IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බදු පැහරහැරීම මුදල් විශුද්ධිකරණය වරදක් වන පනත් තුනක්

 


උපුල් වික්‍රමසිංහ


බදු ගෙවීම පැහැර හැරීම මුදල් විශුද්ධිකරණය යටතට ගැනෙන වරදක් බවට පත් කිරීම හා මුදල් විශුද්ධිකරණයට අදාළ පැමිණිලි විමර්ශන කරන ආයතනවලට වැඩි බලතල පැවරීම ඇතුළු නව ප්‍රතිපාදන රැසක් ඇතුළත් පනත් කෙටුම්පත් තුනක් මේ වෙන විට අවසන් අදියරේ පවතින බව රජයේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.

ඒ අනුව මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ පනත් කෙටුම්පත යන ඒවාට මේ වසරේ තුන්වැනි කාර්තුව ඇතුළත අමාත්‍ය මණ්ඩලයේ අනුමතය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ දැනට එවැනි වරදකට ලබා දෙන වසර 20ක සිර දඬුවම වෙනස් නොවෙන බවත්, විමර්ශන නිලධාරීන්ගේ බලතල වැඩි කර ඇති බවත් කී එම ප්‍රකාශකයා පවතින නීතිය යටතේ මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ අ​ෙයකුගේ දේපොළක් තහනම් කළ හැකි කාලය දින 7 ක් වුවත් මේ පනත් කෙටුම්පත් සම්මත වූ පසු ඒ කාලය දින 14 ක් දක්වා දීර්ඝ වෙන බව ද කීවේය.

 



අදහස් (0)

බදු පැහරහැරීම මුදල් විශුද්ධිකරණය වරදක් වන පනත් තුනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site