උපුල් වික්‍රමසිංහ
ජනාධිපති අනුර කුමාර දිසානායක දිවුරුම් දී මාසයකට අධික කාලයක් ඉක්ම ගොස් ඇතත් විදේශ රටවල් 16 ක පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙබ් අඩවිවල මෙතෙක් ජනාධිපතිවරයාගේ හා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පත්වීම සම්බන්ධ තොරතුරු ඇතුළත් කර නොමැත.
ඒ අනුව ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, මැලේසියාව, කියුබාව, මහජන චීන සමූහාණ්ඩුව, දකුණු කොරියාව, ඉතියෝපියාව, තුර්කිය, කැනඩාව (ටොරොන්ටෝ මහ කොමසාරිස් කාර්යාලය), කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමානය, දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ ලෙබනනය යන රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හෝ මහ කොමසාරිස්
කාර්යාවලවල වෙබ් අඩවිවල එම තොරතුරු ප්‍රසිද්ධ කර නොමැත.
ඇතැම් තානාපති කාර්යාල මගින් පවත්වා ගෙන යන ෆේස් බුක් ගිණුම්වල ද මේ තොරතුරු ඇතුළත් කර නැත.
මේ අතර ඇතැම් තානාපති කාර්යාල වෙබ් අඩවිවල ජනාධිපති වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඡායාරූපයත් අග්‍රාමාත්‍යවරයා වශයෙන් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධනගේ ඡායාරූපයත් පළ කර ඇත. ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද එවැනි එකකි.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිවුරුම් දී මාසයයි: ජනපති අනුරගේ තොරතුරු රටවල් 16ක තානාපති කාර්යාල වෙබ් අඩවිවල නැහැ