ඉන්දික හේවාවිතාරණ
ලොකු ලූනු වගාවට අවශ්‍ය ගුණාත්මක බීජ නිසි ලෙස නොමැති වීම හා බීජ මිල ඉහළ යාම නිසා මෙවර කන්නයේදී වගා කටයුතු නිසි ලෙස සිදුකිරීමට නොහැකි වී තිබෙන බව ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.
විදේශ රටවලින් ගෙන්වන බීජ කිලෝවක මිල රුපියල් 18,000 – රුපියල් 20,000 අතර පවතින බවද එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේය. දේශීය බීජ කිලෝවක මිල රුපියල් 30,000 ඉක්මවා ගොස් තිබෙන අතර මෙම මිලට ද ඇතැම් ප්‍රදේශවල දේශීය බීජ සොයා ගැනීමට නොමැති බව ඔහු පවසා සිටියේය.
විදේශ රටවලින් ගෙන්වන බීජවල ගුණාත්මකභාවය පිළිබඳව වරින් වර ගැටලු ඇති වී තිබෙන නිසා දේශීය බීජ නිෂ්පාදනය ඉහළ දැමීමේ වැඩපිළිවෙළක් අවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය..
මෙරට ලොකු ලූනු වගා කරනුයේ වසරකට එක් වතාවක් පමණක්, එනම් යල් කන්නයේ පමණක් බවද සභාපතිවරයා පැවසීය.
වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 280,000ක ප්‍රමාණයෙන් සියයට අසූවකට වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ගෙන්වීමට සිදුව තිබෙන බවද ඔහු පැවසීය. වැඩිදුරටත් ඔහු මෙසේද කීය.
“වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට ආසන්න වශයෙන් හෙක්ටයාර් 15,000 ක් හෙවත් අක්කර 37,500ක් පමණ ලොකු ලූනු වගා කළ යුතුයි.
මෙකී වගා ඉලක්කය කරා යෑමේ කිසිදු වැඩපිළිවෙළක් රටේ නැහැ. මේ හේතුවෙන් ලොකු ලූනු ගොවිතැනින් ගොවීන් ඉවත් වෙමින් තිබෙනවා.
අක්කරයක් සඳහා ආනයනික බීජ කිලෝ තුනත් තුනහමාරත් අතර ප්‍රමාණයක් හා දේශීය බීජ කිලෝ දෙක හමාරත් තුනත් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.
ලොකු ලූනු වගාවෙන් ගොවියා ඈත්වීමට බලපාන ප්‍රධානතම සාධකයක් වී තිබෙන්නේ බීජ ගැටලු. අස්වැන්නට නිසි මිලක් නොමැතිවීම හා වගා කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාගැනීමට ස්ථානයක් නොමැතිවීමත් ගැටලුවක්.
දැනට පවතින ගැටලු නිසා මෙවර යල් කන්නයේ දී හෙක්ටයාර 1000කට ආසන්න ප්‍රමාණයකවත් ලොකු ලූනු වගාව සිදුකළ නොහැකියි.
පසුගිය කාලයේදී ලොකු ලූනු වගාවෙන් ලද පාඩුව නිසා සිය වගා බිම් වෙනත් බහු වාර්ෂික භෝග වගා සඳහා යොදා ගැනීමට ඇතැම් ගොවීන් කටයුතු කර තිබෙනවා.
ලොකු ලූනු වගාව සිදුකළ හැකි භූමි පිළිබඳව විස්තරයක් 2022 වසරේ අවසන් කාර්තුවෙහිදී එවකට පැවති ආණ්ඩුවට භාර දී තිබෙනවා. දැනට ලොකුලූනු වගා කරන ප්‍රදේශවලට අමතරව තවත් හෙක්ටයාර් 15,000කට වැඩි ප්‍රමාණයක ලොකුලූනු වගා කළ හැකියි.”
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බීජ මිල ඉහළ යෑමෙන් ලොකු ලූනු වගාව අඩාළයි