජනා කරන රුපියල් 7,500 ක මාසික දීමනාව පවතින ජීවන වියදම හමුවේ ප්‍රමාණවත් නොවන නිසා එය රුපියල් 10,000 දක්වා වැඩි කිරීමට යෝජනා කරන බවය.
මේ සම්බන්ධයෙන් මහපොළ හා ශිෂ්‍යත්ව භාර අරමුදලේ හිටපු අධ්‍යක්ෂ පරාක්‍රම බණ්ඩාර ප්‍රකාශ කළේ දැනට සිසුන් සඳහා ලබාදෙනු ලබන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 1.8ක මුදලක් වැය වන බවත්, එය රුපියල් 7,500 දක්වා වැඩි කළ හොත් වාර්ෂිකව රුපියල් බිලියන 2ත් 3ත් අතර ප්‍රමාණයක් වැය කිරීමට සිදු වන බවත්ය. මහපොළ දීමනා රුපියල් 10,000දක්වා වැඩි කිරීම තමාද අනුමත කළත් එම මුදල් ලබා දීමට භාණ්ඩාගාරය සතුව ප්‍රමාණවත් මුදල් ප්‍රමාණයක් මේ වනවිට ද නොමැති බව ඔහු පැහැදිලි කළේය.

 



අදහස් (0)

මහපොළ‌ සහ ශිෂ්‍යාධාර මාස හතරකින් ලැබී නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site