IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


බහුජාතික සමාගමක කෝටි 150ක බදු අයකරන්න රේගුවට කම්මැලි හිතිලා

වෘත්තිය සමිති චෝදනා කරයි

(ගුණසිංහ හේරත්)  

ශ්‍රී ලංකා රේගුව බහුජාතික සමාගමකින් අය කරගත යුතු රුපියල් කෝටි 150ක් වූ බදු මුදලක් අය කර නොගෙන මගහරින පිළිවෙතක් අනුගමනය කරන බවට රේගුවේ වෘත්තීය සමිති චෝදනා කරයි.  

මේ කෝටි 150න් රුපියල් කෝටි 50ක් ඒ සමාගම විසින් රේගුවට නොගෙවා පැහැර හරිනු ලැබ තිබෙන බදු මුදල් වන අතර ඉතිරි රුපියල් කෝටි 100 නොගෙවූ බදු වෙනුවෙන් පැනවූ දඩ මුදල බව ද ඒ වෘත්තීය සමාගම් අනාවරණය කරයි.  


අදාළ බහුජාතික සමාගම අමුද්‍රව්‍යයේ නම වෙනස් කරමින් පාම් ඔයිල් ෆැටී ඇසිඩ්ස් ආනයනය කර තිබෙන බව හෙළි කරන රේගු වෘත්තීය සංගම් මේ වංචාව පිළිබඳව ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමය 2019 පෙබරවාරි 12 වැනිදා එවකට සිටි රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එච්. චාල්ස් මහත්මියට ලිඛිතව පැමිණිලි කර තිබෙන බව ද අනාවරණය කරයි.  


ඒ පිළිබඳ ශ්‍රී ලංකා රූපලාවන්‍ය නිෂ්පාදකයන්ගේ සංගමයෙන් කළ විමසීමක දී එහි ප්‍රධානියකු සඳහන් කළේ මෙම වංචාව පිළිබඳව තමන් වර්තමාන රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වන විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා හමුවී සිය ලිඛිත පැමිණිල්ල පිළිබඳව යළි සිහි කැඳවීමක් කළත් මෙතෙක් ශ්‍රී ලංකා රේගුව අදාළ බහුජාතික සමාගමෙන් අදාළ දඩ මුදල කෙසේ වෙතත් බදු මුදලවත් අයකරගෙන නොමැති බවය. 

 
ශ්‍රී ලංකා රූපලාවන්‍ය  නිෂ්පාදකයන්ගේ සංගමයේ පැමිණිල්ල මත හිටපු රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරියගේ නියමයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රේගු අධිකාරි ඩී.කේ.එස්. රවීන්ද්‍ර මහතාගෙන් අප කළ විමසීමේ දී හෙතෙම සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කිරීමට බලයක් නොමැති බවය. 

 



අදහස් (0)

බහුජාතික සමාගමක කෝටි 150ක බදු අයකරන්න රේගුවට කම්මැලි හිතිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 22 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 140 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 986 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site