IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?

1993 වසරේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් මෙවරත් සිදුවේ ද ?

මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්ථාවේ තත්කාලයට අනුව ග්‍රහ ගෝචරයට සමාන ග්‍රහ ගෝචරයක් 1993 අප්‍රේල් මස 13 වැනිදා රවි මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වූ අවස්ථාවේ යෙදී තිබිණ.


1993 අප්‍රේල් මස 23 වැනිදා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායක ලලිත් ඇතුලත් මුදලි මහතා කිරුළපන මහජන ක්‍රීඩාංගණයේ රැස්වීමක් පැවැති අවස්ථාවේ දී සාහසික වෙඩි පහරට ලක්වී මරණයට පත්විය. මෙම මරණයෙන් දින කිහිපයක් යාමට මත්තෙන් 1993 මැයි 01 වැනිදා මැයි දින පෙළපාළියේ දී එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බෝම්බ ප්‍රහාරයකින් මරණයට පත්විය. ඉන්පසු පැවැති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහණය කළේය.


1993 වසරේ රවි මේෂයට සංක්‍රමණය වීමේ දී අඟහරු හෙවත් කුජ මිථුන රාශිගතව බ්‍රහස්පතිට අයත් නැකතත්, බුධ මීන රාශියෙහි සෙනසුරුට අයත් නැකතක් ගුරු කන්‍යා රාශිගතව සඳුගේ නැකතක් සිකුරු මීන රාශිගතව සෙනසුරුට අයත් තැනකත්, සෙනසුරු කුම්භ රාශිගත බුධව අයත් නැකතක් ගෝචර ගමනින් ගමන් කර ඇත.


මෙම වසරේ දී අඟහරු කුම්භ රාශිගතව ගුරුට අයත් නැකතකත්, බුධ මීන රාශිගතව බුධටම අයත් නැකතෙත්, බ්‍රහස්පති මේෂ රාශිගතව සිකුරුට අයත් නැකතක් සිකුරු, මීන රාශිගතව සෙනසුරුට අයත් නැකතකත්, සෙනසුරු කුම්භ රාශිගතව රාහුට අයත් නැකතකත්, රාහු මීන රාශිගතව බුධට අයත් නැකතකත් ගෝචරයෙන් පැමිණෙයි.
1993 වසරේදීත් 2024 වසරේදීත් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමේ දී යෙදී ඇති ග්‍රහ ගෝචරය බොහෝ ලෙස සමානතාවයක් පෙන්වයි. තව ද මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් 1993වසරේ දී සම්ප්‍රදායෙන් තොරව රවි මාරුවෙන් පැය 6 යි විනාඩි 24 ට පසුව සඳුදා උදෑසනට ගත් ලෙසට මෙවර පසුදා උදෑසනට අවුරුදු චාරිත්‍ර නැකැත් යොදා ගතහොත් 1993 වසරේ සිදු වූ තත්ත්වයටත් වඩා අති බිහිසුණු සිදුවීම් මාලාවක් මෙරට සිදුවනු ඇත. 


මෙවර රාජ්‍ය නැකැත් කමිටුව විසින් ඉතාමත් සුබ ඵල අත්වන ලෙසට ගැළපෙන නැකැත් රාත්‍රියට යොදා සකස් කර ඇති අතර රවි මේෂ රාශියට පිවිසීමෙන් යෙදෙන්නා වූ ඉතා බිහිසුණු සිදුවීම්වලින් යම් තාක් දුරට හෝ අවම වීමක් සිංහල අවුරුදු නැකතින් සිදුවනු ඇත.


මෙවර සූර්ය සංක්‍රාන්තිය හේතුවෙන් මෙරට ඉදිරි සූර්ය මංගල්‍යයට පෙර දේශපාලකයන් ජනාදරයට පත් උසස් රාජ්‍ය නායකයන්ට මාරක ඇතිවීමත්, දේශපාලන වශයෙන් ඡන්දවලින් පවතින රජයට අශුභ ඵල ඇතිවීමත්, මැතිවරණ ආශ්‍රීතව කඩාකප්පල්කාරී සිදුවීම් ද, පහරදීම් ද, පිපිරීම් ආදිය ද වැඩි වශයෙන් ඇතිවීමත් මහජන හිරිහැර වැඩිවීමත් සිදුවනු ඇත.

 

රාජ්‍ය නැකැත් කමිටුවේ ජ්‍යෙතීර්වේ දී
රේණුක වික්‍රමසිංහ



අදහස් (1)

මෙවර අවුරදු නැකතෙන් මොනවා වෙයිද ?

randil dunuwille Tuesday, 02 April 2024 02:32 PM

ඔය සේරම බොරු මනස්ගාත.

:       0       5

ඔබේ අදහස් එවන්න

පුවත්

වැටුප් වල සැබෑ අගය පහළට - මහාචාර්ය වසන්ත අතුකෝරළ
2024 ජුලි මස 27 6 0

රාජ්‍ය අංශයේ සේවකයෙකුගේ වැටුපෙහි සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද, අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ වැටුපෙහි සත්‍ය අගය සියයට විස්සකින්ද 2020 - 2024 අත


2023 මුල් මාස දහයට මිනීමැරුම් 488 ක්
2024 ජුලි මස 27 10 0

පසුගිය 2023 වසරේ මුල් මාස දහයේදී මනුෂ්‍ය ඝාතන 488ක් වාර්තාවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලු‍ත්ම වාර්තාවක සඳහන්වේ. මින් ඝාතන 52ක්ම සිදුවී ඇත්තේ වෙ


ළමා අපයෝජන පැමිණිලි නිතිපතා ඉහළට
2024 ජුලි මස 27 7 0

මේ වසරේ ජනවාරි මාසයේ සිට ජුනි තෙක් ගතවූ මාස හයක කාලයේදී ළමයින් අපයෝජනය කිරීමේ පැමිණිලි 290ක් ළමාරක්ෂක අධිකාරියට ලැබුණු බව ළමාරක්ෂක අධිකාරියේ සභාපති උද


ජනපති අපේක්ෂකයන්ට තර්ජන
2024 ජුලි මස 19 176 0

ජනාධිපති අපේක්ෂකයන්ට ඇති තර්ජන සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තීරණය කර ඇත. ඉදිරි ජනාධිපතිවරණයේදී ජනපති අපේක්ෂක


සමගි ජන සන්ධානය අගෝස්තු මුල
2024 ජුලි මස 19 127 0

සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එළි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. ජනාධිපතිවරණය සහ මහ ම


ශ්‍රී ලංකන් එයාර් ලයින් ටෙන්ඩර් පටිපාටිය අවලංගුයි
2024 ජුලි මස 19 17 0

ශ්‍රීලංකන් එයාර්ලයින් ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ආරම්භ කර තිබෙන ටෙන්ඩර් පටිපාටිය අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි මුදල්, ආර්ථික ස්ථායීකරණ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site