සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට ලිංගික අතවර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම අංශයේ සහකාර ගෘහපාලකවරයා ඇතුළු තිදෙනකු සේවයෙන් පහ කිරීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තීරණය කර ඇත. කථානායකවරයා මෙම තීරණය ගෙන ඇත්තේ එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ නිර්දේශ අනුවය.
මෙම ලිංගික අතවර සිද්ධිය වී ඇතැයි පැවසෙන්නේ පසුගිය 2023 වසරේ අගෝස්තු මාසයේදීය. ඒ පිළිබඳව මුලින්ම රටට තොරතුරු අනාවරණය කළේ ‘ලංකාදීප’ පුවත්පතයි. තොරතුරැ අනාවරණය කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර විසින් අභ්‍යන්තර පරීක්ෂණ මණ්ඩලයක් පත් කරනු ලැබීය.
එම මණ්ඩලය දුන් මූලික විමර්ශන වාර්තාව අනුව සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී එතුමියගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුව පත් කෙරිණ. කමිටු වාර්තාව එතුමිය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට පසුගියදා භාර දෙනු ලැබීය. මෙම ලිංගික අතවර සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහපාලන දෙපාර්තමේන්තුවේ සේවිකාවන් 15 දෙනෙකුගෙන් කමිටුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.
මේ අතර පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදු වී ඇතැයි පැවසෙන විවිධ අඩන්තේට්ටම් සහ ලිංගික හිරිහැර සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මහලේකම්වරියගේ නියෝගය පරිදි මේ දිනවල විමර්ශනයක් පැවැත්වේ.
සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මෙම සිද්ධිය පාර්ලිමේන්තුවේදී පසුගිය 7 වැනිදා අනාවරණය කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ සේවිකාවන් කිහිප දෙනෙකුගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි වාර්තාවේ.
මේ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ද බාහිර ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු සේවකයෝ කථානායකවරයාගෙන් ඉල්ලා සිටිති.
2025 නොවැම්බර් මස 21
29
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
143
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
990
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධිය කථානායක පාර්ලිමේන්තුවේ තිදෙනෙකු ගෙදර යවයි